පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු වැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී ලකුණු 221 කින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති. තරගයේ තුන්වැනි දිනය වූ අද (13 වැනිදා) දිනට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 394 ක් රැස් කරගෙන සිටියේ තවත් කඩුල්ලක්ද අත දරාගෙනය.
දිනය හමාර වන විට මැද පෙළ පිතිකරු සොනාල් දිනූෂ ලකුණු 62 ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියහ.
පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දුර්වල පිතිහරඹයක් පෙන්නුම් කළ හෙයින් ලකුණු 143 ක පළමු ඉනිමේ වාසියක් අත්කර ගැනීමට පාකිස්තානු ඒ කණ්ඩායමට හැකියාව ලැබිණ. එවන් පීඩනයක් හිස දරාගෙන දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඒ පිතිකරුවන් අතරින් අහන් විික්‍රමසිංහ (53), නායක පසිඳු සූරියබණ්ඩාර (64), පවන් රත්නායක (60), වනුජ සහන් (62), සහ සොනාල් දිනූෂ (නොදැවී 62) අර්ධ ශතක රැස් කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථාවරත්වයක් සකසා ගැනීමට හැකියාව ලැබිණ.
දෙවැනි ඉනිමේදී ද මුල් පෙල කඩුලු 3 ම ලකුණු 87 ක් ඇතුළතදී බිඳ වැටුණු නමුත් පිටියට එක්වූ නායක සූරියබණ්ඩාර සහ පවන් රත්නායක දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක් එක් කළහ. එහෙත් යළිත් ලකුණු 13 ක් ඇතුළත පිතිකරුවන් සිව් දෙනෙකු දැවී යෑම නිසා ශ්‍රී ලංකා පිල යළිත් අසීරුතාවයකට මුහුණ දුන්නේය. ඒ කඩුලු 7 කට ලකුණු 226 ක් ලෙසිනි. කෙසේ වෙතත් සොනාල් දිනූෂ සහ වනුජ සහන් එක් ධෛයවන්ත ලෙසින් 8 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 130 නිසා ශ්‍රී ලංකා පිලට මෙම තරගයේදී හිස එසවීමට යළිත් අවස්තාව උදාවිය.
එම සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 250 කඩඉම පමණක් නොව තරගයේ වාසියද ලකුණු 200 ඉක්මවා යෑමට හැකියාව ලැබිණ.
හෙට තරගයේ සිව්වැනි සහ අවසාන දිනයයි.
ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම ලකුණු 115 යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 96 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 364 යි – (වනුජ සහන් 73, නිපුන් ධනංජය 28, ඔෂධ ප්‍රනාන්දු 00, අහන් වික්‍රපපමසිහ 53, පසිඳු සූරියබණ්ඩාර 64, පවන් රත්නායක 60 සොනාල් දිනූෂ 62, විශාද් රන්දික 00, නිසල තාරක 05, ඉසිත විජේසුන්දර 03, විශ්ව ප්‍රනාන්දු 00*, කුරාම් ෂෙසාඩ් 70/4, කෂිෆ් අලී 79/2, මොහොමඩ් සුලෙමන් 21/2)
පාකිස්තානු ඒ පළමු ඉනිම පන්දුවාර 82 කදී ලකුණු 258 යි – (අබ්දූල් ෆසී 26, අලී සර්යාබ් 55, මොහොහඩ් සුලෙමන් 24, හුසේන් තලත් 56, රොහේල් නසීර් 55, සමීන් ගුල් 13, විශ්ව ප්‍රනාන්දු 44/4, ඉසිත විජේසුන්දර 49/2, නිසල තාරක 57/2, වනුජ සහන් 36/1, සොනාල් දිනූෂ 42/1)