slc
logo
Home   |    News
දෙසැම්බර් 28, 2024
මුවර්ස් පිලේ චානුක දිල්ෂාන් කඩුලු 7ක් බිද‍හෙලද්දී
කැන්ඩි කස්ටම් පි‍ලේ සහන් කෝසලගෙන් ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද පළමු දිනය නිමාවෙද්දී මුවර්ස් – බීආර්සී තරග‍යේදී මුවර්ස් පිලේ චානුක දිල්ෂාන් කඩුලු 7ක් බිදහෙලා ගත් අතර, කැන්ඩි කස්ටම් පි‍ලේ සහන් කෝසල එන්සීසී පිලට එරෙහිව අගනා ශතකයක් වාර්තා කළේය.

බීආර්සී පිටියේ පැවැති බීආර්සී – මුවර්ස් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් බීආර්සී පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 200ක් ලබාගත් අතර, මුවර්ස් පිල තරගය නතර කරද්දී කඩුලු 4කට ලකුණු 133ක් ලබා සිටියේය.

මාතර සාන්ත සිල්වෙස්තර් විදුහලෙන් පිටියට පිවිසි වමත් දඟ පන්දු යවන චානුක දිල්ෂාන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඇතුළු පිතිකරුවන් 7ක් ලකුණු 46කට දවාලීම කැපී පෙණුනි.

මේ අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මදුෂංක අද දිනයේදී සිය 100 වැනි පළමු පෙළ තරගයට සහභාගිවීම කැපී පෙනුණි. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන ළහිරු රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව මග්ගොන් සරේ විලේජ් පිටියේදී එම තරගයට සහභාගිවූවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 4 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට සහභාගිව ඇති ළහිරු ඉකුත්දා හොංකොංහි පැවැති හොංකොං සය සාමාජික ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කළේය. පළමු පෙළ තරග 99 කට සහභාගිව ඇති ළහිරු ලකුණු 3796 ක් සහ කඩුලු 147 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි.

f

බීආර්සී පිල පළමු පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 200 (ඕවර් 56.3)
නවිඳු විතානගේ 19, ඩිල්ෂාන් ද සොයිසා 16, චාමික හීනටිගල 38, දිනුර අබේවික්‍රමසිංහ 23, මුවින් අභිනාෂ් 19, මලින්ද පුෂ්පකුමාර නොදැවී 38, අතිරේක 22 ( චානුක දිල්ෂාන් 46/7, රමේෂ් මෙන්ඩිස් 58/3)

මුවර්ස් පිල කඩුලු 4කට ලකුණු 133 (ඒවර් 33)
ලසිත් අබේරත්න 16, සධීර සමරවික්‍රම ‍ොදැවී 42, පසුඳු සූරියබණ්ඩාර 41, අතිරේක 7 (චමින්ද බණ්ඩාර 22/1, මුවින් අභිනාෂ් 19/1)

කැන්ඩි කස්ටම් – එන්සීසී

කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති කැන්ඩි කස්ටම් – එන්සීසී තරගයේ පළමු දිනය නිමාවෙද්දී කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිමට කඩුලු 5කට ලකුණු 316ක් ලබා සිටියේය. කැන්ඩි කස්ටම් පි‍ලේ සහන් කෝසල පන්දු 186කදී හතරේ 14ක් සමඟ ලකුණු 116ක් වාර්තා කළේය.

කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 316 (ඕවර් 90)
තෙවිඳු දික්වැල්ල 23, ෂෙහාන් ප්‍රනාන්දු 56, ඉමේෂ් උදයංග 15, සහන් කෝසල 116, රොස්කේ තාහටිල් නොදැවී 72, අතිරේක 27 ( දුෂ්මන්ත චමීර 45/2)

ටැමිල් යූනියන් – සීසීසී

පී. සරා පිටියේදී පැවැති ටැමිල් යූනියන් – සීසීසී අතර තරගයේදී ටැමිල් යූනියන් පිල පළමු ඉනිමට ලකුණු 177ක් ලබාගත් අතර, සීසීසී දිනය නිමාවෙද්දී කඩුලු 6කට ලකුණු 189ක් ලබා සිටියේය.

ටැමිල් යූනියන් පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 177 (ඕවර් 45.5)
තුලින දිල්ෂාන් 30, සිතාර හපුහින්න 34, සචිත ජයතිලක නොදැවී 64, තරිඳු රත්නායක 27, අතිරේක 6 (ඉඩසිරු උදාන 32/3, ධනංජය ද සිල්වා 34/2, සොනාල් දිනූෂ 31/2, ලක්ෂාන් සඳකැන් 4/2)

සීසීසී පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 189 (ඕවර් 44)
නිමේෂ ගුණසිංහ 20, ලසිත් කෘස්පුල්ලේ 35, මිනෝද් භානුක 58, පවන් රත්නායක 46, ධනංජය ද සිල්වා 15, අතිරේක 9 (තරිඳු රත්නායක 67/2, විජේකාන්ත් වියෙස්කාන්ත 26/2, සඳුන් වීරක්කොඩි 7/2)

එස්එස්සී – කුරුණෑගල තරුණ ක්‍රිකට්

එස්එස්සී පිටියේදී පැවැති එස්එස්සී හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගයේදී එස්එස්සී පිල පළමු ඉනිමට ලකුණු 89ක් ලබාගත් අතර, කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය ලකුණු 142කට දැවී ගියේය.

එස්එස්සී පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 89 (ඕවර් 35.4)
දිමුත් කරුණාරත්න 24, ලක්ෂිත මානසිංහ 22 ( ළහිරු ජයරත්න 31/3, දිනුෂ්ක මාලන් 27/5)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 142 (ඕවර් 41.5)
ගයාන් මනීෂාන් 39, දිල්හාර පොල්ගම්පොල 15, ළහිරු ජයරත්න 43 ( කසුන් රාජිත 34/2, දසුන් ශානක 36/5, අක්මාල් ෆස්ලි 32/2)

රාගම – බ්ලුම්ෆීල්ඩ්

මග්ගොන සරේ පිටියේ පැවැති රාගම – බ්ලුම්ෆීල්ඩ් අතර තරගයේදී රාගම ක්‍රිකට් සමාජය පළමු දිනය නිමාවෙද්දී කඩුලු 7කට ලකුණු 255ක් ලබා ගත්තේය.

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 255 (ඕවර් 90)
දිනෙත් තිමෝද්‍යා 60, විනුර දිල්සර 65, සන්ජය චතුරංග නොදැවී 49, රන්මිත් ජය‍ේන 36, අතිරේක 21 ( රවිඳු ප්‍රනාන්දු 58/4)

මීගමුව – කොල්ට්ස්

කටුනායක නිදහස් වෙළද කළාප ක්‍රීඩාංගණ‍යේ පැවැති මීගමුව – කොල්ට්ස් අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 181කට දැවීයද්දී කෝල්ට්ස් පිල කඩුලු 2කට ලකුණු 39ක් ලබා සිටියේය.

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 218 (ඕවර් 66.5)
දිල්ෂාන් මුණවීර 44, ඇන්ජලෝ ජයසිංහ 19, හිමාෂ ලියනගේ 26, මාධව වර්ණපුර 36, නිශාන් පීරිස් 18, අතිරේක 10 ( කවිෂ්ක අංජුල 39/2, ශ්‍යාමසුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 21/3, අකිල ධනංජය 34/3)

කෝල්ට්ස් පිල පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 39 (ඕවර් 66.5)
රවිඳු රසාන්ත නොදැවී 28 ( චනුර ප්‍රනාන්දු 0/1)

ඒස් කැපිටල් – බදුරලිය

මේටලන් පෙදෙස සීසීසී පිටියේදී පැවැති ඒස් කැපිටල් – බදුරලිය අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් බදුරලිය ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 314ක් ලබා ගත්තේය.

බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 314 (ඕවර් 84.2)
දුනිත් ජයතුංග 51, අලංකාර අසංක සිල්වා 45, අනුක් ප්‍රනාන්දු 64, චානක රුවන්සිරි 69, මිෂාන් සිල්වා 19, චලන ද සිල්වා 32, අතිරේක 11 ( සිතුම් දිසානායක 21/3, වනුජ සහන් 86/2, රොෂාන් ජයතිස්ස 75/3)

පානදුර – පොලිස්

පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති පානදුර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් පානදුර පිල සියලු ‍දෙනා දැවී ලකුණු 236ක් ලබාගත් අතර, පොලිස් පිල කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලබා සිටියේය.

පානදුර පිල පළමු ඉනිමට සියලු ‍දෙනා දැවී ලකුණු 236 (ඕවර් 84.2)
ඉරෝෂ් සමරසූරිය 42, ඔෂධ ප්‍රනාන්දු 25, රමිඳු විජේසූරිය 16, රමේෂ් බුද්ධික නොදැවී 81, ඉම්තියාස් ස්ලාසා 32, අතිරේක 12 (දිලුම් සුධීර 70/3, නලීන් ප්‍රියදර්ශන 80/5)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 22 (ඕවර් 12)
සංගීත් සෙහාරා නොදැවී 18 (යොහාන් අවිශ්ක 10/1)

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee