slc
logo
Home   |    News
දෙසැම්බර් 6, 2024
ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 242යි

sinhala editor

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද ‍දෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 242ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවේ.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඊයේ පළමු දිනය නිමාවෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 269ක් ලබා සිටි අතර, අද දිනයේ සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස් කළේය. එබැවින් ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ කඩුලු 7ක් අතැතිව තවත් ලකුණු 116ක් පසුපසින් සිටී.

ඛෙබ­ර්හාහි සාන්ත ජෝර්ජ් උද්‍යාන ක්‍රීඩාං­ග­ණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තම 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අතර, ඔහු පන්දු 157කදී හයේ පහරක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 89ක් එක් කළේය. පැතුම් සමඟ දෙවැනි කඩුල්ලට එක්වූ දිනේෂ් චන්දිමාල් පන්දු 172කදී ලකුණු 109ක සබඳතාවක් එක්කළ අතර, 31 වැනි අර්ධ ශතකයට තවත් ලකුණු 6ක් අඩුව තිබියදී චන්දාමාල් දෙවැනි කඩුල්ලට දැවී ගියේය.

දිනය නිමාවෙද්දී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 40ක් හා කසිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 30ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

දකුණු අප්‍රිකා පිලෙන් ශතක 2ක් වාර්තා වූ අතර, ඊයේ දිනයේ රයන් රිකෙල්ටන් ලකුණු 101ක් හා අද කයිල් විරේයින් නොදැවී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් විය.

මෙම තරගයේදී වේග පන්දු යවන ළහිරු කුමාර සිය ක්‍රීඩා දිවියේ ගෞරවාන්විත කඩයිමක් පසුකිරීමට සමත් වෙමින් ටෙස්ට් කඩුලු 100 කඩයිම පසු කළ අතර, එහු විසින් දකුණු අප්‍රිකානු කඩුලු 4ක් බිඳ දමන ලදී. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු සියයේ සීමාව පසුකළ 9 වැනි පන්දු යවන්නා බවට ළහිරු කුමාරගේ නම ටෙස්ට් වාර්තා පොතට එක් විය.

හෙට මෙම ටෙස්ට් තරගයේ තෙවැනි දිනයයි.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම

ඒඩියන් මාක්‍රම් ප. කුමාර 20
ටෝනි ඩී සෝසි ක.මුවා කළා ප. අසිත ප්‍රනාන්දු 00
රයන් රිකෙල්ටන් ඇ. නිස්සංක ප. කුමාර 101
ට්‍රිස්ටර්න් ස්ටබ්ස් ඇ. කුසල් ‍මෙන්ඩිස් ප. කුමාර 04
‍ටෙම්බා බවුමා ඇ. කුසල් ‍මෙන්ඩිස් ප. කුමාර 78
ඩේවිඩ් බෙඩින්හැම් ප. ජයසූරිය 06
කයිල් විරේයින් නොදැවී 105
මාර්කෝ ජැන්සන් ප. විශ්ව ප්‍රනාන්දු 04
කේෂව් මහරාජ් ඇ. කරුණාරත්න ප. විශ්ව ප්‍රනාන්දු 00
කගිසෝ රබාඩා ප. අසිත ප්‍රනාන්දු 23
ඩේන් පැටර්සන් ඇ. කුසල් ‍මෙන්ඩිස් ප. කුමාර 09

අතිරේක 08
එකතුව සියලු දෙනා දැවී (ඕවර් 103.4කදී) 358

කඩුලු බිඳ වැටීම: 1- 0, 2 – 32, 3 – 44, 5 – 186, 6- 264, 7- 269, 8 – 269, 8 – 325, 10 – 358

පන්දු යැවීම: විශ්ව ප්‍රනාන්දු 22 – 6 – 65 – 2, අසිත ප්‍රනාන්දු 24 – 2 – 102 – 3, ළහිරු කුමාර 17.4 – 3 – 79 – 4, ප්‍රභාත් ජයසූරිය 31 – 4 – 84 – 1, ධනංජය ද සිල්වා 9 – 1 – 26 – 0

ශ්‍රී ලංකාව පළමු ඉනිම

පැතුම් නිස්සංක ප. මහරාජ් 89
දිමුත් කරුණාරත්න ඇ. විරේයින් ප. රබාඩා 20
දි‍නේෂ් චන්දිමාල් ඇ. විරේයින් ප. පැටර්සන් 44
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 40
කමිඳු මෙන්ඩිස් නොදැවී 30

අතිරේක 19
එකතුව කඩුලු 3ක් දැවී (ඕවර් 67කදී) 242

කඩුලු බිඳ වැටීම: 1- 41, 2 – 150, 3 – 199

පන්දු යැවීම: කගිසෝ රබාඩා 15 – 5 – 40 – 1, මාර්කෝ ජැන්සන් 18 – 2 – 75 – 0, ඩේන් පැටර්සන් 15 = 3 – 51 – 1, කේෂව් මහරාජ් 15 – 1 – 41 – 1, ඒඩියන් මාක්‍රම් 4 – 0 – 15 – 0

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee