slc
logo
Home   |    News
ජනවාරි 27, 2025
චාමික කරුණාරත්නගෙන් කඩුලු ත්‍රිත්වයක්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන් දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති තරග අතුරින් බී.ආර්.සී., ටැමිල් යුනියන් සහ කෝල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විණි. බී.ආර්.සී. කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 48කින් එස්.එස්.සී. කණ්ඩායම ද ටැමිල් යුනියන් කඩුලු නවයකින් කැන්ඩි කස්ටම් කණ්ඩායම ද කෝල්ට්ස් කණ්ඩායම කඩුලු පහකින් බදුරලිය කණ්ඩායම ද පරාජයට පත් කළහ.

 එන්.සී.සී. සහ නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය අතර තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය ජයග්‍රහණය අසළටම පැමිණියත් හදිසියේ අයහපත් කාලගුණය මත තරගය නතර කළ හෙයින් එම තරගය ජය පැරැදුමින් තොරව නිම වු තරගයක් බවට පත් විණි.

 එන්.සී.සී. කණ්ඩායමට ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේ දී ලකුණු 250ක් අවශ්‍ය වු අතර තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ඔවුන් ලබා සිටියේ ලකුණු 146කි. එන්.සී.සී. කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා මේ වන විට නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම නියෝජනය කරමින් එහි දෙවන ඉනිමේ දී පන්දු 90කට මුහුණ දී හතරේ පහර දහයක් හයේ පහර පහක් සමග නොදැවී ලකුණු 120ක් රැස් කරමින් දැක් වු දක්ෂතා නුගේගොඩ කණ්ඩායමට ඉදිරියට ඒමට ප්‍රධාන සාධකය විය.

 බී.ආර්.සී. – එස්.එස්.සී. තරගයේ දී බී.ආර්.සී. කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන 37 හැවිරිදි මලින්ද පුෂ්පකුමාර ඉනිම දෙකේ දී ලකුණු 96කට කඩුලු 13ක් ද ටැමිල් යුනියන් – කැන්ඩි කස්ටම් තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ වේග පන්දු යවන තරිඳු රත්නායක ඉනිම දෙකේ දී ලකුණු 128කට කඩුලු 13ක් ද දවාලමින් තම කණ්ඩායම්වල ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් ලබා දීමට දක්ෂතා දැක් වුහ.

මීට අමතරව නුගේගොඩ කණ්ඩායමට එරෙහි තරගයේදී එන්. සී. සී. කණ්ඩායමේ චාමික කරුණාරත්න කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමටස මත්වීම කැපී පෙනුණි. තරගයේ යවන ලද 57 වැනි පන්දුවාරයේදී තෙවැනි පන්දුවේදී අක්‍රම් මුතාලිබ්, සිව්වැනි පන්දුවේදී මදුක ලියනපතිරණ සහ පස්වැනි පන්දුවේදී ඩිල්ෂාන් අබේසිංහ දවා ගනිමින් චාමික එම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය.

  • එස්.එස්.සී. – බී.ආර්.සී. (බී.ආර්.සී. ඉනිමකින් සහ ලකුණු 48කින් එස්.එස්.සී. පරාජය කරයි.

 බී.ආර්.සී. කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 48ක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට මුලික වු වමතින් දඟපන්දු යවන 37 හැවිරිදි මලින්ද පුෂ්පකුමාර ප්‍රථම ඉනිමේ දී ලකුණු 35කට කඩුලු හතක් ද දෙවන ඉනිමේ දී ලකුණු 63කට කඩුලු හයක් ද දවා දස්කම් දැක් වුයේ සම්පූර්ණ තරගයේ දී ලකුණු 98කට කඩුලු 13ක්ම දවාලමිනි.

 ඉනිමක පරාජයෙන් බේරීමට එස්.එස්.සී. පිලට දෙවන ඉනිමේ දී ලකුණු 224ක් අවශ්‍ය වුවත් ඔවුන් රැස් කළේ ලකුණු 176ක් පමණකි. (පන්දුවාර 45.2යි) එස්.එස්.සී. නායක නුවනිඳු ප්‍රනාන්දු දෙවන ඉනිමේ දී පන්දු 80කට මුහුණ දී හතරේ පහර පහක් හයේ පහර දෙකක් සමග ලකුණු 51ක් රැස් කර වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

එස්.එස්.සී. පළමු ඉනිම සියල්ල දැවී 116යි – (සසිඳු මල්ෂාන් 32, ලක්ෂිත මානසිංහ 17, නිසල තාරක 14, ෂෙවෝන් ඩැනියල් 12, මනෝජ් සරත්චන්ද්‍ර 12, මාලින්ද පුෂ්පකුමාර 35/7, මොවින් සුබසිංහ 35/2)

බී.ආර්.සී. පළමු ඉනිම කඩුලු 6ට 340 – (රොෂේන් සිල්වා නොදැවී 105,මොවුන් සුබසිංහ නොදැවී 100, දිනුරු අබේවික්‍රම 51, දිල්ෂාන් ද සොයිසා 26, චාමික හීනටිගල 15, නිම්නක ජයතිලක 108/3, නිසල තාරක 43/2)

එස්.එස්.සී. දෙවන ඉනිම සියල්ල දැවී 176 – (නුවනිඳු ප්‍රනාන්දු 51, ක්‍රිෂාන් සංජුල 32, කවිඳු නදීෂාන් 23, ලක්ෂිත මනසිංහ 22, මාලින්ද පුෂ්පකුමාර 63/6, චාමික හීනටිගල 28/3)

  • කැන්ඩි කස්ටම් – ටැමිල් යුනියන් (ටැමිල් යුනියන් කඩුලු 9කින් ජය ගනී)

 ටැමිල් යුනියන් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා තරිඳු රත්නායක ප්‍රථම ඉනිමේ ලකුණු 34කට කඩුලු අටක් ද දෙවන ඉනිමේ දී ලකුණු 94කට කඩුලු පහක් ද දවා සම්පූර්ණ තරගයේ දී ලකුණු 128කට කඩුලු 13ක් දවාලමින් කණ්ඩායමේ ජයග්‍රහණයට පූර්ණ දායකත්වය දැක්වීය.

 ටැමිල් යුනියන් දෙවන ඉනිමේ ලකුණු 127ක ජයග්‍රාහී ඉලක්කයට යද්දී අංක තුන පිතිකරු තරිඳු දිල්ෂාන් පන්දු 55ක දී හතරේ අටක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 61ක් ලැබීය.

 කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 99යි – (උමේෂ් උදයංග 21, සචිත පෙරේරා 19, ෂෙහාන් ප්‍රනාන්දු 12, රොස්කෝ තටිල් 08, තරිඳු රත්නායක 34/8)

 ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 153යි – (නවෝද් පරණවිතාන 36, තරුෂ ප්‍රනාන්දු 27, තුලින දිල්ෂාන් 23, මොහමඩ් ෂමාෂ් 14, විහස් තෙව්මික 13,  බුද්ධික සංජීව 46/4, සචිත්‍ර පෙරේරා 24/3, අවිඳු තීක්ෂණ 22/2)

කැන්ඩි කස්ටම් දෙවන ඉනිම සියල්ල දැවී 180යි – (බුද්ධික සංජීව 48, රොස්කො තටිල් නොදැවී 38, මලිඳු මධුරංග 22, සචිත්‍ර පෙරේරා 15, උමේෂ් උදයංග 15, තරිඳු රත්නායක 94/5, අසංක මනෝජ් 61/4)

ටැමිල් යුනියන් දෙවන ඉනිම කඩුලු 1ට 127යි – (තුළින දිල්ෂාන් නොදැවී 61, නවෝද් පරණවිතාන 40, සිනෙත් ජයවර්ධන 22, බුද්ධික සංජීව 22/1)

  • කෝල්ට්ස් – බදුරලිය (කෝල්ට්ස් කඩුලු පහකින් ජය ගනී)

 මේ තරගයේ පළමු ඉනිමේ දී කෝල්ට්ස් ඉදිරියෙන් සිටියේ ලකුණු අටකිනි. දෙවන ඉනිමේ දී කෝල්ට්ස් කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ලකුණු 32කට කඩුලු පහක් දවාලීමෙන් බදුරලියට දෙවන ඉනිමේ රැස් කර ගත හැකි වුයේ ලකුණු 118ක් පමණකි.

 ජයග්‍රහණය සඳහා ලකුණු 111ක ඉලක්කයක් හඹා ගිය කෝල්ට්ස් කඩුලු පහකට ලකුණු 113ක් ලබා සවස තේ පානය වන විට තරගය නිම කිරීමට සමත් විය. කෝල්ට්ස් දෙවන ඉනිමේ දී රවිඳු රසන්ත ලකුණු 39ක් ද යොහාන් මෙන්ඩිස් නොදැවී 31ක් ද රැස් කළහ.

බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 143යි – (රනේෂ් සිල්වා 43, අලංකාර අසලංක 27, දුල්නිත් සිගේරා 22, චානක රුවන්සිරි 15, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 13, අකිල ධනංජය 42/6, උදිත් මධුෂාන් 30/2)

කෝල්ට්ස් පළමු ඉනිම සියල්ල දැවී 151යි – (ෂෙරාන් ෆොන්සේකා 71, කවිශ්ක අංජුල 31, රවිඳු රසන්ත 21, චානක කොමසාරු 46/7)

බදුරලිය දෙවන ඉනිම සියල්ල දැවී 118යි – (රුමේෂ් සිල්වා 62, දුල්නිත් සිගේරා 16, මුදිත ලක්ෂාන් 32/5, උදිත් මධුෂාන් 27/2, අකිල ධනංජය 46/2)

කෝල්ට්ස් දෙවන ඉනිම කඩුලු 5ට 113යි – (රවිඳු රසන්ත 39, ධනංජය ලක්ෂාන් නොදැවී 16, යොහාන් මෙන්ඩිස් 31, කවිෂ්ක අංජුල 19, චානක කොමසාරු 37/2, චලන ද සිල්වා 34/2යි)

බ්ලුම්ෆීල්ඩ් – මීගමුව (බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ දී ඉදිරියෙන්)

 බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ දී මීගමුවට වඩා ලකුණු 20කින් පමණක් ඉදිරියෙන් සිටියත් දෙවන ඉනිමේ දී ලකුණු 301ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට යාමට සමත් විය.

 බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිමේ දී අංක තුන පිතිකරු කසුන් අබේරත්න පන්දු 187කට මුහුණ දී හතරේ 13ක් සමග ලකුණු 115ක් ද නායක නිපුන් කරුණානායක පන්දු 125ක දී හතරේ පහර හයක් හයේ පහර තුනක් සමග ලකුණු 73ක් ද රැස් කරමින් එම ඉනිමට දායකත්වය දැක්වීය. මොවුන් දෙදෙනාගේ සිව්වන කඩුල්ලේ සබඳතාව 175කි.

බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 172යි – (ළහිරු මධුෂාන් නොදැවී 55, තරිඳු ගුරුගේ 27, රවිඳු ප්‍රනාන්දු 22, දිල්ෂාන් මුණවීර 27/4, මාධව වර්ණපුර 14/2, ධනුෂ්ක සඳරුවන් 47/2)

මීගමුව පළමු ඉනිම සියල්ල දැවී 152යි – (ප්‍රමෝද් මධුවන්ත 53, පසිඳු ලක්ශංක 26, උපුල් ඉන්ද්‍රසිරි 23, ධනුෂ්ක සඳරුවන් 17, ඉසිත විජේසුන්දර 33/3, රවිඳු ප්‍රනාන්දු 41/3)

 බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම සියල්ල දැවී 301යි – (කසුන් අබේරත්න 115, නිපුන් කරුණානායක 73, යොහාන් ද සිල්වා 33, රවිඳු ප්‍රනාන්දු 22, උපුල් ඉන්ද්‍රසිරි 95/4, ෂෙෂාන් ප්‍රනාන්දු 33/3යි)

මීගමුව දෙවන ඉනිම කඩුලු 3ට 53යි – (ෂෙෂාන් ප්‍රනාන්දු 18, දිල්ෂාන් මුණවීර 14, සහන් නානායක්කාර 29/2)

  • ඒස් කැපිටල් – චිලව් මේරියන්ස්

 සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගය අද (26) ආරම්භ වු අතර ඒස් කැපිටල් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

 ෂම්මු අෂාන් (79) සකුන ලියනගේ (62) අර්ධ ශතක ලැබුහ.

 ඒස් කැපිටල් පළමු දින තරගය නිම වන විට කඩුලු 6ට ලකුණු 298යි – (ෂම්මු අෂාන් 79, සකුන ලියනගේ 62, පවන්ත වීරසිංහ 42, උදයවංශ පරාක්‍රම 34, රවීන් ද සිල්වා 30, තානුක දාබරේ 18, වනුජ සහන් නොදැවී 18, දුෂාන් විමුක්ති 57/3, දුවිඳු තිලකරත්න 61/2)

  • සී.සී.සී. – මුවර්ස් (තරගය විසඳුමකින් තොරව නිම වේ)

 සී.සී.සී. කණ්ඩායම මේ තරගයේ දී පළමු ඉනිමේ දී ලකුණු 301ක් ලබා පළමු ඉනිමේ දී ලකුණු 52කින් ඉදිරියෙන් සිටියත් දෙවන ඉනිමේ දී මුවර්ස් කණ්ඩායමේ චානුක දිල්ෂාන් ලකුණු 34කට කඩුලු හයක් දවා දැක් වු දක්ෂතා මත සී.සී.සී. දෙවන ඉනිම කඩුලු 9කට ලකුණු 100කට සීමා විය.

 සී.සී.සී. දෙවන ඉනිමේ අවසාන (දස වන) කඩුල්ලට චමිඳු විජේසිංහ (නොදැවී 21) සහ ලක්ෂාන් සඳකැන් (නොදැවී 12) රැස් කළ නොදැවී ලකුණු 29ක සබඳතාවය ඉනිම ගොඩ ගැනීමේ සටනක් ලෙස දිස් විණි.

සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 301ක් – (මිනෝද් භානුක 83, චමිඳු විජේසිංහ 50, පවන් රත්නායක 19, සඳුන් මෙන්ඩිස් නොදැවී 19, පවන් පතිරාජ 18, ඉසුරු උදාන 17, ශිරාන් ප්‍රනාන්දු 64/5, රමේෂ් මෙන්ඩිස් 102/3)

 මුවර්ස් පළමු ඉනිම සියල්ල දැවී 249යි –(රමේෂ් මෙන්ඩිස් 80, සිතාර ගිම්හාන් 50, සොහාන් ඩි ලිවේරා 29, දිනුක දිල්ෂාන් 26, පසිඳු සූරියබණ්ඩාර 21, චතුරංග ද සිල්වා 84/3, ලක්ෂාන් සඳකැන් 61/3, චමිඳු විජේසිංහ 21/2)

සී.සී.සී. දෙවන ඉනිම කඩුලු 9ට 100යි – (චමිඳු විජේසිංහ නොදැවී 21, ලසිත් කෘෘස්පුල්ලේ 19, පවන් පතිරාජ 15, ලක්ෂාන් සඳකැන් නොදැවී 12, චානුක දිල්ෂාන් 34/6, පසිඳු සූරියබණ්ඩාර 29/2)

  • පොලීසිය – රාගම (තරගය ජය පරාජ නෑ)

 රාගම කණ්ඩායමේ පළමු ඉනිමේ දී විනුර දුල්සර පන්දු 191ක දී හතරේ හයක් සමග ලකුණු 92ක් රැස් කිරීමෙන් රාගමට පළමු ඉනිමේ දී ලකුණු 115කින් ඉදිරියෙන් සිටීමට අවස්ථාව උදා විණි.

 එහෙත් පොලීසිය දෙවන ඉනිමේ දී වඩාත් දක්ෂතා අතරට පැමිණියේ ප්‍රියමල් පෙරේරා නොදැවී 87ක් (පන්දු 66යි හතරේ හතයි හයේ දෙකයි) නායක අෂේන් බණ්ඩාර ලකුණු 50ක් ද (පන්දු 57යි හතරේ දෙකයි හයේ පහරයි) සිව්වන කඩුල්ලට ලකුණු 122ක සබඳතාවයක් තබා ගැනීමෙනි.

 පොලීසිය පළමු ඉනිම සියල්ල දැවී 141යි – (අෂේන් බණ්ඩාර 41, අවිශ්ක තරිඳු 27, නලින් ප්‍රියදර්ශන 22, හෙෂාන් ධනුෂ්ක 15, ජනිත් ලියනගේ 30/3, දමිත සිල්වා 15/2)

 රාගම පළමු ඉනිම සියල්ල දැවී 256යි – (විනුර දුල්සර 92, කොසාන් ධනුෂ්ක 45, ජනිත් ලියනගේ 25, සංතූෂ් ගුණතිලක 24, ගජිත කොටුවේගොඩ 22, දිලුම් සුධීර 85/4, නලින් ප්‍රියදර්ශන 76/4)

 පොලීසිය දෙවන ඉනිම තරගය නතර කරන විට කඩුලු 4ට 172යි – (ප්‍රියමල් පෙරේරා නොදැවී 87, අෂේන් බණ්ඩාර 50, කොසාන් ධනුෂ්ක 37/2)

  • එන්.සී.සී. – නුගේගොඩ සුබ සාධක සමාජය (තරගය ජය පරාජ නෑ)

 එන්.සී.සී. කණ්ඩායමට මේ තරගයෙන් ජය ලැබීමට දෙවන ඉනිමේ දී ලකුණු 250ක ඉලක්කයක් ලැබුණත් අයහපත් කාලගුණය මත තරගය නතර කරන විට එන්.සී.සී. ලබා සිටියේ කඩුලු 8ක් දැවී ලකුණු 146කි.

 මේ තරගයේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වුයේ කලින් එන්.සී.සී. නියෝජනය කළ එහි හිටපු නායකයකු වන ඇන්ජලෝ පෙරේරා මේ වන විට නුගේගොඩ කණ්ඩායම නියෝජනය කරමින් දෙවන ඉනිමේ දී පන්දු 90ක දී හතරේ පහර දහයක් හයේ පහර පහක් සමග නොදැවී ලකුණු 120ක් රැස් කිරීමෙනි.

නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම 153 – (චාමිකර එදිරිසිංහ 54, අක්රම් මුතාලිබ් 38, ඇන්ජලෝ පෙරේරා 22, අවිශ්ක පෙරේරා 15, සම්පත් නිශ්ශංක 31/5, චාමික කරුණාරත්න 36/2, සහන් ආරච්චිගේ 22/2)

 එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 198යි – (චාමික කරුණාරත්න 43, කමිල් මිෂාර 32, චාමික ගුණසේකර 31, ලසිත් ඇඹුල්දෙණිය 35, කෙවින් බණ්ඩාර 22, තිලකරත්න සම්පත් 88/5, දිල්ෂාන් අබේසිංහ 39/3)

නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය දෙවන ඉනිම සියල්ල දැවී 294යි –(ඇන්ජලෝ පෙරේරා නොදැවී 120, ලක්ෂාන් ගමගේ 35, රොෂාන් විජේනායක  32, අවිශ්ක පෙරේරා 31, තිලකරත්න සම්පත් 20,  ඩිලාන් ජයලත් 18, කෙවින් පෙරේරා 15, චාමික කරුණාරත්න 72/4, සම්පත් නිශ්ශංක 61/3යි)

 එන්.සී.සී. දෙවන ඉනිම කඩුලු 8ට 146 – (ළහිරු උදාර 41, කමිල් මිෂාර 22, අෂේන් ඩැනියල් නොදැවී 22, චාමික කරුණාරත්න 19, චාමික එදිරිසිංහ 39/4, තිලකරත්න සම්පත් 20/2යි)

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee