slc
logo
Home   |    News
නොවැම්බර් 30, 2024
ලෝක කුසලාන තරගාවලියට යන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලට
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රු. මිලියන 6ක අනුග්‍රහයක්

sinhala editor

පාකිස්තානයේ පැවැත්වෙන දෘෂ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 6ක අනුග්‍රහයක් පිරිනැමුවේය.

දෘෂ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 21ක් සඳහා ගුවන් ටිකට්පත් සහ වීසා ලබා ගැනීම සඳහා මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

මෙයට අමතරව සංචාරයට සූදානම්වීම උදෙසා ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට පුහුණුවීමට ක්‍රීඩාංගණ පහසුකම් හා පැති විකට් මෙන්ම පුහුණුවට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය මඟින් ලබාදීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා විසින් අනුග්‍රහයක චෙක්පත ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති සුදේශ් තරංග මහතා වෙත පසුගියදා පිරිනැමූ අතර, ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාව අඛණ්ඩව කරගෙන යෑමට නිරතුරුව සහයෝගය ලබාදේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2014 වසරේ සිට අවස්ථා ගණනකදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදී ඇති අතර, එම සංචාරවලදී අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ද පිරිනැමුවේය.

වසර 2014දී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සිදුකළ ඔස්ට්‍රේලියානු සංචාරය, 2016 ආසියානු කුසලාන තරගාවලිය, 2017 වසරේ පැවැති දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය, 2018 වසරේ එක්දින දෘෂ්‍යාබාධිත ලෝක කුසලානය, 2019දී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත පිලේ පාකිස්තාන සංචාරය සහ 2022 දී ඉන්දියාවේ පැවති විස්සයි20 දෘෂ්‍යාබාධිත ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දිරිගන්වන සුළු අනුග්‍රහකත්වය පිරිනමන ලදී.

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

USD United States (US) dollar