slc
logo
Home   |    News
ජනවාරි 28, 2025
ඒස් කැපිටල් – හලාවත මේරියන්ස් තරගය ජය පැරැදුමින් තොරයි

sinhala editor

 ඒස් කැපිටල් සහ හලාවත මේරියන්ස් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් ක්‍රිකට් තරගය අද (28) ජය පැරැදුමින් තොරව නිමාවට පත්විණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය මෙහෙයවයි.

 මේ තරගයෙන් ජය ලැබීමට ඒස් කැපිටල් කණ්ඩයම දෙවන ඉනිමේ දී හලාවත මේරියන්ස්ට ලකුණු 260ක අභියෝගයක් ලබා දුන් අතර තරගය නිම වන විට හලාවත මේරියන්ස් පන්දුවාර 19ක දී කඩුලු හතරකට ලකුණු 143ක් ලබා සිටියේ  එහි ලකුණු රැස් කිරීමේ වේගය පන්දුවාරයකට ලකුණු 7.53කි.

 හලාවත මේරියන්ස් දෙවන ඉනිමේ දී කසුන් විදුර නොදැවී ලකුණු 51ක් ද (පන්දු 37යි හතරේ පහර අටයි හයේ පහරයි) අෂාන් රන්දික ලකුණු 49ක් ද (පන්ද 25යි හතරේ පහර හතරයි හයේ පහර පහයි) සහ දුෂාන් විමුක්ති නොදැවී ලකුණු 33ක් ද (පන්දු 41යි හතරේ දෙකයි හයේ දෙකයි) රැස් කළහ.

 ඒස් කැපිටල් පළමු ඉනිමේ රැස් කළ ලකුණු 324ට පිළිතුරු ලෙස හලාවත මේරියන්ස් පළමු ඉනිමේ රැස් කළේ ලකුණු 228කි.

 හලාවත මේරියන්ස් කණ්ඩායමේ දුෂාන් විමුක්ති (41/4යි) සහ දුවිඳු තිලකරත්න (40/3යි) දක්ෂ පන්දු යැවීම හමුවේ ඒස් කැපිටල් දෙවන ඉනිමේ දී රැස් කළේ ලකුණු 163කි. ඒස් කැපිටල් දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු පවන්ත වීරසිංහ ලකුණු 41ක් රැස් කළේ පන්දු 95කට මුහුණ දී හතරේ දෙකක් සහ හයේ පහරක් සමගය.

ඒස් කැපිටල් පළමු ඉනිම 324 – (ෂම්මු අෂාන් 79, සකුන ලියනගේ 62, පවන්ත වීරසිංහ 42, උදයවංශ පරාක්‍රම 34, රවින් ද සිල්වා 30, හර්ෂණ කුරේ 28, වනුජ සහන් 20, තනුක දාබරේ 18, දුවිඳු තිලකරත්න 68/5, දුෂාන් විමුක්ති 57/3)

 හලාවත මේරියන්ස් පළමු ඉනිම 228 – (දුෂාන් විමුක්ති 58, කසුන් විදුර 31, සුමිඳ ලක්ෂාන් 29, තීක්ෂල ද සිල්වා 25, ෂෙහාන් ජයසූරිය 23, විශ්ව චතුරංග 18, රොෂාන් ජයතිස්ස 71/5, වනුජ සහන් 66/3)

ඒස් කැපිටල් දෙවන ඉනිම 163යි – (පවන්ත වීරසිංහ 41, සකුන ලියනගේ 32, ෂම්මු අෂාන් 23, හර්ෂ කුරේ 21, උදයවංශ පරාක්‍රම 17, දුෂාන් විමුක්ති 41/4, දුවිඳු තිලකරත්න 40/3, ෂෙහාන් ජයසූරිය 52/2)

හලාවත මේරියන්ස් දෙවන ඉනිම තරගය නතර කරන විට කඩුලු 4ට 143යි (පන්දුවාර 19යි) – (කසුන් විදුර නොදැවී 51, අෂාන් රන්දික 49, දුෂාන් විමුක්ති නොදැවී 33, වනුජ සහන් 66/3)

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee