slc
logo
Home   |    News
නොවැම්බර් 4, 2024
ජාතික කණ්ඩායම්වලට උත්සව ඇඳුම් ‘සිග්නේචර්‘ වෙතින්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සව සහ සාමාන්‍ය අවස්ථාවල නිල ඇඳුම් සපයන්නා ලෙසින් මෙරට පිරිමි ඇඳුම් වෙළෙඳ ලකුණක් වන හමීඩියා සමූහ ව්‍යාපාරයේ සිග්නේචර් (Signature) සන්නාමය ඉදිරිපත්ව සිටියි. දෙපාර්ශ්වය අතර වන ගිවිසුම 2027 වසර දක්වා බල පැවැත්වෙනු ඇත.

අදාළ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 පිරිමි කණ්ඩායම් වලට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රකට් කණ්ඩායමේද උත්සව සහ සාමාන්‍ය අවස්ථාවලදී ඇඳුම් සැපයීම හමීඩියාස් සමාගම විසින් සිදුකරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඓතිහාසික ජයග්‍රහණයන් වන 1996 වසරේ ලෝක කුසලානය සහ 2024 වසරේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටියේ සිග්නේචර් වේ.

මෙම සම්බන්ධතාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානත්වයෙන් පැවැත්වීමට නියමිත තරගාවලි ඇතුළු අනෙකුත් සියලුම තරගාවලිවලදී ශ්‍රී ලංකා ජාතික පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සමඟ බලගැන්වෙනු ඇත.

එමෙන්ම මේ වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ උත්සව සහ සාමාන්‍ය අවස්ථාවල ඇඳුම් සහකරුවා ලෙසින් සිග්නේචර් ආයතනය කටයුතු කරන ලද්දේ ජාත්‍යන්තර ඉසව්වලදී ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දීම වෙනුවෙන් එම ආයතනය පවත්වාගෙන යන උරුමය දිගටම රදවා ගනිමිනි.

මෙම සහයෝගීතාවය නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා කොළඹදී පැවැති විශේෂ උත්සවයකදී දෙපාර්ශ්වය අතර ගිවිසුම් මාරු කර ගනු ලැබිණ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, එක්දින සහ විස්සයි-20 නායක චරිත් අසලංක, කාන්තා කණ්ඩායමේ සාමාජිකා හර්ෂිතා සමරවික්‍රම යන අයට අමතරව සිග්නේචර් ආයතනය වෙනුවෙන් එහි කලමනාකාර අධ්‍යක්ෂකවරුන් වන ෆවුසුල් හමීඩ් සහ අම්ජාඩ් හමීඩ් යන මහත්වරුද සහභාගිවූහ. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ කාන්තා ක්‍රිකට් පුහුණුකරු රුමේෂ් රත්නායක මෙන්ම ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee