slc
logo
Home   |    News
දෙසැම්බර් 14, 2024
ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට

sinhala editor

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද රත්මලාන ජනසතුසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ අලුතින් ඉදිකරන ලද ක්‍රීඩා සංකීර්ණ ගොඩනැගිල්ල ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ අයිතියට පත් කිරීම ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14 වැනිදා) සිදුකෙරිණ.

නවීන පහසුකම්වලින් සමන්විතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 60 කට ආසන්න මුදලක් වැය කොට ඉදිකරන ලද ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ ගොඩනැගිල්ල ද විවෘත කිරීම අද දිනදීම සිදුවීම විශේෂත්වයක් විය. ජනසතුසේවා ක්‍රිකට් සංගම සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලීන් අපෝන්සු සහ එහි ලේකම් උදය ඉමල්ෂ මහත්වරුන්ගේ ආරාධනයකට අනුව සභාපති ශම්මි සිල්වා මහතා මෙම අවස්ථාවට සහභාගිවිය.

ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල්වලට දැනට පවතින ක්‍රීඩාංගණ අඩුපාඩුවට මෙම ජනසතු සේවා ක්‍රීඩාංගණය හොඳ විකල්පයක් වී තිබෙන අතර නුදුරේදීම එහි පාසල් ක්‍රිකට් තරගවලට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මූලික වයස් කාණ්ඩ තරගද පැවැත්වීමේ හැකියාව පවතිනු ඇත. එමෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කර ගැනීම සඳහා වන  පුහුණුවීම්ද සිදුකරගැනීමේ අවස්ථාව මෙම ක්‍රීඩාංගණය හරහා අවස්ථාව හිමිවනු ඇත.

මෙම අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණ ගොඩනැගිල්ලට අමතරව නුදුරේදීම මෙහි ලකුණු පුවරුවද ස්ථාපිත කෙරේ. එමෙන්ම ජනසතු සේවා ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිතා කිරීමට හැකිවනු පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයක් ජනසතු සේවා ක්‍රීඩාංගණයේ ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කර තිබෙන අතර එහි ප්‍රගතිය සොයා බැලූ සභාපතිවරයා මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාට අමතරව, එහි උප සභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ජනසතු සේවා සංගමයේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලීන් අපෝන්සු යන මහත්වරුන්ට අමතරව ජාතික සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි මහතාද ඇතුළු ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් රැසක් මේ අවස්ථාවට සහභාගිව සිටියහ.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee