slc
logo
Home   |    News
සැප්තැම්බර් 29, 2024
උදේශිකාගේ කඩුලු ත්‍රිත්ත්වයක් – ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු පුහුණු තරගය ජය ගනිති

sinhala editor

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග වැදි පළමු ඇඟ උණුසුම් කිරීමේ තරගයෙන් බංග්ලාදේශ පිලට එරෙහිව පහසු ජයක් වාර්තා කර ගනිමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට සමත්විය. ලකුණු 33 ක ජයග්‍රහණයක් ලෙසින් සනිටුහන් වුණු මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩිකාවන් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීම කැපී පෙනිණ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 143 ක් රැස් කර ගැනීමට සමත්වූවේය. මෙහිදී පිත්තෙන් දස්කම් දැක්වූ හසිනි පෙරේරා ලකුණු 43 ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 30 වශයෙන් රැස් කළහ. ඊට අමතරව හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29 ක් ලබා ගත්තාය.

පන්දුවාර 20 ක් ඇතුළතදී ලකුණු 144 ක ඉලක්කයක් ආරක්ෂා කර ගැනීමේ අභියෝගය සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ බංග්ලාදේශ කාන්තා පිල අසරණ කරන ලද්දේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 කට එම ඉනිම ලකුණු 110 කට නවතාලමිනි.

පන්දු යැවීමේදී කැපී පෙනුණු සුගන්දිකා කුමාරි කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනිණය. 14 වැනි පන්දුවාරය යැවීමට පැමිණි සුගන්දිකා පළමු පන්දුවේදී ෂොර්නා අක්ටර් (08, දෙවැනි පන්දුාවේදී රිටූ මෝනි (00) සහ තෙවැනි පන්දුවේදී රෙබෙයා ඛාන් (00) දවා ගනිමින් එම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවාය. මෙහිදී කඩුලු ත්‍රිත්වය ලබා ගැනීම වෙනුවෙන් කඩුලු රැකි අනුෂ්කා සංජීවනී ස්ටම්ප් කිරීමකට දායකත්වය ලබාදීම කැපී පෙනුණි.

එම පන්දුවාරය යැවීම පෙර ලකුණු 61 කට කඩුලු 4 ක් ලෙසින් කියැවුණු බංග්ලාදේශ ලකුණු පුවරුව එක වරම ලකුණු 61 කට කඩුලු 7 ක් ලෙස කියැවිණි. උදේශිකාට අමතරව ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 2 ක් දවා ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 143 යි

හසිනි පෙරේරා 43, නිලක්ෂි ද සිල්වා 30, හර්ෂිතා සමරවික්‍රම 29, ෂොර්නා අක්ටර් 19/2

බංග්ලදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 110 යි

නිගර් සුල්තානා 30*, දීසා බිස්වාස් 25, සුගන්දිකා කුමාරි 08/3, ඉනෝෂි ප්‍රියදර්ශනී 11/2

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee