slc
logo
Home   |    News
දෙසැම්බර් 6, 2024
ආසියානු ක්‍රිකට් මුල් පුටුව ශම්මි සිල්වා මහතාට

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන් පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා අද (06 වැනිදා) සිය ධුරයේ වැඩ රාජකාරි භාරගනු ලැබීය. ශම්මි සිල්වා මහතා එම ධුරයේ නිල වශයෙන් කටයුතු භාර ගත් බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

ගෙවී ගිය වසර කීපයේදීම ආසියානු ක්‍රිකට් කවුන්සිල මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශම්මි සිල්වා මහතා, නව ධුරය ලැබීම පිළිබඳව අදහස් දක්වමින්, “ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නායකත්වය ලබා දීමට අවස්ථාව හිමිවීම විශාල ගෞරවයක්. ක්‍රිකට් කියන්නේ ආසියාවේ හද ගැස්ම වන අතර, ක්‍රීඩාව නඟා සිටුවීමට, නැගී එන දක්ෂතා සඳහා අවස්ථාව ලබා දීමට සහ මෙම සුන්දර ක්‍රීඩාව තුළින් අපව එක්සත් කරන බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් සියලුම සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා“ යනුවෙන් සඳහන් කර සිටියේය.

මෙහිදී ආසියානු සභාපති තනතුරෙන් ඉවත්ව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ධුරය භාරගත් හිටපු ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ජේ ෂා මහතාගේ ධුර කාලයේදී කළ සේවය වෙනුවෙන් ඔහුටද ස්තූති කිරීමට ශම්මි සිල්වා මහතා අමතක නොකළේය. ආසියානු ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම තරගාවලිය වන ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් 2024 වසරේ සිට 2031 වසර දක්වා ඉතිහාසයේ මෙතෙක් ලද ඉහළම අගය ලබා ගැනුණේ ජේ ෂා මහතාගේ සභාපති ධුරය හොබවන අවධියේ වීම නිසා ඒ පිළිබඳව සිල්වා මහතා සිය කෘතඥතාවය පළ කර සිටියේය.

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee