සංචාරක ශ්‍රී ලංකා පිල හා දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 109ක ජයක් හිමි විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයටෙ පත්වූ අතර ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව ලකුණු 63. 33ක් ලබා සිටින අතර, ඔස්ට්‍රේලියාව ලකුණු 60. 71ක්, ඉන්දියාව ලකුණු 57. 29ක් හා ශ්‍රී ලංකාව ලකුණු 45. 45ක් ලබා සිටිති.
ඛෙබර්හාහි සාන්ත ජෝර්ජ් උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වූ අතර, පළමුව පන්දුවට පහරදී ලකුණු 358ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 328ක් ලබාගත් අතර, දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම ලකුණු 317ක් වාර්තා කළ හෙයින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිණිස ලකුණු 348ක ඉලක්කයක් එල්ල විය. එහෙත් දකුණු අප්‍රිකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 238කට සීමා විය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ එක් අර්ධ ශතකයක් වාර්තා වූ අතර, ධනංජය ද සිල්වා පන්දු 92කදී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වූවේය. පිතිකරුවන් 5ක්ම ලකුණු 10ට අඩුවෙන් වාර්තා කිරීම ශ්‍රී ලංකා පසු බැසීමට ප්‍රධානතම හේතුව විය. කේෂව් මහරාජ් කඩුලු 5ක් බිඳහෙළූ අතර, රබාඩා හා පැටර්සන් කඩුලු 2 බැගින් බිඳහෙලා ගත්හ.
මෙම තරගයේදී දකුණු අප්‍රිකා පිලෙන් ශතක 2ක් හා අර්ධ ශතක 3ක් වාර්තා විය. රයන් රිකෙල්ටන් හා කයිල් විරේන් පළමු ඉනිම ශතක දෙකකින් සරසද්දී ටෙම්බා බවුමා ඉනිම දෙකේදී අර්ධ ශතක දෙකක් හා ඒඩියන් මාක්රම් අර්ධ ශතකයක් එක් කළේය.
මෙම තරගයේදී වේග පන්දු යවන ළහිරු කුමාර සිය ක්‍රීඩා දිවියේ ගෞරවාන්විත කඩයිමක් පසුකිරීමට සමත් වෙමින් ටෙස්ට් කඩුලු 100 කඩයිම පසු කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු සියයේ සීමාව පසුකළ 9 වැනි පන්දු යවන්නා බවට ළහිරු කුමාරගේ නම ටෙස්ට් වාර්තා පොතට එක් විය. ළහිරු මේ වනවිට තරග 33ක ඉනිම් 56කට ක්‍රීඩාකර කඩුලු 104ක් බිඳහෙලා සිටී.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරගවලදී ලකුණු 8000 සීමාව පසු කිරීමද විශේෂත්වයක් විය. පළමු ඉනිමේදී ලකුණු 44ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 32ක් ලැබූ ඇන්ජලෝ මැතිව්ස් මෙතෙක් ටෙස්ට් තරග 116කදී ඉනිම 206ක් ක්‍රීඩා කොට ලකුණු 8042ක් ලබා සිටී.
දකුණු අප්‍රිකාව පළමු ඉනිම
ඒඩියන් මාක්‍රම් ප. කුමාර 20
ටෝනි ඩී සෝසි ක.මුවා කළා ප. අසිත ප්‍රනාන්දු 00
රයන් රිකෙල්ටන් ඇ. නිස්සංක ප. කුමාර 101
ට්‍රිස්ටර්න් ස්ටබ්ස් ඇ. කුසල් මෙන්ඩිස් ප. කුමාර 04
ටෙම්බා බවුමා ඇ. කුසල් මෙන්ඩිස් ප. කුමාර 78
ඩේවිඩ් බෙඩින්හැම් ප. ජයසූරිය 06
කයිල් විරේයින් නොදැවී 105
මාර්කෝ ජැන්සන් ප. විශ්ව ප්‍රනාන්දු 04
කේෂව් මහරාජ් ඇ. කරුණාරත්න ප. විශ්ව ප්‍රනාන්දු 00
කගිසෝ රබාඩා ප. අසිත ප්‍රනාන්දු 23
ඩේන් පැටර්සන් ඇ. කුසල් මෙන්ඩිස් ප. කුමාර 09
අතිරේක 08
එකතුව සියලු දෙනා දැවී (ඕවර් 103.4කදී) 358
කඩුලු බිඳ වැටීම: 1- 0, 2 – 32, 3 – 44, 4- 177, 5 – 186, 6- 264, 7- 269, 8 – 269, 9 – 325, 10 – 358
පන්දු යැවීම: විශ්ව ප්‍රනාන්දු 22 – 6 – 65 – 2, අසිත ප්‍රනාන්දු 24 – 2 – 102 – 3, ළහිරු කුමාර 17.4 – 3 – 79 – 4, ප්‍රභාත් ජයසූරිය 31 – 4 – 84 – 1, ධනංජය ද සිල්වා 9 – 1 – 26 – 0
ශ්‍රී ලංකාව පළමු ඉනිම
පැතුම් නිස්සංක ප. මහරාජ් 89
දිමුත් කරුණාරත්න ඇ. විරේයින් ප. රබාඩා 20
දිනේෂ් චන්දිමාල් ඇ. විරේයින් ප. පැටර්සන් 44
ඇන්ජලෝ මැතිව්ස් ඇ. විරේයින් ප. ජැන්සන් 44
කමිඳු මෙන්ඩිස් ඇ. මාර්ක්රාම් ප. ජැන්සන් 48
ධනංජය ද සිල්වා ඇ. මාර්ක්රාම් ප. පැටර්සන් 14
කුසල් මෙන්ඩිස් ප. පැටර්සන් 16
ප්‍රභාත් ජයසූරිය ස්ටම්ප් කළා විරේයින් ප. මහරාජ් 24
ළහිරු කුමාර ඇ ජැන්සන් ප. පැටර්සන් 00
විශ්ව ප්‍රනාන්දු ඇ. විරේයින් ප. පැටර්සන් 02
අසිත ප්‍රනාන්දු නොදැවී 00
අතිරේක 27
එකතුව සියලු දෙනා දැවී (ඕවර් 99.2කදී) 328
කඩුලු බිඳ වැටීම: 1- 41, 2 – 150, 3 – 199, 4 – 261, 5 – 268, 6- 297, 7- 298, 8 – 298, 9 – 327, 10 – 328
පන්දු යැවීම: කගිසෝ රබාඩා 24 – 7 – 56 – 1, මාර්කෝ ජැන්සන් 25 – 4 – 100 – 2, ඩේන් පැටර්සන් 22 – 4 – 71 – 5, කේෂව් මහරාජ් 24. 2 – 5 – 65 – 2, ඒඩියන් මාක්‍රම් 4 – 0 – 15 – 0
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම
ඒඩියන් මාක්‍රම් 55
ටෝනි ඩී සෝසි ප. ජයසූරිය 19
රයන් රිකෙල්ටන් ක. මුවා කළා ප. ජයසූරිය 24
ට්‍රිස්ටර්න් ස්ටබ්ස් දුවද්දී දැවී ගියා 47
ටෙම්බා බවුමා ප. ජයසූරිය 66
ඩේවිඩ් බෙඩින්හැම් ඇ. ද සිල්වා ප. ජයසූරිය 35
කයිල් විරේයින් ඇ. මෙන්ඩිස් ප. ජයසූරිය 09 මාර්කෝ ජැන්සන් ඇ. අසිත ප්‍රනාන්දු ප. ජයසූරිය 08
කේෂව් මහරාජ් නොදැවී 14
කගිසෝ රබාඩා ඇ. මෙන්ඩිස් ප. කුමාර 08
ඩේන් පැටර්සන් ප. අසිත ප්‍රනාන්දු 14
අතිරේක 18
එකතුව සියලු දෙනා දැවී (ඕවර් 86කදී) 317
කඩුලු බිඳ වැටීම: 1- 55, 2 – 96, 3 – 109, 4- 213, 5 – 254, 6- 268, 7- 273, 8 – 279, 9 – 290, 10 – 317
පන්දු යැවීම: විශ්ව ප්‍රනාන්දු 19 – 4- 47 – 2, අසිත ප්‍රනාන්දු 14 – 2 – 52 – 1, ළහිරු කුමාර 16 – 0 – 71 – 1, ප්‍රභාත් ජයසූරිය 34 – 2 – 129 – 5, ධනංජය ද සිල්වා 3 – 0 – 10 – 0
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
පැතුම් නිස්සංක ඇ. විරේයින් ප. පැටර්සන් 18
දිමුත් කරුණාරත්න ක. මුවා කළා. ප. රබාඩා 01
දිනේෂ් චන්දිමාල් ක. මුවා කළා. ප. පැටර්සන් 29
ඇන්ජලෝ මැතිව්ස් ප. මහරාජ් 32
කමිඳු මෙන්ඩිස් ඇ. විරේයින් ප. මහරාජ් 35
ධනංජය ද සිල්වා ඇ. විරේයින් ප. රබාඩා 50
කුසල් මෙන්ඩිස් ඇ. මාර්ක්රාම් ප. මහරාජ් 46
ප්‍රභාත් ජයසූරිය ඇ. බවුමා ප. මහරාජ් 09
විශ්ව ප්‍රනාන්දු ඇ. ජැන්සන් ප. මහරාජ් 05
අසිත ප්‍රනාන්දු නොදැවී 00
ළහිරු කුමාර ඇ රිකෙල්ටන් ප. ජැන්සන් 01
අතිරේක 12
එකතුව සියලු දෙනා දැවී (ඕවර්69.1කදී) 238
කඩුලු බිඳ වැටීම: 1- 10, 2 – 47, 3 – 64, 4 – 117, 5 – 122, 6- 219, 7- 225, 8 – 233, 9 – 238, 10 – 238
පන්දු යැවීම: කගිසෝ රබාඩා 21 – 3 – 63 – 2, මාර්කෝ ජැන්සන් 10.1 – 1 – 54 – 1, කේෂව් මහරාජ් 25 – 3 – 76 – 5, ඩේන් පැටර්සන් 12 – 3 – 33 – 2, ඒඩියන් මාක්‍රම් 1 – 0 – 6 – 0