මොහොමඩ් සුලේමාන් සහ අලී සරියාබ් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 158 ක කඩුලු සම්බන්ධතාවය බිඳ දැමීමට නොහැකිවීම නිසා රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයෙන් පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 7 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට අද (බ්‍රහස්පතින්දා) පස්වරුවේදී සිදුවිය.
ජයග්‍රහණයට ආසන්නයට පැමිණෙන විට සුලේමාන් ලකුණු 86 ක් ලබා සිටියදී දැවී ගියද අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් අලී ලකුණු 83 ක් රැස් කරමින් පාකිස්තානු ඒ පිලේ ජයග්‍රහණය සනාථ වන තෙක් කඩුල්ලේ රැදී සිටියේය.
පෙර දිනයේ කඩුලු 4 ක් දවා ගෙන සිටි පාකිස්තානු ටෙස්ට් කණ්ඩායමේ වේග පන්දු යවන කුරාම් ෂාසාඩ් අද දිනයේ යවන ලද සිව්වැනි පන්දුවේදීම ලකුණු 62 ක් ලබා සිටි සොනාල් දිනූෂව දවා ගත්තේ ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එක්කාසු කර ගැනීමට ප්‍රථමය. එබැවින් පාකිස්තානු කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය පෙර දිනයේ වූ ලකුණු 222 ම බවට පත්විය.
දිනූෂගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ ෂාසාඩ් අද දිනයේදී තම පන්දු යැවීම ලකුණු 70 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් කර ගත්තේය. පළමු ඉනිමේ දීද දවා ගත් කඩුලු 4 සමඟ ඔහු ඉනිම දෙකේදීම ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 20 න් කඩුලු 9 ක්ම තමන් සතු කරගත්තේ ලකුණු 102 ක් පමණක් ලබා දෙමිනි.
ඉලක්කය හඹා යෑමේදී මොහොමඩ් හුරෙයිරා (09) සහ අබ්දූල් ෆසී (22) දෙදෙනාව මුලු ලකුණු සංඛ්‍යාව 32 ක්ව සිටියදී නරඹන්නන් බවට පත් කරන ලද්දේ පිළිවෙළින් ඉසිත විජේසුන්දර සහ විශ්ව ප්‍රනාන්දුය. එහෙත් තෙවැනි කඩුල්ලට එක් වුණු සුලේමාන් සහ සරියාබ්ගේ ලකුණු සම්බන්ධතාව නිසා එතෙක් ශ්‍රී ලංකාව සතු තිබූ තරගයේ වාසිය පාකිස්තානුවන් වෙත දෝලනය විය. වනුජ සහන් විසින් සුලේමාන්ගේ කඩුල්ල දවා ගන්නා විට මුලු ලකුණු සංඛ්‍යාව 190 දී සටහන් ිවි. පසුව පිටියට පිවිසි හයිදර් අලී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 14 කදී ලකුණු 19 ක් වාර්තා කරමින් තරගයේ ජය ඉක්මන් කළේය.
ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම ලකුණු 115 යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 96.4 සියලු දෙනා දැවී ලකුණු 364 යි – (වනුජ සහන් 73, නිපුන් ධනංජය 28, ඔෂධ ප්‍රනාන්දු 00, අහන් වික්රපපමසිහ 53, පසිඳු සූරියබණ්ඩාර 64, පවන් රත්නායක 60 සොනාල් දිනූෂ 62, විශාද් රන්දික 00, නිසල තාරක 05, ඉසිත විජේසුන්දර 03, විශ්ව ප්‍රනාන්දු 00*, කුරාම් ෂෙසාඩ් 70/4, කෂිෆ් අලී 79/2, මොහොමඩ් සුලෙමන් 21/2)
පාකිස්තානු ඒ පළමු ඉනිම පන්දුවාර 82 කදී ලකුණු 258 යි – (අබ්දූල් ෆසී 26, අලී සර්යාබ් 55, මොහොහඩ් සුලෙමන් 24, හුසේන් තලත් 56, රොහේල් නසීර් 55, සමීන් ගුල් 13, විශ්ව ප්‍රනාන්දු 44/4, ඉසිත විජේසුන්දර 49/2, නිසල තාරක 57/2, වනුජ සහන් 36/1, සොනාල් දිනූෂ 42/1) සහ දෙවැනි ඉනිම පන්දුවාර 53 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 222 යි – (අබ්දූල් ෆසී 22, අලී සර්යාබ් 83*, මොහොමඩ් සුලේමාන් 86, හයිදර් අලී 19*, විශ්ව ප්රනාන්ද් 65/1, ඉසිත විජේසුන්දර 38/1, වනුජ සහන් 58/1)
පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
නවසීලන්තය සමඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 45ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවේයය. මේ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන ගත්තේය.
වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ඕවර් 27කදී ජයග්‍රහණය සඳහා ලකුණු 221ක ඉලක්කයක් එල්ල වුවද, ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම හා පන්දු යැවීමේ දක්ෂතා මත කඩුලු 9ක් දැවී ලකුණු 175කට සීමා විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදී ඕවර් 49. 2කදී කඩුලු 5ක් දැවී ලකුණු 324ක් ලබාගත් අතර, ඇඳ හැලුණු වර්ෂාවෙන් පසු තරගය පැය දෙකහමාරක පමණ කාලයක් අත්හිටුවීමට සිඳුවිය. නවසීලන්තය පිළිතුරු ඉනිම සාර්ථකව ආරම්භ කළද මහීෂ් තීක්ෂණගේ හා චරිත් අසලංකගේ පන්දු යැවීම හමුවේ මුල් පෙළ කඩා වැටීමෙන් අපහසුතාවට ලක්විය.
මහීෂ් තීක්ෂණ නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 88දී හා 89දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළ අතර, චරිත් අසලංක නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 95දී හා 100දී තවත් කඩුලු දෙකක් බිදහෙලා ගත්තේය.
ශක්තිමත් ආරම්භයක් දුන් විල් යංග් ලකුණු 48කට හා ටිම් රොබින්සන් ලකුණු 35කට දැවී යෑමෙන් පසු නවසීලන්ත ඉනිම නිමාවන තුරු කඩුල්ලේ රැදී සිටි මයිකල් බ්‍රේස්වෙල් පන්දු 32කදී හතරේ පහර 5ක් එල්ල කොට නොදැවී ලකුණු 35ක් ලබා සිටියේය. ඩිල්ෂාන් මධුෂංක කඩුලු 3ක් මහීෂ් තීක්ෂණ සහ නායක චරිත් අසලංක අතර කඩුලු 2 බැගින් බිඳහෙලා ගත්හ.
ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ ලකුණු සබඳතාවක් ගොඩනැගූ කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු දෙවැනි කඩුල්ලට පන්දු 215කදී ලකුණු 206ක් රැස් කිරීම මෙම තරගයේ කැපීපෙණෙන සිඳුවීම විය.
කුසල් තම එක්දින දිවියේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 128කදී හයේ පහර 2ක් හා හතරේ පහර 17ක් සමඟ ලකුණු 143ක් ලැබූ අතර, අවිශ්ක පන්දු 115කදී හයේ පහර 2 හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 100ක් ලබා ගත්තේය. කුසල් හා අවිශ්ක ඔවුන්ගේ එරක්දින දිවියේ 4 වැනි එක්දින ශතක වාර්තා කිරීමට සමත් වූවේය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පිතිකරුවෙකු රුස් කළ ඉහළම ලකුණු වාර්තාව ද කුසල් මෙන්ඩිස් සතු කර ගත්තේය. චරිත් අසලංක පන්දු 28කදී හයේ පහර 2 හා හතරේ පහර 3ක් සමඟ ඉක්මන් ලකුණු 40ක් වාර්තා කළ අතර, ජනිත් ලියනගේ නොදැවී ලකුණු 12ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 12ක් ලබාගත් අතර, සදීර සමරවික්‍රම ලකුණු 5කට දැවී ගියේය.
දෙරට අතර දෙවැනි එක්දින තරගය මේ 17 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 324 (ඕවර් 49.2)
පැතුම් නිස්සංක 12, කුසල් මෙන්ඩිස් 143, අවිශ්ක ප්‍රනාන්දු 100, සදීර සමරවික්‍රම 5, චරිත් අසලංක 40, ජනිත් ලියනගේ නොදැවී 12, අතිරේක 12 (ජාකොබ් ඩර්ෆී 41/3, මයිකල් බ්‍රේස්වෙල් 73/1, ඉෂ් සෝදි 62/1)
නවසීලන්ත පිල කඩුලු 9ක් දැවී ලකුණු 175 (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ඕවර් 27)
විල් යංග් 48, ටිම් රොබින්සන් 35, මයිකල් බ්‍රේස්වෙල් නෙදැවී 34, මිචල් හේ 10, අතිරේක 9 ( ඩිල්ෂාන් මධුෂංක 39/3, මහීෂ් තීක්ෂණ 32/2, චරිත් අසලංක 15/2, ජෙෆ්රි වැන්ඩර්සේ 40/1)