slc
logo
Home   |    News
නොවැම්බර් 28, 2024
එවදන් එලෙසින් – දර්ශන ගමගේ

sinhala editor

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුදිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු දර්ශන ගමගේ මහතා සමග පැවැති සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – ඔබගේ කණ්ඩායම ඉන්න තැන ගැන සතුටු වෙනවා ඇති…?

පිළිතුර – ඔව්. ඇත්තටම මෙය වේග පන්දු යවන්නන්ට පන්දු යවන්න ඉතා හොඳ කන්ඩිෂන් එකක්. ඔවුන් ඒකෙ ඉතා හොඳින් පන්දු යැව්වා. ඒ වගේම අපේ සැලසුම් ඒ විදියටම ක්‍රියාත්මක කිරීමට මැද්දෙදි හැකිවුණා.

ප්‍රශ්නය – කවද්ද ඔබ එක දඟ පන්දු යවන්නකු සමඟින් තරගයට යනවා කියලා තීරණය කළේ…?

පිළිතුර – අපි ඒ ගැන තීරණය කළේ ඊයේ දිනයේදී. අපි තීරණය කළේ අපි වේග පන්දු යවන්නන් තිදෙනෙකු සහ එක් දඟ පන්දු යවන්නකු සමග අවතීර්ණ වනවා කියලා.

ප්‍රශ්නය – ළහිරුව පාවිච්චි කරන්නේ ටෙස්ට් වලට විතරයි. එක්දින තරග වලදී ඔහුව භාවිතා කරන්නේ නෑ. ඉන්ජරීස්වලින් තොරව ඔහුව ටෙස්ට් තරගවලට භාවිතා කරන්නද එහෙම කරන්නේ…?

පිළිතුර – ළහිරු කුමාර අන්තිම සති කීපයකම හොද රිද්මයකට පන්දු යැව්වා. ඉතිං අපි වැඩිපුරම අපි මේ කාලයේ එයාව පාවිච්චි කරනවා ටෙස්ට් තරග සඳහා. වන්ඩේ වලට බලන්නේ නෑ කියලා නෑ. නමුත් වැඩිපුරම ටෙස්ට් ක්‍රිකට් වලට පාවිච්චි කරනවා. ඔහු හොඳින් පන්දු යවනවා. දකින්න ඇති විකට් එකේ තිබ්බ සපෝර්ට් එකත් එක්ක හොද චැනස්ල්වල ඔහු හොදට පන්දු යැව්වා. විශේෂයෙන් මේ ටෙස්ට් චැම්පියන්ශිප් එකේදී අපේ ටාගට් එකට අපි ළහිරු කුමාරව පාවිච්චි කරනවා.

ප්‍රශ්නය – අප්‍රිකාවේ දිනපු තරග වලදී දඟ පන්දු යවන්නන් තමයි කඩුලු ගත්තේ. නමුත් ඔබ හිතනවද වේගපන්දු යවන්න්න මත රැඳී ඉඳලා ජයගන්න පුලුවන් පන්දු යවන්න්න කණ්ඩායම තුළ ඉන්නවද කියලා කඩුලු 20 ලබාගන්න….?

පිළිතුර – අවසාන වසර කීපයේ අපිට හොද වේග පන්දු බලඇණියක් හිටියා. ඉතිං අපේ සැලසුම් තිබුණෙත් රටින් පිට තරගවලට ගිහිල්ලා කොහොමද මැච් එකක් දිනන්නේ කියලා. රටින් පිට අපිට තියෙන ලොකුම අභියෝගය තමයි වේග පන්දු යවන්නන් කඩුලු අරගෙන තරග දිනන එක. ඉතිං දැන් අපි ගාව ඒ අවශ්‍ය මිශ්‍රණය තියෙනවා. ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට දිගටම කරගෙන යන්න.

නිපන්දුව

ඇත්තටම ක්‍රීඩාංගණය හරහා ලොකු සුළඟක් යනවා. ළහිරු කුමාර පන්දු යැව්වේ හුළඟත් එක්ක. පොඩ්ඩක් රනප් එකේ ස්පීඩ් එකේ වෙනසක් වුණා. මං දැක්කා ඩ්‍රෙසිං රූම් එකේ ඉඳලා පිණිවිඩය යැව්වා. එයාට කෝප් කරගන්න බැරි වුණා. විවේකයෙන් පස්සේ ගිහිල්ලා ආපහු එයාගේ රනප් එක මාක් කරලා ඇඩ්වාන්ටේජ් එකක් දීලා. මොකද රනප් එකේ ස්පීඩ් එක අඩු කරලා හරියන්නේ නෑ, ඒක රිදම් එකේ තමයි හරිගස්ස ගන්න ඕන. අපි එජස්මන්ට් එකකලා. නමුත් අවාසනාවකට නෝ බෝල් පන්දුවකට දැවී ගියා බවුමා. ඉතිං මං හිතනවා ඒ දේ හදාගෙන හොදට බෝල් කරයි කියලා.

ළහිරු 144 ට පන්දු යැව්වා. ඒ ගැන මොකද හිතන්නේ.

ළහිරුගේ වේගය තමයි ඔහුගේ තියෙන ස්කිල් එක. මෑත කාලයේදී අපි ළහිරුව ගොඩක් බැලුවේ ඒ වේගවත් එක්ක කොන්ට්‍රෝල් එක තියාගන්නේ කොහොමද කියලා. මං හිතන්නේ අදටත් වඩා ඉස්සරහට එයා වේගයෙන් පන්දු යවයි. 14- 145 කෑල්ලේ එයා ගොඩක් හොඳට පන්දු යවයි.

වේග පන්දු යවන්නන්ගේ හොද මිශ්‍රණයක් තියෙනවා ඒ ගැන කතා කළොත්…

ඒකට මං හිතන්නේ අපේ ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එකෙත් පොඩි පොඩි වෙනස්කම් අවුරුදු ගාණක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළා. වේග පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවල ක්‍රීඩා කිරීම, එන්. එස්. එල්. වගේ තරගාවලි ක්‍රීඩා කිරීම වගේ දේවල් මං හිතන්නේ වේග පන්දු කරණයට වැඩිපුර නැඹුරුතාවයක් තිබ්බා. ඒ වගේම ඒ ටීම් එකේ වගේම ඉමර්ජින් ස්කොඩ්ස් වලත් තව ගොඩක් වේග පන්දු යවන්නන් පසු පෙළින් ගේනවා. මං හිතන්නේ ඒක අවුරුද්දක් නොවෙයි පසුගිය වසර කීපයේම තිබ්බ ප්‍රෝග්‍රෑම් එකක ප්‍රතිඵලයක්. දැන් ගොඩක් එකිනෙකට වෙනස් වේග පන්දු යවන්නන් ගොඩක් ඉන්නවා ජාත්‍යන්තර තරග වලදී අපිට පාවිච්චි කරන්න.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee