පාකිස්තානයේ පැවැත්වෙන දෘෂ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 6ක අනුග්‍රහයක් පිරිනැමුවේය.
දෘෂ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 21ක් සඳහා ගුවන් ටිකට්පත් සහ වීසා ලබා ගැනීම සඳහා මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
මෙයට අමතරව සංචාරයට සූදානම්වීම උදෙසා ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට පුහුණුවීමට ක්‍රීඩාංගණ පහසුකම් හා පැති විකට් මෙන්ම පුහුණුවට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය මඟින් ලබාදීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා විසින් අනුග්‍රහයක චෙක්පත ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති සුදේශ් තරංග මහතා වෙත පසුගියදා පිරිනැමූ අතර, ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාව අඛණ්ඩව කරගෙන යෑමට නිරතුරුව සහයෝගය ලබාදේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2014 වසරේ සිට අවස්ථා ගණනකදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදී ඇති අතර, එම සංචාරවලදී අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ද පිරිනැමුවේය.
වසර 2014දී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සිදුකළ ඔස්ට්‍රේලියානු සංචාරය, 2016 ආසියානු කුසලාන තරගාවලිය, 2017 වසරේ පැවැති දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය, 2018 වසරේ එක්දින දෘෂ්‍යාබාධිත ලෝක කුසලානය, 2019දී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත පිලේ පාකිස්තාන සංචාරය සහ 2022 දී ඉන්දියාවේ පැවති විස්සයි20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දිරිගන්වන සුළු අනුග්‍රහකත්වය පිරිනමන ලදී.