ලංකා ටි-10 ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය හෙවත් හම්බන්තොට බංග්ලා ටයිරග්ස් කණ්ඩායම සහ කැන්ඩි බෝල්ට්ස් අතර තරගයෙන් ලකුණු @ ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අද (15 දා) සමත්විය. මෙය මෙවර තරගාවලියේදී හම්බන්තොට කණ්ඩායම තරග 4 කදී වාර්තා කරන ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය බවට පත්වුණු මෙම තරගයේදී හම්බන්තොට කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 10 අවසනදී කඩුලු 6 කට ලකුණු 163 ක් ලබා ගත් අතර එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. එම ඉලක්කය හඹා යෑමේදී කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසනදී 9 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි.
එම ඉලක්කය හඹා යෑමේදී ජෝර්ජ් මාන්සිව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවාගත් ධනංජය ලක්ෂාන් තරගයට සාර්ථක ප්‍ර වේශයක් ලබා දුන්නේය. මෙම තරගයේ කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු තරිඳු රත්නායක තම පන්දුවාර 2 දී ලකුණු 10 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් බිඳ හෙළීම කැපී පෙනිණ. ඔහුට අමතරව දසුන් ශානක කඩුලු 2 ක් බිඳ හෙළුවේය.
හම්බන්තොට පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ යන්තමට හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කරන ලද්දේ ෂෙහාන් ජයසූරිය (23) සහ මොහොමඩ් ශමාස් (25) පමණි. සෙසු එකම පිතිකරුවකුට ලකුණු 15 සීමාව ඉක්මවාලීමට රත්නායක ප්‍රමුඛ පන්දු යවන්නෝ අවස්ථාව සලස් නොදුන්හ.
හම්බන්තොට කණ්ඩායම පන්දුවට පහර දීමේදී කුසල් ජනිත් පෙරේරා (00) සහ ෂෙවෝන් ඩැනියල් (05) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියද දෙවැනි කඩුල්ලට එක් වුණු මොහොමඩ් ශේෂාඩ් සහ දසුන් ශානක පන්දු 17 කදී වේගවත් ලකුණු 46 ක් රැස් කළහ. මෙහිදී වැඩිම ලකුණු ලාභියා වූ ශේෂාඩ් පන්දු 18 කදී ලකුණු 52 ක් ලබා ගත්තේ තම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් කර ගනිමිනි.
පන්දු යැවීමට අමතරව පිත්තෙන් ද දස්කම් දැක්වූ දසුන් ශානක පන්දු 15 කදී ලකුණු 39 ක් ලබා ගත්තේ ඉන් 4 ක් හතරේ සීමාවට ඉහළින්ද දෙකක් හතරේ සීමාවටද යවමිනි. මැද පෙළින් පැමිණි ධනංජය ලක්ෂාන් (18), ඉසුරු උදාන (11) සහ සබීර් රෙහ්මාන් (13) පන්දු 15 කදී ලකුණු 42 ක් රැස් කරමින් හම්බන්තොට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 163 දක්වා රැගෙන ගියහ. තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ දසුන් ශානක සම්මාන දිනා ගත්තේය.
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පන්දුවාර 10 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 163 යි – මොහොමඩ් ශේෂාඩ් 52, දසුන් ශානක 39, ධනංජය ලක්ෂාන් 18, ඉසුරු උදාන 11, සබීර් රෙහ්මාන් 13*, තිසර පෙරේරා 26/2, සීක්කුගේ ප්‍රසන්න 10/1, අර්නෙස්ටෝ වීසා 16/1, ඉමාද් වසීම් 20/1, රන්ස්ෆෝර්ඩ් බීටන් 39/1)
කැන්ඩි බෝල්ට්ස් පන්දුවාර 10 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 116 යි – පැතුම් නිස්සංක 15, දිනේෂ් චන්දිමාල් 13, තිසර පෙරේරා 11, ෂෙහාන් ජයසූරිය 23, මොහොමඩ් ශමාස් 25, තරිඳු රත්නායක 10/4, ධනංජය ලක්ෂාන් 14/1, විජයකාන්ත් වියස්කාන්ත් 24/1, දසුන් ශානක 16/2, ඉසුරු උදාන 17/1