slc
logo
Home   |    News
දෙසැම්බර් 23, 2024
වනිඳු සහ ළහිරු එක්දින කණ්ඩායමට

sinhala editor

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියෙන් අනතුරුව ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ළහිරු කුමාරව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

වනිදු හසරංග ආබාධයකට ලක්ව සිටීම නිසා ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී තරග වැදි තරග 2 කින් සමන්විත එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. වනිදු හසරංග කණ්ඩායමට පැමිණීමේදී ඔහු වෙනුවට කණ්ඩායමට එක් කර සිටි දුෂාන් හේමන්තට යළි ස්ථානය අහිමිව තිබේ.

මේ අතර අවසන් වසර කීපය තිස්සේම එක්දින තරගාවලියේ ස්ථානයක් වෙන්ව තිබුණු මැද පෙළ පිතිකරු සදීර සමරවික්‍රමට ද ස්ථානය අහිමිව තිබේ. ඒ වෙනුවට නුවනිඳු ප්‍රනාන්දුව කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුවේ තීරණය වී තිබේ. මේ අතර ශ්‍රී ලංකාව අවසන් වතාවට තරග වැදි නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේදී කණ්ඩායමට එක්ව සිටි වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක වෙනුවට කණ්ඩායමට දකුණත් වේග පන්දු යවන ළහිරු කුමාරව කැඳවා තිබීම විශේෂත්වයක් වේ.

දෙරට අතර එක්දින තරගාවලිය දිවා තරගයකින් සහ දිවා/රාත්‍රී තරග 2 කින් සමන්විත වෙයි. ලබන ජනවාරි 05 වැනිදා වෙලිංටන්හිදී පළමු තරගය දිවා තරගයක් ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30 ට ආරම්භ වන අතර හැමිල්ටන්හිදී පැවැත්වෙන දෙවැනි තරගය සහ ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන තෙවැනි තරගය දිවා/රාත්‍රී තරග ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 6.30 ට ආරම්භ වනු ඇත. එම තරග දෙක ජනවාරි 08 වැනිදා සහ ජනවාරි 11 වැනිදා යන දිනවලදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, චමිඳු වික්‍රමසිංහ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, නිශාන් මදුෂ්ක, ළහිරු කුමාර, එෂාන් මාලිංග, නුවනිඳු ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි, දුනිත් වෙල්ලාලගේ.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee