slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2024
ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස අගදී නවසීලන්තයට

sinhala editor

එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දෙසැම්බර් මස අගදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය ලබන ජනවාරි මස මැද දක්වා පැවැත්වෙනු ඇත.

තරගාවලියට එක්දින තරග 3 ක් සහ පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් වේ. පන්දුවාර විස්සයි-20 තරගාවලියෙන් ආරම්භ වන දෙරට අතර තරගාවලියේ පළමු තරග දෙක දෙසැම්බර් මස 28 සහ 30 වැනි දිනයන්හිදී ටෟරංගාහි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. තෙවැනි තරගය 2025 වසරේ ජනවාරි 02 වැනිදා සැක්ස්ටන් ඕවල්හිදී පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් පසුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 05 වැනිදා වෙලිංටන්හිදී ආරම්භ වේ. එහි දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් 08 වැනිදා සහ 11 වැනිදා හැමිල්ටන් සහ ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙනු ඇත.

දිනයතරගයක්‍රීඩාංගණය
දෙසැම්බර් 28පළමු විස්සයි-20 තරගයබේ ඕවල්
දෙසැම්බර් 30දෙවැනි විස්සයි-20 තරගයබේ ඕවල්
ජනවාරි 02තෙවැනි විස්සයි-20 තරගයසැක්ස්ටන් ඕවල්
ජනවාරි 05පළමු එක්දින තරගයවෙලිංටන්
ජනවාරි 08දෙවැනි එක්දින තරගයහැමිල්ටන්
ජනවාාරි 11තෙවැනි එක්දින තරගයඕක්ලන්ඩ්

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee