slc
logo
Home   |    News
දෙසැම්බර් 17, 2024
හම්බන්තොට දෙවැනි තැනට යද්දී ගෝල් එලිමිනේටර් යයි

sinhala editor

ලංකා ටි-10 ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමග පළමු සුදුසුකම් ලැබිමේ තරගයට ක්‍රීඩා කරනු ලබන්නේ කවුරුන්ද යන්න අතිශය තීරණාත්මක හම්බන්තොට බංග්ලා ටයිරග්ස් සහ ගෝල් මාවල්ස් අතර තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ හම්බන්තොට බංග්ලා ටයිරග්ස් කණ්ඩායම හෙට පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව විවකර කර ගැනීමට අද (17 දා) රාත්‍රියේදී සමත්වූවේය. ඒ අනුව පරාජිත ගෝල් මාවල්ස් කණ්ඩායම හෙට දිනයේදී එලිමිනේටර් තරගයේ ප්‍රතිවාදීන් වන කැන්ඩි බෝල්ට්ස් සමඟින් තරග වදිනු ලබයි.

ඒ අනුව හෙට පැවැත්වීමට නියමිත පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙදී ජැෆ්නා ටයිටෑන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් තරග වදින අතර එලිමිනේටර් අතර තරගයේදී ගෝල් මාවල්ස් සහ කැන්ඩි බෝල්ට්ස් තරග වදිනු ඇත.

දිනයේ අවසන් තරගය ලෙසින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් පිල රැස් කර ගන්නා ලද්දේ කඩුලු 6 ක් දැවී ලකුනු 82 ක් පමණි. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හම්බන්තොට කණ්ඩායම නියමිත ඉලක්කය පන්දු 4 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී රැස් කර ගැනීමට සමත්වූවේය.

ඉලක්කය පහසුවක් සේ දැනුනද හම්බන්තොට පළමු කඩුලු 4 ම ලකුණු 32 ක් ඇතුළත බිඳී යෑම නිසා හඹා යෑම තරමක අභීයෝගයක් විය. එහෙත් පස්වැනි කඩුල්ලට එක් වුණු දසුන් ශානක සහ ෂෙවෝන් ඩැනියල් පන්දු 15 කදී ලකුණු 25 ක සම්බන්ධතාවක්ද ෂෙවෝන් ඩැනියල් සහ මොසදෙක් හොසේන් පන්දු 16 කදී ලකුණු 27 ක සම්බන්ධතාවක්ද පවත්වමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

මෙහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ මොසදෙක් හොසේන් වන අතර ඔහු පන්දු 13 කදී ලකුණු 20 ක් රැස් කරගත්තේ ඉනිම නොබිඳිව තබා ගනිමිනි. දසුන් ශානක ලකුණු 19 ක්ද ඩැනියල් ලකුණු 11 ක් ද ලබා ගත්හ.

ප්‍රතිවාදී පිල පන්දුවටපහර දෙන අවස්ථෘවේදී පලපුරුදු ශකීබ් අල් හසන් පන්දු 19 කදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ද සමගින් ලකුණු 43 ක් රැස් කරගත්තේ ඉනිම නොබිඳිව තබාගනිමිනි. ඔහුට සහයෝගයක් ලබා දීමට හරිහමන් පිතිකරුවකුට නොමැතිවීම මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට ගෝල් පිලට නතරවීමට හේතු විය. අල් හසන්ට පසු වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත්වූයේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් වන අතර ඔහු ලකුණු 14 ක් රැස් කළේය.

පන්දු යැවීිමේදී යළිත් වරක් සාර්ථක වුණු තරිඳු රත්නායක ලකුණු 10 කට කඩුලු 2 ක් ද සහන් ආරච්චිගේ ලකුණු 11 කට කඩුලු 2 ක්ද දවාගනිද්දී ඉසුරු උදාන සහ එෂාන් මාලිංග කඩුල්ල බැගින් දවා ගත්හ.

ගෝල් මාවල්ස් පන්දුවාර 10 කදී කඩුලු 6 ට ලකුණු 82 යි – ඇලෙක්ස් හේල්ස් 14, ශකීබ් අල්හසන් 43*, තරිඳු රත්නායක 10/2, සහන් ආරච්චිගේ 11/2, එෂාන් මාලිංග 08/1, ඉසුරු උදාන 03/1

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පන්දුවාර 9.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 84 යි – මොහොමඩ් ශේසාඩ් 13, දසුන් ශානක 19, ෂෙවෝන් ඩැනියෙල් 11*, මොසදෙක් හොසෙන් 20*, ජෙෆ්රි වැන්ඩර්සි 11/2, බිනුර ප්‍රනාන්දු 22/2, මහීෂ් තීක්ෂණ 10/1

Active filters

Recent Posts

  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]
  • එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි තැන මහීෂ් තීක්ෂණට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිවේදනය කරන ලද නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ එහි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee