slc
logo
Home   |    News
දෙසැම්බර් 8, 2024
ධනංජය – කුසල් ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් එක් කරති

sinhala editor

බෙබාරාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන්ලකුණු 348 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනය වූ අද (08 දා) දිනට ක්‍රීඩාව නතර කර දමනා විට කඩුලු 5 කට ලකුණු 205 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. ඒ අනුව තරගයේ අවසන් දිනය වන හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 5 ක් ඇතුළතදී ලකුණු 143 ක් රැස් කර ගත යුතු වනු ඇත.

ලකුණු 348 ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යන ගමනේදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුලු 5 ම ලකුණු 122 කදී බිද දමමින් තරගය වේලාසනින්ම ජය ගැනීම වෙනුවෙන් අඩිතාලම එක් කිරීමට සමත්වූහ. එහෙත් 6 වැනි කඩුල්ලට එක්ව සිටින නායක ධනංජය  ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්ව පවත්වන ලක ලකුණු 83 ක නොබිඳුණු කඩුලු සම්බන්ධතාව නිසා වැටී තිබූ තත්ත්වයෙන් තරමකට හිස එසවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් හැකියාව ලැබී තිබේ.

ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 143 ක් ලබා ගත යුතුව තිබේ. එහිදී වඩාත්ම බරපතල කරුණ වන්නේ මෙම කඩුල්ලේ සම්බන්ධතාවයේ රැඳී සිටින පිතිකරුවන් දෙදෙනා හැර සෙසු පිතිකරුවන් සිවුදෙනාම පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට පැමිණ සිටින ක්‍රීඩකයින් වීම වේ. ඔවුන් අතරින් ප්‍රභාත් ජයසූරිය හැර අනෙක් තිදෙනාම ටෙස්ට් කණ්ඩායමේ අංක 11 ස්ථානයෙන් වැඩි හරියක්ම පන්දුවට පහර දීමට පැමිණ ඇති ක්‍රීඩකයින් වේ. අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු එම පිතිකරුවෝ වෙති.

එම කරුණ හැරුනු කොට මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අනෙක් බාධාව වන්නේ තවත් පන්දුවාර 28 කින් පසු දකුණු අප්‍රිකානු කණ්ඩායමට දෙවැනි නව පන්දුව ලබා ගැනීමට ඇති හැකියාව වේ. ලොව වේගයෙන්ම පන්දු යවන බල ඇණිය හිමි කාගිසෝ රාබඩා ඇතුළු දකුණු අප්‍රිකානු කණ්ඩායමට දිවා ආහාරයෙන් පසු නව පන්දුවෙන් පන්දු යැවීමේ අවස්තාව හිමිවනු ඇත.

කෙසේ වෙතත් 2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ කරන ලද සංචාරයේදී මෙම ක්‍රීඩාංගණයේම පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා කඩුලු 8 ක් ඇතුළත ලකුණු 137 ක් අවශ්‍ය වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම එකම කඩුල්ලක් හෝ ලබා නොදී එම තරගය ජය ගැනීමේ මතකය ශ්‍රී ලංකාව සතුව තිබේ. එම අවස්ථාවේදී එම තරග ජයග්‍රහණයේ මෙහෙයුම දියත් කළ කුසල් මෙන්ඩිස් හෙට දිනයේදීත් නායක ධනංජය ද සිල්වා සමඟ පන්දුවට පහර දීමට අවස්ථාව උදාකර ගෙන සිටීමද කැපී පෙනෙන්නකි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ වැඩිම විනාශ සිදුකරන ලද්කේ කේෂව් මහරාජ් විසිනි. ඒ හොඳින් පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් සහ කමිදු මෙන්ඩිස් දෙදෙනාගේම කඩුලු දවා ගනිමිනි. මොවුන් දෙදෙනාට අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සාර්ථක සම්බන්ධතාවක් පවත්වමින් සිටියදී ඒ මැදට පැමිණි මහරාජ්ගේ පන්දුවකට ස්ලොග් ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය වැරදී යෑම නිසා මැතිව්ස් (32) පිටියෙන් ඉවත් විය. ඊට ලකුණු 5 කට පසු කමිදු මෙන්ඩිස්ද (35)  කඩුලු රකින වර්රයින්ට උඩ පන්දුවක් දී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 122 ක් ලෙසින් දිස් විය.

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 317 කට සීමා කර ගැනීමේදී සාර්ථක පන්දු යැවීමක නිරත වු ප්‍රභාත් ජයසූරිය ලකුණු 129 කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය. මෙය ඔහු ශ්‍රී ලංකාවෙන් පිටතදී පළමු වතාවට ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවා ගත් අවස්ථාව වශයෙන් සනිටුහ්න විය. ඔහු මීට පෙර ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් අවස්තාවන් 10 ක් ශ්‍රී ලංකාවේදී සනිටුහන් කිරීමට සමත්ව සිටි පන්දු යවන්නෙකි.

නායක ටෙම්බා බවුමා පන්දුවට පහර දෙමින් සිටින විට දකුණු අප්‍රිිකානු ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 259 ක් වශයෙන් ප්‍රභල තත්ත්වයක පසුවිය. එහෙත් ජයසූරියගේ පන්දුවකට එල්ල කරන ලද ස්වීප් පහර වැරදී යෑම නිසා බවුමා පිටියෙන් ඉවත් විය. එම ඉවත්ව යෑමෙන් ලකුණු 36 ක් ඇතුළත දකුණු අප්‍රිකානු පිලේ ඉතිරි කඩුලු 5 ද බිඳ වැටිණ. කෙසේ වෙතත් අවසන් කඩුල්ල වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නියැළුනු කේෂව් මහරාජ් සහ ඩේන් පැටර්සන් ලකුණු 27 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු සංඛ්‍යාව 317 ක් දක්වා ඉදිරියට රැගෙන ගියහ.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 358 යි

රයාන් රික්ල්ටන් 101, ටෙම්බා බවුමා 78, කයිල් වර්රීන් 105*, අසිත ප්‍රනාන්දු 102/3, ළහිරු කුමාර 79/4

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 99.2 කදී සියලු දෙනා දැවී ලකුණු 328 යි

පැතුම් නිස්සංක 89, දිමුත් කරුනාරත්න 20, දිනේෂ් චන්දිමාල් 44, ඇන්ජලෝ මැතිව්ස් 44, කමිඳු මෙන්ඩිස් 48, ධනංජය ද සිල්වා 14, කුසල් මෙන්ඩිස් 16, ප්‍රභාත් ජයසූ4රිය 24, ළහිරු කුමාර 00, විශ්ව ප්‍රනාන්දු 02, අසිත ප්‍රනාන්දු 00*, ඩේන් පැටර්සන් 71/5, මාකෝ ජැන්සන් 100/2, කේෂව් මහරාජ් 65/2

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම පන්දුවාර 86 කදී සියලු දෙනා දැවී ලකුණු 317 යි

ටෝනි ඩි සෝර්සි 19, ඒඩ්න් මාක්‍රම් 55, රයාන් රිකල්ටන් 24, ට්‍රිස්ටන් ස්ටබ්ස් 47, ටෙම්බා බවුමා 66, ඩේවිඩ් බෙඩිංහැම් 35, කියිල් වෙර්රයින් 09, මාකෝ ජැන්සන් 08, කේෂව් මහරාජ් 14*, කාගිසෝ රාබඩා 08, ඩේන් පැටර්සන් 13, ප්‍රභාත් ජයසූරිය 129/5, විශ්ව  ප්‍රනාන්දු 47/2, අසිත ප්‍රනාන්දු 52/1, ළහිරු කුමාර 71/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 52 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 205 යි

පැතුම් නිස්සංක 18, දිමුත් කරුණාරත්න 01, දිනේෂ් චන්දිමාල් 29, ඇන්ජලෝ මැතිව්ස් 32, කමිදු මෙන්ඩිස් 35, ධනංජය ද සිල්වා 39*, කුසල් මෙන්ඩිස් 38*, ඩේන් පැටර්සන් 33/2, කේෂව් මහරාජ් 62/2, කාගිසෝ රාබඩා 44/1)

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee