slc
logo
Home   |    News
නොවැම්බර් 2, 2024
ශ්‍රී ලංකාව හොංකොං සික්සස් අවසන් වටයට

sinhala editor

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද (2)පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (3) පැවැත්වෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව හෙට දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය හමුවන අතර, පළමු අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය තරග වදිති.

මෙම අවසන් පූර්ව තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක හෙට අවසන් මහා තරගයේදී මෙවර හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව වෙනුවෙන් සටන් බිමට පිවිසේ. එම අවසන් මහා තරගය හෙට පස්වරු 2.15ට හොංකොං මොන්ග් කොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඩී‘ කාණ්ඩයෙන් මූලික වටයේ තරග සඳහා එක්වූ අතර, ඊයේ ඕමාන කණ්ඩායම කඩුලු 4කින් හා බංග්ලාදේශය ලකුණු 18කින් පරාජයට පත් කරමින් එම කාණ්ඩයේ පෙරමුණ ගත්තේය.

ශ්‍රී ලංකාව හා නේපාලය අතර අද පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 40ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් නේපාලය මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර් 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 132ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල සය සාමාජික කණ්ඩායම ඕවර් 5කදී සියලු දෙනා දැවී ලකුණු 83ක් ලබා ගත්තේය.

ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 14කදී හයේ 5ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 50ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගිය අතර, තනුක දාබරේ පන්දු 9කදී හතරේ 3ක් සමඟ ලකුණු 18ක්, ළහිරු මධුසංඛ පන්දු 8කදී හයේ පහර 4ක් හා හතරේ 1ක් සමඟ නොදැවී ලකුණු 31ක් හා ළහිරු සමරකෝන් පන්දු 5කදී හයේ පහර 3ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 22ක් ලබා  ගත්හ.

පන්දු යැවීමේදී නොපාල පිතිකරුවන් අසරණ කළ  ළහිරු සමරකෝන් හා තරිඳු රත්නායක කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee