slc
logo
Home   |    News
සැප්තැම්බර් 27, 2024
වසරේ දක්ෂතම ක්‍රීඩිකාව – විශ්මි ක්‍රීඩකයා – දිනුර

sinhala editor

 තම මව්බිමට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නුදුරු අනාගතයේදීම ජාත්‍යන්තර කීර්තියක් ගෙන එන යෞවන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව 46 වැනි වතාවටත් පවත්වන ලද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වර්ණ ක්‍රිකට් සම්මාන 2024 ප්‍රධානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් විශ්මි ගුණරත්නත් දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ නායක දිනුර කළුපහනත් සම්මාන දිනාගත්හ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වන ලද මෙම සම්මාන ප්‍රධානය සැප්තැම්බර් මස 26 වැනිදා පස්වරුවේදී  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. උතාමත් උත්සවශ්‍රීෙයන් පැවැති මෙවර සම්මානයේදී සම්මාන 108 ක් පිරිනැමීම කැපී පෙනිණ. ඒ අතරින් කැපී පෙනුණු උක්ත වසරේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය, ජාතික කාන්තා කණ්ඩායමේ සාමාජිකා විශ්මි ගුණරත්න දිනාගනු ලැබුවේ පිට පිටම දෙවැනි වතාවට වීම කැපී පෙනුනි. ගම්පහ රත්නාවලී බාලිකා විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨව සිටින ඇය, එක්සත් අරාබි එමීර් රාජ්‍යජයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා පිටව ගොස් තිබුණ බැවින් ඇයට එම සම්මාන ලබා ගැනීමේ අවස්ථාවට සහභාගිවීමේ අවස්ථාව අහිමිවූවාය.

මේ වන විටත් රටවල් තිස්තුනක ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරතව සිටින මේ ජාත්‍යන්තර ක්‍රීඩාව නුදුරු අනාගතයේදීම ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ද ඇතුළත් වනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දෙමාපියන්, ගුරුවරුන්, පුහුණුකරුවන් ඇතුළු පිරිසක් දැනුම්වත් කළේ ඒ පිළිබඳව තමාට විශ්වාසයක් පවතින බව සඳහන් කරමිනි.

 වෘත්තීය මට්ටම දක්වා මේ වන විට සමාජ ගතව ඇති මේ ක්‍රීඩාවෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවනට අමතරව පුහුණුකරුවන්, භෞතික චිකිත්සකයන්, විනිසුරුවන්, තණතිලි සහ ක්‍රීඩාංගණ සකසන්නන් ඇතුළු විශාල ජනකායක් මේ හා සම්බන්ධව සිටින බව ද ක්‍රිකට් සභාපතිවරයා පෙන්නුම් කර දෙයි. මෙරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට පවා අදහාගත නොහැකි තරම් දක්ෂතා මේ වන විට ප්‍රදර්ශනය කිරීමෙන් සනාථ වන්නේ ශ්‍රී ලාංකිකයන් තුළ සහජයෙන්ම මේ ක්‍රීඩාවට ඇති දක්ෂතාව යැයි ද සභාපතිවරයා සඳහන් කරයි.

 2023 – 2024 කාලය තුළ දක්ෂතා දැක්වු යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමේ දක්ෂතම කණ්ඩායම් උපහාරයට ලක් කිරීම ද මෙහිදී සිදු කැරිණි.

 මේ වකවානුවේ දී පළාත් අනුව දක්ෂතා දැක් වු බාලක පාසල් ලෙස නම් කෙරුණේ උතුරු පළාතේ යාපනයේ ශාන්ත ජෝසප්, නැගෙනහිර පළාතේ කල්මුණේ සහිරා, ඌව පළාතේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස්, සබරගමුව පළාතේ බලංගොඩ ආනන්ද මෛත්‍රීය විදුහල, මධ්‍යම පළාතේ මහනුවර විද්‍යාර්ථ, දකුණු පළාතේ ගාල්ලේ මහින්ද විදුහල සහ බස්නාහිර පළාතේ කොළඹ මහානාම විද්‍යාලයන්ය.

  අවුරුදු 19න් පහළ බාලක බාලිකා i, ii සහ තෙවන කොටස්හි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවනට පුහුණුකරුවනට සහ ආචාර්යවරුන් මෙහිදී උපහාරයට ලක් කෙරුණු අතර දක්ෂතම කණ්ඩායම් හි විදුහල්පතිවරුනට මුදල් ත්‍යාග ද පිරිනැමිණි. එම ත්‍යාගයන් පිරිනමන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගිනි. ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුයේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණය.

 බාලක අවුරුදු 19න් පහළ දක්ෂතම පිතිකරු ලෙස පුළිඳු පෙරේරා ද දක්ෂතම පන්දු යවන්නා ලෙස විශ්ව ළහිරු කුමාර ද දක්ෂතම පන්දු රකින්නා ලෙස ෂාරුජන් ෂන්මුගනාදන් ද දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස දිනුර කළුපහන ද මෙහිදී සම්මාන ලැබීය.

බාලක අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන් අතුරින් හොඳම පිතිකාරිණිය ලෙස විශ්මි ගුණරත්න ද හොඳම පන්දු යවන්නිය ලෙස ශෂිනි ගිම්හානි ද හොඳම පිතිකාරිණිය ලෙස මනුදි නානායක්කාර ද හොඳම තුන්ඉරියව් ක්‍රීඩිකාව ලෙස මනුදි නානායක්කාර ද නම් කැරිණි. මේ අවස්ථාවට සහභාගි නොවු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දෙමාපියන් හෝ ආචාර්ය මණ්ඩල සාමාජිකයකු විසින් එම සම්මාන බාර ගන්නා ලදී.

 මේ සම්මාන උලෙළට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති තිලක් වාත්තුහේවා ඇතුළු නිලධාරී මණ්ඩලය ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරිහු ද සහභාගි වුහ.

අංකය   සම්මානය                                                          නම            පාසල

අවුරුදු 19 න් පහළ බාළිකා – කේවල

1          Div-ii හොඳම පිතිකාරිණිය – අනුශූරතාව                  යසංගි අයෝද්‍යා පියතිලක            ශ්‍රී මේධංකර ම.වි.-හොරණ

2          Div-ii හොඳම පිතිකාරිණිය – ශූරතාව                      අශානි කෞෂල්‍යා            වික්‍රමශීලා ජාතික පාසල – ගිරිඋල්ල

3          Div- ii හොඳම පන්දු යවන්නිය – අනුශූරතාව            චමිදු භාග්‍යා ජයසේකර            වික්‍රමශීලා ජාතික පාසල – ගිරිඋල්ල

4          Div- ii හොඳම පන්දු යවන්නිය – ශූරතාව                 ප්‍රමුදි මෙත්සරා            උහන ජාතික පාස – අම්පාර

5          Div- ii හොඳම කඩුලු රකින්නිය                             පුන්සරණි ප්‍රෙබා්ධා පතිරගේ            වික්‍රමශීලා ජාතික පාසල – ගිරිඋල්ල

6          Div- ii හොඳම පන්දු රකින්නිය – ශූරතාව                 ප්‍රමුදි මෙත්සරා            උහන ජාතික පාසල – අම්පාර

7          Div- ii හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – අනුශූරතාව     අශානි කෞෂල්‍යා            වික්‍රමශීලා ජාතික පාසල – ගිරිඋල්ල

8          Div- ii හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශූරතාව          ප්‍රමුදි මෙත්සරා            උහන ජාතික පාසල – අම්පාර

9          Div-i හොඳම පිතිකාරිණිය – අනුශූරතාව                  විශ්මි ගුණරත්න            රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ

10        Div- i හොඳම පිතිකාරිණිය – ශූරතාව                      මනුදි නානායක්කාර            වේල්ස් කුමරි විදුහල – මොරටුව

11        Div- i හොඳම පන්දු යවන්නිය – අනුශූරතාව             උමායා රත්නායක            රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ

12        Div- i හොඳම පන්දු යවන්නිය – ශූරතාව                  ෂෙහාරා ඉඳුවරී            දේවපතිරාජ විදුහල – රත්ගම

13        Div- i හොඳම කඩුලු රකින්නිය – ශූරතාව                 අන්ජලී ගමහේවගේ            රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ

14        Div- i හොඳම පන්දු රකින්නිය – අනුශූරතාව             සුමුදු නිසංසලා            දේවපතිරාජ විදුහල – රත්ගම

15        Div- i හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – අශූරතාව         රශ්මිකා සෙව්වන්දි            අනුර විද්‍යාලය – මාතර

16        Div- i හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශූරතාව           හසිනි විජේසිංහ            රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ

අවුරුදු 19 න් පහළ බාලක දෙදින ක්‍රිකට් – කේවල

17        Div-iii T-B හොඳම පිතිකරු – අනුශූරතාව                 අක්ෂ්‍යා චන්ද්‍රසිරි            එස්.බී.හේරත් ජාතික පාසල – ගනේවත්ත

18           Div-iii T-B හොඳම පිතිකරු – ශූරතාව                      හෂීන් සංචුක            අලුත්ගම මහ විදුහල

19           Div-iii T-B හොඳම පන්දු යවන්නා – අනුශූරතාව        විග්නේෂ්වරන් අකාෂ්            හාර්ට්ලි විදුහල – පේදුරු තුඩුව

20           Div-iii T-B හොඳම පන්දු යවන්නා – ශූරතාව             යසිරු අභිෂේක්            සාරාලංකාර මහ විදුහල – ගෝනපීනුවල

21           Div-iii T-B හොඳම කඩුලු රකින්නා                         මොහොමඩ් අෆාන්ස්            ශාන්ත මරියා විදුහල – හම්බන්තොට

22           Div-iii T-B හොඳම පන්දු රකින්නා                          තත්සර පීරිස්            කොට්ටාව ආනන්ද මහ විදුහල

23           Div-iii T-B හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – අශූරතාව  මිනිඳු පීරිස්            රාජකීය විදුහල – හොරණ

24           Div-iii T-B හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව    යසිරු අභිෂේක්             සාරාලංකාර මහ විදුහල – ගෝනපීනුවල

25           Div-iii T-A හොඳම පිතිකරු – අනුශූරතාව                 දසුන් ද සිල්වා            විද්‍යාලෝක විදුහල – ගාල්ල

26           Div-iii T-A හොඳම පිතිකරු – ශූරතාව                      ලිඳුල නුවන්ග            විද්‍යාලෝක විදුහල – ගාල්ල

27           Div-iii T-A හොඳම පන්දු යවන්නා – අනුශූරතාව        අලෝක් අප්පුහාමි            ලොයලා විදුහල – කොච්චිකඩේ

28           Div-iii T-A හොඳම පන්දු යවන්නා – ශූරතාව             දිමුතු තාරුක            රාජසිංහ විදුහල – හංවැල්ල

29           Div-iii T-A හොඳම කඩුලු රකින්නා                         පසිඳු පලිපාන            ඉබ්බාගමුව මැදි විදුහල

30           Div-iii T-A හොඳම පන්දු රකින්නා – ශූරතාව            නුමේෂ් එරන්ද            ආනන්ද ශාස්ත්‍රාලය – මතුගම

31           Div-iii T-A හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – අනුශූරතා නුවන් කලුආරච්චිගේ            ආනන්ද ශාස්ත්‍රාලය – මතුගම

32           Div-iii T-A හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව    දිමුතු තාරුක            රාජසිංහ විදුහල – හංවැල්ල

33        Div-ii T-B හොඳම පිතිකරු – අනුශූරතාව                  කවීෂ පෙරේරා            රාජකීය විදුහල – පානදුර

34        Div-ii T-B හොඳම පිතිකරු – ශූරතාව                       යොහාන් ප්‍රනාන්දු            මාරිස්ටෙලා විදුහල – තිඹිරිගස්කටුවාව

35        Div-ii T-B  හොඳම පන්දු යවන්නා – අනුශූරතාව        යොහාන් ප්‍රනාන්දු            මාරිස්ටෙලා විදුහල – තිඹිරිගස්කටුවාව

36        Div-ii T-B හොඳම පන්දු යවන්නා – ශූරතාව              විශ්ව පීරිස්            මාරිස්ටෙලා විදුහල – තිඹිරිගස්කටුවාව

37        Div-ii T-B හොඳම කඩුලු රකින්නා                          සොනාල් නෙත්මින            මාරිස්ටෙලා විදුහල – තිඹිරිගස්කටුවාව

38        Div-ii T-B හොඳම පන්දු රකින්නා                           මිතිල විශ්වජිත්            හේනේගම මැදි විදුහල

39        Div-ii T-B හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා – අනුශූරතාව මනිඳු හේරත්            බණ්ඩානරයක විදුහල – ගම්පහ

40        Div-ii T-B හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව      යොහාන් ප්‍රනාන්දු             මාරිස්ටෙලා විදුහල – තිඹිරිගස්කටුවාව

41        Div-ii T-A හොඳම පිතිකරු – අනුශූරතාව                  සුභාන් රණසිංහ            ගලහිටියාව මැදි මහ විදුහල

42        Div-ii T-A හොඳම පිතිකරු – ශූරතාව                       දෙනෙත් පීරිස්            ශාන්ත ජෝන් විදුහල – පානදුර

43        Div-ii T-A හොඳම පන්දු යවන්නා – අනුශූරතාව         මලිඳු ඩිල්ෂාන් සිල්වා            තිස්ස මැදි විදුහල – කලුතර

44        Div-ii T-A හොදම පන්දු යවන්නා – ශූරතාව              විශ්ව කුමාර                                   ශ්‍රී සුමංගල විදුහල – පානදුර

45        Div-ii T-A හොඳම කඩුලු රකින්නා                          ගීත්ම ප්‍රනාන්දු            ශාන්ත ජෝන් විදුහල – පානදුර

46        Div-ii T-A හොඳම පන්දු රකින්නා                           සෙතික දිල්මිත්            පිලියන්ද මැදි මහ විදුහල

47        Div-ii T-A හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා – අනුශූරතාව දෙනෙත් පීරිස්            ශාන්ත ජෝන් විදුහල – පානදුර

48        Div-ii T-A හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව     විශ්ව ළහිරු                                   ශ්‍රී සුමංගල විදුහල – පානදුර

අවු. 19 න් පහළ පළමු පෙළ දෙදින කේවල (බාළක)

50        Div-I T-B හොඳම පිතිකරුවා – අනුශූරතාව               තනුජ රාජපක්ෂ             තර්ස්ටන් විදුහල

51           Div-I T-B හොඳම පිතිකරුවා – ශූරතාව                    ලක්වින් අබේසිංහ            ධර්මරාජ විදුහල – මහනුවර

52           Div-I T-B හොඳම පන්දු යවන්නා – අනුශූරතාව         දුල්සත් නම්විරු            ශාන්ත ඇලෝසියස් විදුහල – ගාල්ල

53           Div-I T-B හොඳම කඩුලු රකින්නා                          චමෝද් ප්‍රසන්න            සිරිකුරුස විදුහල – කලුතර

54           Div-I T-B හොඳම පන්දු රකින්නා                           දර්ශක සංදීප්            දේවපතිරාජ විදුහල – රත්ගම

55           Div-I T-B හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා – අනුශූරතාව  ෂෙනන් රුද්‍රිගු            ශාන්ත පීතර විදුහල – කොළඹ

56           Div-I T-B හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව       සහන් කෞෂල්‍ය            ලුම්බිණි විදුහල – කොළඹ

57           Div-I T-A හොඳම පිතිකරු – අනුශූරතාව                  සදෙව් සමරසිංහ            නාලන්දා විදුහල

58           Div-I T-A හොඳම පිතිකරු – ශූරතාව                       ගයන වීරසිංහ            මලිියදේව විදුහල – කුරුණෑගල

59           Div-I T-A හොඳම පන්දු යවන්නා – අනුශූරතාව         මංජුල චන්තුක            ශාන්ත සෙබස්තියන් විදුහල – මොරටුව

60           Div-I T-A හොඳම පන්දු යවන්නා – ශූරතාව              කවීෂ පියුමාල්            ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට

61           Div-I T-A හොඳම කඩුලු රකින්නා                          කවිඳු කුරේ            වේල්ස කුමර විදුහල – මොරටුව

62           Div-I T-A හොඳම පන්දු රකින්නා                           ෂෙරන් අභිෂේක්            රිච්මන්ඩ් විදුහල – ගාල්ල

63           Div-I T-A හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා – අනුශූරතාව  ගයන වීරසිංහ            මලියදේව විදුහල – කුරුණෑගල

64           Div-I T-A හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා – ශූරතාව       තිසර ඒකනායක            ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට

අවුරුදු 19 න් පහළ සීමිත පන්දුවාර තරගාවලිය

65        Div-iii T-A සම ශූරතාව                                         විද්‍යාලෝක විදුහල – ගාල්ල

66        Div-iii T-A  සම ශූරතාව                                        ආනන්ද ශාස්ත්‍රාලය – කෝට්ටේ

67        Div-ii T-B සම ශූරතාව                                          අසෝක විදුහල – කොළඹ 

68        Div-ii T-B සම ශූරතාව                                          යාපනය මැදි විදුහල – යාපනය

69        Div-ii T-A සම ශූරතාව                                          ශාන්ත ජෝන් විදුහල – පානදුර

70        Div-ii T-A සම ශූරතාව                                          ලයිසියම් ජාත්‍යන්තර පාසල

71        Div-i T-B සම ශූරතාව                                           ලුම්බිණි විදුහල – කොළඹ

72        Div-i T-B සම ශූරතාව                                           තර්ස්ටන් විදුහල – කොළඹ

73        Div-i T-A අනුශූරතාව                                           ශාන්ත ජෝසප් විදුහල – කොළඹ

74        Div-i T-A ශූරතාව                                                ත්‍රිත්ව විදුහල – මහනුවර

පලාත් තරගාවලියේ දක්ෂතම කණ්ඩායම්

75        උතුරු පළාත                                                      ශාන්ත ජෝන් විිදුහල – යාපනය

76        නැගෙනහිර පළාත                                               සහිරා විදුහල – කල්මුණේ

77        ඌව පළාත                                                         ශාන්ත තෝමස් විදුහල – බණ්ඩාරනායක

78        සබරගමුව පළාත                                                 ආනන්ද මෛත්‍රී විදුහල – බලංගොඩ

79        වයඹ පළාත                                                        මලියදේව විදුහල – කුරුණෑගල

80        මධ්‍යම පළාත                                                     විද්‍යාර්ථ විදුහල – මහනුවර

81        දකුණු පළාත                                                      මහින්ද විදුහල – ගාල්ල

82        බස්නාහිර පළාත                                                 මහානාම විදුහල – කොළඹ

සමස්ථ ලංකා කණ්ඩායම් ශූරතා 

83        Div-ii අනුශූරතාව                                                උහන ජාතික පාසල – අම්පාර

84        Div-ii ශූරතාව                                                     වික්‍රමශීලා ජාතික පාසල – ගිරිඋල්ල

85        Div-i – අනුශූරතාව                                               රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ

86        Div-i – ශූරතාව                                                    රත්ගම දේවපතිරාජ විදුහල

87        Div-iii T-B අනුශූරතාව                                          ශාන්ත මරියා විදුහල – හම්බන්තොට

88        Div-iii T-B ශූරතාව                                               රාජකීය විදුහල – හොරණ

89        Div-iii T-A අනුශූරතාව                                          හරිස්චන්ද්‍ර විදුහල – මීගමුව

90        Div-iii T-A ශූරතාව                                               විද්‍යාලෝක විදුහල – ගාල්ල

91        Div-ii T-B අනුශූරතාව                                           රාජකීය විදුහල – පානදුර

92        Div-iii T-B ශූරතාව                                               මාරිස්ටෙලා විදුහල – තිමිරිගස්කටුවාව

93        Div-ii T-A අනුශූරතාව                                           තිස්ස මැදි විදුහල – කලුතර

94           Div-ii T-A ශූරතාව                                                ශ්‍රී සුමංගල විදුහල – පානදුර

95        Div-i T-B අනුශූරතාව                                            ලුම්බිණි විදුහල

96        Div-i T-B ශූරතාව                                                 ශාන්ත පීතර විදුහල – කොළඹ 

97        Div-i T-A අනුශූරතාව                                            ත්‍රිත්ව විදුහල – මහනුවර

98        Div-i T-A ශූරතාව                                                             රිච්මන්ඩ් විදුහල – ගාල්ල

විශේෂ කුසලාන

99        වසරේ දක්ෂතම පිතිකාරිණිය                                 විශ්මි ගුණරත්න            රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ

100       වසරේ දක්ෂතම පන්දු යවන්නිය                            ශෂිනි ගිම්හානි            දේවපතිරාජ විදුහල – රත්ගම

101       වසරේ දක්ෂතම පන්දු රකින්නිය                            මනුදි නානායක්කාර             වේල්ස් කුමරි විදුහල – මොරටුව

102       වසරේ තුන් ඉරියව් ක්‍රීඩිකාව                                  මනුදි නානායක්කාර            වේල්ස් කුමරි විදුහල – මොරටුව

103       වසරේ දක්ෂතම පිතිකරුවා                                   පුලිඳු පෙරේරා            ධර්මරාජ විදුහල – මහනුවර

104       වසරේ දක්ෂතම පන්දු යවන්නා                              විශ්ව ළහිරු                                   ශ්‍රී සුමංගල විදුහල – පානදුර

105       වසරේ දක්ෂතම පන්දු රකින්නා                             ශරුජන් ශන්මුගනාතන්            ශාන්ත බෙනඩික්ට් විදුහල – කොටහේන

106       වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා                     දිනුර කලුපහන            මහින්ද විදුහල – ගාල්ල

107       වසරේ පාසල් ක්‍රීඩිකාව                                         විශ්මි ගුණරත්න            රත්නාවලී බාලිකා විදුහල – ගම්පහ

108       වසරේ පාසල් ක්‍රීඩකයා                                         දිනුර කලුපහන            මහින්ද විදුහල – ගාල්ල

Active filters

Recent Posts

  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති
    කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee