ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 15 ‘ඒ‘ සහ ‘බී‘ යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇත. ‘ඒ‘ කොටසට ගුවන් හමුදාව, චිලව් මේරියන්ස්, පාණදුර, සී.සී.සී., බදුරලිය, එන්.සී.සී. සහ ගෝල් යන කණ්ඩායම් හත ද ‘බී‘ කොටසට යුද හමුදාව, නාවික හමුදාව, කෝල්ට්ස්, ටැමිල් යුනියන්, එස්.එස්.සී., කුරුණෑගල යූත්, ඒස් කැපිටල් සහ බී.ආර්.සී. යන කණ්ඩායම් අට ද අයත් වේ.
දිවයින පුරා පැවැත්වෙන මේ තරගාවලියේ මූලික තරග ඔක්තෝබර් 15,19,20,23,27,31 සහ නොවැම්බර් 04 සහ 08 යන දිනවලත් අවසාන පූර්ව තරග දෙක ලබන මස 12 වැනිදාත් අවසාන තරගය එම මස 19 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ ආරම්භක දිනය වන මේ මස 15 වැනිදා පැවැත්වෙන තරග හා ස්ථාන පහත දැක්වේ.
ඔක්තෝබර් 15
- චිලව් මේරියන්ස් – ගෝල් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
- පාණදුර – එන්.සී.සී. අතර පානදුර ක්‍රීඩාංගණය
- සී.සී.සී. – බදුරලිය අතර නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණය
- යුද හමුදාව – බී.ආර්.සී. අතර කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණය
- නාවික හමුදාව – ඒස්. කැපිටල් අතර වැලිසර නාවික හමුදා පිටිය
- කෝල්ට්ස් – කුරුණෑගල යූත් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණය
- එස්.එස්.සී. – ටැමිල් යුනියන් අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය