slc
logo
Home   |    News
අගෝස්තු 9, 2024
සී.සී.සී. සහ ඒස් කැපිටල් අවසන් මහ සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08 දා) පැවැති අවසන් පූර්ව තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ඒස් කැපිටල් සහ සී.සී.සී. ක්‍රීඩා සමාජ සමත්වූහ. ඒ අනුව අදාළ අවසන් මහ තරගය සී.සි.සී. සහ ඒස් කැපිටල් අතර අගෝස්තු මස 11 වැනි ඉරිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති තරගයේදී ප්‍රබල එස්. එස්. සී. පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරමින් අවසන් මහ තරග උදාකර ගැනීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය සමත්විය. මෙහිදී ලකුණු 240 ක ඉලක්කයක් හඹා ගිය සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් ලකුණු 157 ක් වාර්තා කර ගැනීමට පවන් රත්නායක සමත්වූවේය.
පන්දු 117 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා තම ඉනිම සඳහා හයේ පහර 9 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් කළේය. ඔහුගේ පිත්තෙන් එල්ල කරන ලද හයේ පහරත් සමග තරගයේ ජය සී.සී.සී. කණ්ඩායමට හිමිවිය. ඔහුට අමතරව අංජල බණ්ඩාරද පන්දු 78 කදී ලකුණු 60 ක් වාර්තා කර ගත්තේ පවන් පරිදිම තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. මෙම ඉලක්කය හඹා යෑමේදී ලසිත් කෘෘස්පුල්ලේ (13) සහ විනුශ්ක සිල්වා (08) මුලු ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට දැවී ගිය නමුත් තෙවැනි කඩුල්ලට එක් වුණු අංජල බණ්ඩාර සහ පවන් රත්නායක ලකුණු 224 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් සී. සී. සී. කණ්ඩායම අවසන් මහ තරගයට රැගෙන ඒමට සමත්වූහ.
මේ අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මුවර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 98 ක දැවැන්ත ජයක් වාර්තා කළ ඒස් කැපිටල් කණ්ඩායම අවසන් මහ තරග වරම උදා කර ගත්තේය. මෙහිදී පළමුව පන්දුවට පහර දුන් ඒස් කැපිටල් පිලට පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 222 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබුණද එය හඹා යෑමේදී මුවර්ස් ක්‍රීඩා සමාජයට පන්දුවාර 25.4 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි.

ඒස් කැපිටල්ට ලකුණු 98 ක ජයක්
ඒස් කැපිටල් පපන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 222 යි
තනුක දාබරේ 43, හිරාන් ජයසුන්දර 13, සම්මු අශාන් 62, සකුන ලියනගේ 14, වනුජ සහන් 60, ධනුෂ්ක මදුශංක 39/4, පසිඳු සූරියබණ්ඩාර 27/2, රමේෂ් මෙන්ඩිස් 40/2
මුවර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 25.4 කදී සියලු දෙනා දැවී ලකුණු 124 යි –
සොහාන් ඩි ලිවේරා 21, පසිදු සූරියබණ්ඩාර 43, රමේෂ් මෙන්ඩිස් 16, රොහාන් සංජය 16, ශිරාන් ප්‍රනාන්දු 10, සිතුම් 40/4, නිම්සර අතරගල්ල 33/3

සී.සී.සී. පිලට කඩුලු 8 ක ජයක්
එස්.එස්.සී. පන්දුවාර 48.3 කදී සියලු දෙනා දැවී ලකුණු 239 යි
අවිශ්ක ප්‍රනාන්දු 42, ෂෙවෝන් ඩැනියල් 24, ක්‍රිෂාන් සංජුල 41, චරිත් අසලංක 37, නුවනිඳු ප්‍රනාන්දු 61, ලක්ෂාන් සඳකැන් 44/3, සොනාල් දිනූෂ 32/2, චතුරංග ද සිල්වා 41/4
සී.සී.සී. පන්දුවාර 35.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 245 යි –
පවන් රත්නායක 157, අංජල බණ්ඩාර 60, ලසිත් කෘෘස්පුල්ලේ 13,

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee