ඩර්බන් නුවරදී අද (27 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය පන්දුවාර 20.4 කට සීමා වූ නමුත් එතෙක් පැවැති තරගයේ උපරිම වාසි ලබා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත්වී සිටියහ. අයහපත් කාලගුණය හේතුවෙන් දිවා ආහාරයට පෙර තරගය නිමා කරන විටත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අති විශිෂ්ඨ පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4 කට ලකුණු 80 ක් ලෙසිනි.
දිවා ආහාරයට මඳ වේලාවකට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය නතර කර දමන ලද අතර ප.ව. 3.00 ට පළමු දිනට අතහැර දැමුණු බවට විනිසුරුවරයෝ නිවේදනය කර සිටියහ.
අඳුරු වූ ඩර්බන් අහස යට කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කර සිටීමේ වාසිය ලබා ගැනීමට ගත වූයේ තරග ආරම්භ වී තෙවැනි පන්දුවාරය යැවීම අවසන් වීමට පමණි. එහිදී ක්‍රියාත්මක වුණු අසිත ප්‍රනාන්දු ස්ලිප් ස්ථානයේ පන්දු රැකි ඇන්ජලෝ මැතිව්ස්ගේ සහායද ඇතිව ඒඩ්න් මාක්‍රම්ව පිටියෙන් ඉවත් කරන ලද්දේ පිතිකරුගේ සිරුරේ සිට එළියට දෝලනය කරන ලද පන්දුවකිනි.
අසිතට අමතව වමත් වේග පන්දු යවන්නා වූ විශ්ව ප්‍රනාන්දුද වේග පන්දු යවන්නන්ට උචිත ලෙසින් සැලෙකන ඩර්බන් තණතීරුවේදී ඉතා හොඳ පන්දු යැවීමක නිරත වෙමින් ටෝනි ද සෝර්සිගේ කඩුල්ල දවා ගනු ලැබුවේ මුලු ලකුණු සංඛ්‍යාව 14 ක්ව සටහන්ව තිබියදීය. එහෙත් තෙවැනි කඩුල්ලට එක් වුණු නායක ටෙම්බා බවුමා සහ ට්‍රිස්ටන් ස්ටබ්ම් පළමු සිසිල් පැන් පානය තෙක් කඩුල්ලේ සම්බන්ධතාව රැගෙන ගියේ ලකුණු 32 ක් රැස් කරමිනි.
එම ලකුණු සම්බන්ධතාවයේ බොහෝමයක් ලකුණු පිතිකරුගේ පිත්තේ පිටත දාරයේ වැදී ගිය ලකුණු ලෙසින් සටහන් වි. කෙසේ වෙත්ත ශ්‍රී ලංකා පිලේ වේගවත්ම පන්දු යවන්නා වන ළහිරු කුමාර පැමිණි විගසම ස්ටබ්ස් දවා ගනු ලැබුවේ තෙවැනි ස්ථානයේ පන්දු රැකි දිමුත් කරුනාරත්නගේ සහායද ඇතිව දවා ගනු ලැබුවේ ලකුණු 16 ක් ලබා සිටියදීය. ඉන් පසු පිටියට පිවිසි ඩේවිඩ් බෙඩිංහම්ටද පන්දු 6 ක් පමණක් කඩුල්ලේ රැඳී සිටීමට සැලැස්වූ ළහිරු, පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දවමින් දවා ගත්තේය. පිට ඉන්නේ වැදුණු පන්දුව නිසා ඉන්න කරත්ත රෝදයක ආකාරයෙන් කඩුල්ලෙන් පිටුපසට ඇදී ගිය ආකාරය දිනයේ බිඳ වැටුණු කඩුලු අතර සුවිශේෂීත්වයක් ගත්තේය.
දෙවැනි දිනටත් පන්දුවට පහර දීම සඳහා අවස්ථාව උදාකර ගෙන සිටින බවුමා ලකුණකු ලබා සිටියදී දුන් උඩ පන්දුව දෙවැනි ස්ලිප් ස්ථානයේ පන්දු රැකී දිමුත් කරුණාරත්න අතින් ගිලිහී නොයන්නට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුලු 3 ට ලකුණු 16 ක් වනු ඇත. එහෙත් එම උඩ පන්දුව ගිලිහී යෑමේ වරමින් තවදුරටත් ලකුණු රැස් කරමින් සිටි බවුමා යළිත් වරක් ළහිරු කුමාර විසින් දවා ගනු ලැබවේය.
ළහිරුගේ පන්දුවකට හුක් පහරක් ගැසීමේදී එය වැරදී යෑමෙන් කඩුලු රැකි කුසල් මෙන්ඩිස්ගේ දෑත් අතර සිරවිණ. එහෙත් එය නිපන්දුවක් බවට විනිසුරු සංඥා කළ හෙයින් බවුමාට තවදුරටත් පිටියේ රැඳී සිටීමට වාසනාව උදාවිය. කෙසේ වෙතත් ඊට සුලු මොහොතකට පසු වර්ෂාවෙන් බාධා ඇති වන විටත් කඩුල්ලේ රැදී සිටි බවුමා නොදැවී ලකුණු 28 ක් ලබා සිටියේය.
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාව පළමු ඉනිම පන්දුවාර 20.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 80 යි
(ඒඩ්න් මාක්‍රම 09, ටෝනි ඩි සෝර්සි 04, ට්‍රිස්ටන් ස්ටබ්ස් 16, ටෙම්බා බවුමා 28*, ඩේවිඩ් බෙඩිංගහැම් 03, කයිල් ව.රීන් 09*, ළහිරු කුමාර 35/2, විශ්ව ප්‍රනාන්දු 17/1, අසිත ප්‍රනාන්දු 22/1)