slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2024
අභිනව ටී-10 තරගාවලිය හෙට පල්ලෙකැලේදී ඇරඹෙන වගයි

sinhala editor

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් අධි වේගයට රැගෙන යමින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (11 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරෙනු ඇත. තරග ආරම්භයට පෙර තරගාවලිය නිල වශයෙන් ආරම්භ කෙරුණු වග සංකේතවත් කරනු ලබන නැටුම් ගැයුම් රැඟුම්වලින් සමන්විත විචිත්‍රවත් සමාරම්භක උළෙල ප.ව. 2.45 සිට පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට් තරගවලියේදී එම සමාරම්භක උළෙලින් පසු ජැෆ්නා ටයිටෑන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතර තරගයෙන් ආරම්භ වනු ඇත. එම තරගය ප.ව. 4.00 ට ආරම්භවීමට නියමිතය.

මේ මස 11 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ටී-10 තරගාවලියේ එක් දිනකදී තරග 3 ක් පැවැත්වෙනු ඇත. ඒ අනුව සමාරම්භක දිනයේදී උක්ත තරගයට පසු නුවරඑරළිය කිංග්ස් – කලම්බු ජැගුවර්ස් ප.ව. 6.15 ටද කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස් තරගය රාත්‍රී 8.30 ට ද ආරම්භ වනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතිය ලෙසින් සැලෙකන මෙම ටී-10 තරගාවලිය කණ්ඩායම් 6 කගේ සහභාගිත්වයෙන්  පැවැත්වේ. ‘ඒ‘ සහ ‘බි‘ කාණ්ඩ යටතේ කණ්ඩායම් බෙදා පැවැත්වෙන මූලික වටයේදී ජැෆ්නා ටයිටෑන්ස්, හම්බන්තොට බංග්ලා ටයිරග්ස්, නුවරඑළිය කිංග්ස් ‘ඒ‘ කාණ්ඩය යටතේද කලම්බු ජැගුවර්ස්, කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස් ‘බී‘ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත. මෙහිදී එක් කණ්ඩායමක් මූලික වටය යටතේ තරග 7 කට සහභාගිවීමට නියමිතව සිටියි.

 මෙම අභිනව ටී-10 තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 19 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. අවසන් මහ තරගයට පෙර තරගාවලියේ දෙවැනි වටය හෙවත් පිළිමළුන් පිටු දැකීමේ තරග වටය හෙවත් එලිමිනේටර් තරගයක්ද මෙම තරගාවලියේදී පැවැත්වෙනු ඇත. සුදුසුකම් ලැබීමේ පළමු තරගය, එලිමිනේටර් තරගය මෙන්ම සුදුසුකම් ලැබීමේ තරගයද දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee