slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ කඩුලු 6ක් අතැතිව ලකුණු 180ක් ඉදිරියෙන්

sinhala editor

පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 6ක් අතැතිව ලකුණු 180ක් ඉදිරියෙන් සිටී.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ලබාගත් ලකුණු 310ට පිළිතුරු ලෙස පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම ලකුණු 287කට දැවීගිය අතර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 157ක් වී තිබේ.

පළමු ඉනිමේදී දක්ෂතා දැක්වූ සොනාල් දිනූෂ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 51ක් ලබා සිටින අතර, පවන් රත්නායක නොදැවී ලකුණු 64ක් ලබා සිටී. සොනාල් හා පවන් 5 වැනි කඩුල්ලට නොබිඳුනු ලකුණු 111ක සබඳතාවක් ගොඩ නැගීමට සමත්ව සිටිති. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 46ක් තැල දැවීගොස් තිබියදී මේ පිතිකරුවන් දෙදෙනා එක්ව සාර්ථක සබඳතාවක් ගොඩ නැගීමෙන් පාකිස්තාන පන්දු යවන්නන් වෙහෙසට පත් වූහ.

පාකිස්තාන පළමු ඉනිමේදී වනුජ සහන් ලකුණු 74කට කඩුලු 5ක් හා චාමික, ඉසිත, නිපුන් හා සොනාල් කඩුල්ල බැගින් බිඳහෙලා ගත්හ.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ පළමු ඉනිමේදී ඉසිත විජේසුන්දර පන්දු 41කදී හයේ 3ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 51ක් ලබා අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත් වූ අතර, සොනාල් දිනූෂ පන්දු 172කට මුහුණදී හතරේ පහර 7ක් එල්ල කරමින් නොදැවී ලකුණු 85ක් ලබා ශ්‍රී ලංකා ඉනිමට කැපී පෙනෙන සේවයක් ඉටු කළේය.

තරගයේ කාසි‍යේ වාසිය හිමිකර ගත් පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමේ අපේක්ෂා බිඳ දැමූ ශ්‍රී ලංකා මැද පෙළ හා පසු පෙළ පිතිකරුවන් අතර, වනුජ සහන් පන්දු 79කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 63ක් ලබාගත් අතර, අහන් වික්‍රමසිංහ ලකුණු 30ක් හා දිනුර කළුපහන ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ මුල් කඩුලු 5ක් ලකුණු 35කට දැවී ගොස් තිබියදී පවන් රත්නායක හා සොනාල් දිනූෂ 6 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩනැගූ අතර, පවන් රත්නායක ලකුණු 35කට දැවී ගියේය.

හෙට තරගයේ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 310යි (ඕවර් 79)
අහන් වික්‍රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 85, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, අතිරේක 14 (කුරාම් ෂෙසාඩ් 30/6, අහමඩ් සාෆි අබ්දුල්ලා 100/2)

පාකිස්තාන ‘ඒ‘ පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 212යි (ඕවර් 71)
අබ්දුල්ලා ෆාසී 59, අලි සර්යාබ් 32, මොහොමඩ් සුලේමන් 40, හෙයිඩර් අලි 35, හුසේන් ටලාට් 25, අහමඩ් සාෆි 39, අතිරේක 22 (වනුජ සහන් 74/5, චාමික ගුණසේකර 41/1, ඉසිත විජේසුන්දර 56/1, නිපුන් ධනංජය 33/1, සොනාල් දිනූෂ)

ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 157යි (ඕවර් 45.2)
අහන් වික්‍රමසිංහ 15, පවන් රත්නායක නොදැවී 64, සොනාල් දිනූෂ නොදැවී 51, අතිරේක 5 (අහමඩ් බසීර් 44/2)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee