slc
logo
Home   |    News
ජනවාරි 19, 2025
චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා

sinhala editor

 ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු යැවීමේ දී ලකුණු 37කට කඩුලු 8ක් දවා පසුව පන්දුවට පහර දෙද්දී පන්දු 40කට මුහුණ දී හතරේ පහර තුනක් හයේ පහර තුනක් සමග ලකුණු 40ක් රැස් කරමින් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වුයේය.

 බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති බී.ආර්.සී. – කැන්ඩි කස්ටම් තරගයේ දී බී.ආර්.සී. කණ්ඩායමේ මොහමඩ් ශිරාෂ් ලකුණු 31කට කඩුලු පහක් දවාලීමෙන් කැන්ඩි කස්ටම් කණ්ඩායමම දැවී ගියේ ලකුණු 131කටය.

 පාණදුර මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු කෝල්ට්ස් – පාණදුර තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් පන්දු 128කට මුහුණ දී හතරේ දහයක් හයේ හතරක් සමග ලකුණු 104ක් ලබා ගනිමින් අගනා ශතකයක් වාර්තා කළේය. පාණදුර කණ්ඩායමේ නිමේෂ් විමුක්ති ලකුණු 104කට කඩුලු හයක් දවා පන්දු යැවීමේ දී කැපී පෙනුණි.

 පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති පොලීසිය සහ මීගමුව අතර තරගයේ දිනය නිම වන විට මීගමුව කඩුලු පහකට ලකුණු 266ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු මිලින්ද සිරිවර්ධන හතරේ නවයක් හයේ පහරක් සමග ලකුණු 83ක් රැස් කළේය. (පන්දු 120යි)

 එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති එස්.එස්.සී. – සී.සී.සී. තරගයේ දී එස්.එස්.සී. අංක හය පිතිකරු ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පන්දු 159ක දී හතරේ 11ක් සමග ලකුණු 123ක් රැස් කරමින් හොඳින්ම ලකුණු අතරට පිවිසියේ ඉදිරියේ එන ඔස්ට්‍රේලියා සංචාරයට පෙරහුරුවක් ලබමිනි.

 කුසල් මෙන්ඩිස් හයවන කඩුල්ලට චමිඳු වික්‍රමසිංහ (නොදැවී 59) සමග ලකුණු 120ක සබඳතාවයක් තබා ගැනීමට සමත් විණි.

 අද (17) ආරම්භ වීමට නියමිත වු නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සහ මුවර්ස් අතර තරගය 18, 19, 20 දිනවලත් බ්ලුම්ෆීල්ඩ් – හලාවත මේරියන්ස් තරගය 19,20 සහ 21 දිනවලත් පැවැත්වීමට නියමිතය.

  • රාගම – බදුරලිය

 මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු බදුරලිය පිල මුලින් පන්දුවට පහරදීම රාගමට පැවරීය.

 බදුරලිය කණ්ඩායමේ චාමික රුවන්සිරි ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ (ලකුණු 37ට කඩුලු 8යි) රාගම කණ්ඩායම පළමු ඉනිමේ පන්දුවාර 28.1කට දැවී ගියේ ලකුණු 122කටය. පසුව රුවන්සිරි තුන් ඉරියව්වේම දස්කම් දැක් වුයේ පන්දු 40කට මුහුණ දී හතරේ පහර තුනක් හයේ පහර තුනක් සමග ලකුණු 40ක් රැස් කරමිනි. බදුරලිය පිල වෙනුවෙන් ගීත් කුමාර පන්දු 102ක දී හතරේ පහක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 64ක් ද රනේෂ් සිල්වා නොදැවී ලකුණු 42ක් ද රැස් කළහ.

 මොවුන් දෙදෙනාගේ පස්වන කඩුල්ලේ නොදැවී සබඳතාවය ලකුණු 93කි.

රාගම පළමු ඉනිම සියල්ල දැවී 122යි – (ගවිරු සෙන්හස් 21, යොහාන් ලියනගේ 21, දමිත් සිල්වා 16, දිනෙත් තිමෝද්‍ය 15, චාමික රුවන්සිරි 37/8, චාමික කොමසාරු 50/1)

බදුරලිය පළමු ඉනිම කඩුලු 4ට 231 – (ගීත් කුමාර නොදැවී 64, රමේෂ් සිල්වා නොදැවී 42, චාමික රුවන්සිරි 40, ශෂික දුල්ෂාන් 76/2)

  • බී.ආර්.සී. – කැන්ඩි කස්ටම්

 බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී බී.ආර්.සී. කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම කැන්ඩි කස්ටම්ට පැවරීමටය.

 බී.ආර්.සී. කණ්ඩායමේ මොහමඩ් ශිරාෂ් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 37කට කඩුලු පහක් දවාලීමෙන් කැන්ඩි කස්ටම් පළමු ඉනිම ලකුණු 131කට සීමා විණි.

බී.ආර්.සී. කණ්ඩායම පළමු දිනයේ තරගය නිම වන විට කඩුලු 9කට ලකුණු 213ක් ලබා පළමු ඉනිමේ ලකුණු 82ක් ඉදිරියෙන් පසු විණි.

කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 131යි – (ෂෙහාන් ප්‍රනාන්දු 33, රොස්කො තටිල් 33, සහන් කෝසල 21, උමේෂ් උදයංග 21, මොහමඩ් ශිරාෂ් 37/5, මාලින්ද පුෂ්පකුමාර 43/2, මොවින් සුබසිංහ 18/2)

බී.ආර්.සී. පළමු ඉනිම කඩුලු 9ට 213 – (කවිඳු නිර්මාල් 38, දිනුරු අබේවික්‍රම 38, චාමික හීනටිගල නොදැවී 37, රිසිර වීරසූරිය 23, රොෂේන් සිල්වා 18, බුද්ධික සංජීව 43/3, සචිත්‍ර පෙරේරා 50/3)

  • ටැමිල් යුනියන් – කුරුණෑගල තරුණ

 වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම සඳහා ලකුණු 222ක් රැස් කළේය.

 කුරුණෑගල තරුණ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් වූ රශ්මික මධුශංඛ ලකුණු 56ක් ද (පන්දු 137යි හතරේ පහයි හයේ දෙකයි) නායක සමීර සඳමල් ලකුණු 42ක් ද (පන්දු 68යි හතරේ හතරයි) රැස් කළ අතර මොවුන් දෙදෙනා පස්වන කඩුල්ලට ලකුණු 70ක සබඳතාවයක් තබා ගත්තේ පන්දුවාර 23.5කදීය.

කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 222 – (රශ්මික මධුශංඛ 56, සමීර සඳමල් 42, දිනුෂ්ක මාලන් 31, අසන්ත බස්නායක 28, ළහිරු ජයරත්න 15, ලක්ෂාන් එදිරිසිංහ 12, නවෝද් පරණවිතාන 33/3, තරිඳු රත්නායක 69/3)

ටැමිල් යුනියන් පළමු දින තරගය නිම වන විට කඩුලු 1ට 31යි – (මනෙල්ක ද සිල්වා නොදැවී 18, නවෝද් පරණවිතාන නොදැවී 13, ළහිරු ජයරත්න 14/1)

  • කෝල්ට්ස් – පාණදුර

 පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී කාසියේ වාසිය දිනු පාණදුර කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම කෝල්ට්ස් කණ්ඩායමට පැවරීය.

 කෝල්ට්ස් අංක පහ පිතිකරු ධනංජය ලක්ෂාන් පන්දු 128කට මුහුණ දී හතරේ පහර දහයක් හයේ පහර හතරක් සමග ලකුණු 104ක් රැස් කරමින් දැක් වු දස්කම් මුල් කර ගත් කෝල්ට්ස් කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා පන්දුවාර 74.3ක දී ලකුණු 345ක් රැස් කිරීමට සමත් විණි.

 පාණදුර වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු නිමේෂ් විමුක්ති කඩුලු හයක් දවාලුවේ ලකුණු 104ක් ලබා දෙමිනි.

 කෝල්ට්ස් පළමු ඉනිම සියල්ල දැවී 345යි – (ධනංජය ලක්ෂාන් 104, ෂෙරාන් ෆොන්සේකා 63, කවිෂ්ක අංජුල 57, සනෝජ් දර්ශික 33, දිනේෂ් චන්දිමාල් 26, රවිඳු රසන්ත 17, නිමේෂ් විමුක්ති 104/6, මොහමඩ් දිල්ෂාඩ් 37/1)

 පාණදුර පළමු ඉනිම පළමු දිනය තරගය නතර කරන විට කිසිවකු නොදැවී 69යි – (ඕෂද ප්‍රනාන්දු නොදැවී 50, ඉරෝෂ් සමරසූරිය නොදැවී 15)

  • මීගමුව – පොලීසිය

 බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු පොලීසිය තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම මීගමුව කණ්ඩායමට පැවරීමටය.

 මීගමුව ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 90 අවසානයේ ප්‍රබල තත්ත්වයක පසු වුයේ කඩුලු පහකට ලකුණු 266ක් රැස් කර ගනිමිනි.

 දක්ෂ පිතිහරඹයක නියැලුණු මිලින්ද සිරිවර්ධන පන්දු 120කට මුහුණ දී හතරේ නවයක් හයේ පහරක් සමග ලකුණු 83ක් ද හිමාෂ ලියනගේ පන්දු 188කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමග ලකුණු 65ක් ද රැස් කළහ.

 මීගමුව පළමු ඉනිම පළමු දින තරගය නිම වන විට කඩුලු 5ට ලකුණු 266යි – (මිලින්ද සිරිවර්ධන 88, හිමාෂ ලියනගේ 65, දිල්ෂාන් මුණවීර 44, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 29, කේෂාන් වන්නිආරච්චි 26, දිලුම් සුධීර 87/4)

  • එස්.එස්.සී. – සී.සී.සී.

 එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු එස්.එස්.සී. මුලින් පන්දුවට පහර දී දිනය නිම වන විට කඩුලු හතකට ලකුණු 304ක් (පන්දුවාර 81) ලබා සිටියේය.

 අංක හය පිතිකරු ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් දක්ෂ පිතිහරඹයක නියැළෙමින් ලකුණු 123ක් රැස් කළේ පන්දු 151ක දී හතරේ පහර 11ක් සමගය. කුසල් හයවන කඩුල්ලට චමිඳු වික්‍රමසිංහ (නොදැවී 59) සමග පන්දුවාර 35ක දී ලකුණු 120ක් රැස් කරමින් එස්.එස්.සී. ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට ක්‍රියා කළහ. චමිඳු වික්‍රමසිංහ පන්දු 129ක දී හතරේ හතරක් සමග නොදැවී ලකුණු 59ක් ලබා සිටියේය.

 එස්.එස්.සී. පළමු ඉනිම කඩුලු 7ට 304යි – (කුසල් මෙන්ඩිස් 104, චමිඳු වික්‍රමසිංහ නොදැවී 59, නුවිනිඳු ප්‍රනාන්දු 40, ෂෙවෝන් ඩැනියල් 23, අසිත ප්‍රනාන්දු 56/2, විශ්ව ප්‍රනාන්දු 51/2)

Active filters

Recent Posts

  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]
  • දඹුල්ලට එරෙහි ගාල්ල පළමු ඉනිමේ ලකුණු 6ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar