පාකිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 143 ක අවාසියක් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට හිමි වුවද පළමු ඉනිමේ දී සිදුවුණු අතපසුවීම්වලින් පාඩමක් උගත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී එවැනි වැරදි කිසිවක් නොකිරීමටට වග බලාගත්හ. රාවල්පිණ්ඩිහි පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සටහන් වූයේ කඩුල්ලකට ලකුණු 77 ක් වශයෙනි.
සත්කාරකයින් වුවද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 115ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 258 කට සීමා කිරීමට ශ්‍රි ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පාකිස්තාන ඒ කණ්ඩායමට ලකුණු 143 ක පළමු ඉනිමේ සැලකිය යුතු වාසියක් හිමිවිය. කෙසේ වුවද ශ්‍රී ලංකා පිතිකරුවන් පරෙස්සමෙන් පන්දුවට පහර දීම නිසා මේ වන විට සමස්ථ තරගයේ පරතරය ලකුණු 66 ක් දක්වා අවම මට්ටමක පවතිනු ඇත.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටින අහන් වික්‍රමසිහ ලකුණු 48 ක්ද නිපුන් ධනංජය ලකුණු 23 ක්ද ලබා තරගයේ තෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ සූදානමින් පසුවෙති. දැවී ගිය එකම පිතිකරුවා වූ ඕෂධ ප්‍රනාන්දු කුරාම් ෂේෂාඩ් හමුවේ ලකුණු නොලබා දැවී ගියේ කඩුලු රකින නසීර්ට උඩ පන්දුවක් ලබා දෙමිනි.
පාකිස්තානු පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 3 ක් වාර්තා වීම කැපී පෙනිණ, අලී සාර්යාබ් (55), හුසේයින් තලාට් (56), සහ රොහෙල් නසීර් (55) එසේ අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවෝ බවට පත්වූහ. පන්ද යැවීමේදී ලකුණු 44 කදී කඩුලු 4 ක් දවා ගත් විශ්ව ප්‍රනාන්දු නැවත වරක් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනිමට සමත්වූවේය. ඔහු දවා ගන්නා ලද කඩුලු 4 න් 3 ක් ඉදිරි පෙළ පිතිකරුවන්ගේ වීම කැපී පෙනෙයි. ඊට අමතරව ඉසිත විජේසුන්දර සහ නිසල තාරක කඩුලු 2 බැගින් බිද හෙළද්දී වනුජ සහන් සහ සොනාල් දිනූෂ එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
හෙට තරගයේ තෙවැනි දිනයයි.
ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 33.1 කදී සියලු දෙනා දැවී ලකුණු 115 යි – (පසිඳු සූරියබණ්ඩාර 28, සොනාල් දිනූෂ 30, විශාද් රන්දික 18, ඉසිත විජේසුන්දර 13, කුරාම් ෂේෂාඩ් 32/4, කෂීෆ් අලී 31/5) සහ දෙවැනි ඉනිම පන්දුවාර 20 කදී කඩුල්ලක් දැවී ලලකුණු 77 යි – (නිපුන් ධනංජය 23*, අහන් වික්‍රමසිංහ 48*, ඕෂධ ප්‍රනාන්දු 00, කුරාම් ෂේෂාඩ් 19/1)
පාකිස්තානු ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 82.1 කදී සියලු දෙනා දැවී ලකුණු 258 යි – හුසේන් ටලාට් 56, රහේයිල් නසීර් 55, මොහොමඩ් සුලෙමන් 24, අලී සර්යාබ් 55, සමීන් ගුල් 13, අබ්දූල් ෆාසීහ් 26, විශ්ව ප්‍රනාන්දු 44/4, ඉසිත විජේසුන්දර 49/2 නිසල තාරක 57/2, වනුජ සහන් 36/1 සොනාල් දිනූෂ 42/1)