slc
logo
Home   |    News
නොවැම්බර් 28, 2024
දකුණු අප්‍රිකානු පළමු ඉනිම 191 න් නවතියි

sinhala editor

ලකුණු 117 ක් තුළ කඩුලු 7 ක් දැවී ශ්‍රී ලංකාව හමුවේ තම දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව (128) බිද දැමීමේ අවධානමකට දකුණු අප්‍රිකානු කණ්ඩායම මුහුණ දුන්නද ටෙම්බා බවුමාගේ නායකත්වයේ ඉනිමත් කේෂව් මහරාජ්ගේ වේගවත් ඉනිමත් නිසා එම අවධානමෙන් මිදීමට සත්කාරකයින්ට හැකියාව ලැබිණ. කෙසේ වෙතත් දිවා ආහාරයට සුලු වේලාවකට පෙර දකුණු අප්‍රිකානු ඉනිම නිමා වනවිට ලකුණු පුවරුව ලකුණු 191 ක් වශයෙන් සටහන්ව තිබිිණ.

ඩර්බන් නුවර පැවැත්වෙන මෙම පළමු ටෙස්ට් තරගයේ පෙර දින මෙන් නොව හිරු රැස් වැටුණු උදෑසන පිතිකරුවන් වාසි දායක ලෙසින් තණතීරුව හැසිරෙනු ඇතැයි අපේක්ෂා කෙරුණි. එහෙත් ළහිරු කුමාර ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානු අවසන් කඩුලු 6 ම ලකුණු 111 කදී බිඳ දමා ගැනීමට අවස්තාව උදාවිය.

පැයට කිලෝ මීටර 140 කට වඩා වේගයෙන් පන්දු යැවූ ළහිරු කුමාර සිය පන්දු යැවීම ලකුණු 70 කට කඩුලු 3 ක් සටහන් කර ගනිද්දී, ප්‍රනාන්දු යුගලය වූ අසිත සහ විශ්ව අතර දැවී ගිය ඉනිමේ කඩුලු 5 ක් බෙඳී ගියහ. ඉනිමේ ඉතිරි කඩුලු 2 දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වූවේය. ඒ අනුව ප්‍රභාත් ජයසූරිය සහ ළහිරු කුමාර දෙදෙනාම මේ වන විට ටෙස්ට් කඩුලු 99 බැගින් දවාගෙන සිටින්නේ දෙවැනි ඉනිමේදී ටෙස්ට් කඩුලු 100 අභිබවා යෑමේ අපේක්ෂාවෙනි.

තම 17 වැනි ටෙස්ට් තරගයට සහභාගිවෙමින් සිටින ජයසූරිය දෙවැනි ඉනිමේදී කඩුල්ලක් දවා ගැනීමට සමත් වුවහොත්, වේගවත්ම ටෙස්ට් කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නන් අතර දෙවැනි සම ස්ථානය හිමිකර ගැනීමට හැකියාව පවතිනු ඇත. මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ 19 වැනි ශත වර්ෂයේදී එංගලන්තය නියෝජනය කරන ලද ජෝර්ජ් ලෝමෑන්වේ. ඔහු කඩුලු 100 සම්පූර්ණ කරගෙන තිබෙන්නේ මුහුණ දුන් 16 වැනි තරගයේය. ඒ අනුව ප්‍රභාත් දෙවැනි ඉනිමේදී එවැනි දස්කමක් දැක්වුවහොත් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 17 කදී කඩුලු 100 කඩඉම පසු කර යසීර් ෂා සමග සමතැන් ගනු ඇත.  

අද දිනයේ යවන ලද 8 වැනි පන්දුවේදී කඩුල්ලක් දවා ගනිමින් සාර්ථක ආරම්භයක් එක් කර දීමට ළහිරු කුමාර සමත්විය. එතැනින් නොනැවතුණු ළහිරු කෙටි පන්දුවකදී වියාන් මල්ඩර්ව ආබාධයකට නතු කරමින් පිටියෙන් ඉවත් කළේය. කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ඨ උඩ පන්දු රැකීම නිසා ජෙරල්ඩ් කොඑට්සි පිටියෙන් ඉවත් වන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුලු 7 කට ලකුණු 117 ක් ලෙසින් සටහන් විය.

අනතුරුව බවුමාට එක් වූ කේෂව් මහරාජ් කඩුල්ලේ රැඳී සිටිනවා වඩා ලකුණු වැදගත් යැයි තීරණය කරමින් වේගවත් පිති ප්‍රහාරයක නිරත විය. එහිදී ජයසූරිය ක්‍රියාත්මක කරන ලද සිව්වැනි පන්දුවාරයේදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. එහෙත් ජයසූරියට එල්ල කළ අයුරින්ම විශ්ව ප්‍රනාන්දුටද පහර එල්ල කිරීමට යෑමේදී මහරාජ් පිටියෙන් ඉවත් වූයේ මිඩ් ඕෆ් කලාපයේ පන්දු රැකි ධනංජය ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීමෙනි. අවසන් පිතිකරුවා ලෙස පිවිසි කගිසෝ රාබඩා සමග පන්දුවට පහර දුන් බවුමා වේගය වැඩි කිරීමට දරන ලද උත්සාහයේදී ලකුණු 70 කට දැවී ගියේ මුහුණ දුන් 117 වැනි පන්දුවේදී දැවී යමිනි.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar