slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2024
දික්වැල්ලගේ තහනම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය

sinhala editor

තහනම් උත්තේජක චෝදනා මත ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම මාස 3 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) ගත් තීරණය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) ගත් තීරණය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකෘති හරහා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඔහුට අවසරය හිමිවේ.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය 2024 අගෝස්තු 13 වන දා සිඳු කරන ලද අහඹු තහනම් උත්තේජක පරීක්ෂණ වාර්තාවක තහනම් ද්‍රව්‍ය තිබූ බවට සඳහන් විය.

දික්වැල්ල “තරඟ කාලය” තුළදී තහනම් ද්‍රව්‍ය කිසිවක් පානය කර නැති බවත්, හඳුනාගත් ද්‍රව්‍යය ක්‍රීඩකයාගේ “ක්‍රීඩා කාර්ය සාධනය වැඩි දියුණු කිරීම“ හා කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් සාක්ෂි මඟින් තහවුරු වූ පසු ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය තහනම ලිහිල් කිරීමේ නවතම තීරණයට එළැඹියේය.

ඔහුගේ තහනම් කාලය අඩු කිරීමට නියෝජිතායතනය තීරණය කොට ඇත්තේ ක්‍රීඩකයා විසින් සාක්ෂි මත පදනම්ව කරන ලද අභියාචනයකින් හා අදාළ සාක්ෂි සනාථවීමෙන් පසුවය. මේ අනුව නිරෝෂන් දික්වැල්ලට දැන් සියලුම තරග සඳහා සහභාගි වීමට සුදුසුකම් හිමිව තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee