slc
logo
Home   |    News
ජනවාරි 7, 2025
පානදුර – එන්සීසී – ඒස් කැපිටල් පූර්ණ තරග ජය ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ තරගවලදී පානදුර ක්‍රීඩා සමාජය, එන්සීසී හා ඒස් කැපිටල් කණ්ඩායම් පූර්ණ තරග ජය වාර්තා කළහ.

මේ අතර කැන්ඩි කස්ටම් පිලට එරෙහිව කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ දිල්හාර පොල්ගම්පොල පන්දු 297කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 109ක් හා සමීර සඳමාල් පන්දු 297කදී හයේ පහරක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 116ක්, පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ ෂෙහාන් ජයසූරිය පන්දු 261කදී හයේ පහර 5ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 132ක්, රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව ඒස් කැපිටල් පිලේ
පවන්ත වීරසිංහ පන්දු 161කදී හයේ පහරක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු නොදැවී 118ක් වාර්තා කිරීසට සමත් වූහ.

පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති බදුරලිය ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් පානදුර ක්‍රීඩා සමාජය මුලින් පන්දුවට පහරදීමට බදුරලිය පිලට ආරාධනා කළ අතර, ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 126ක ඉලක්කය කඩුලු 2ක් බිඳ වැටී වාර්තා කළේය. ඒ අනුව පානදුර ක්‍රීඩා සමාජයට කඩුලු 8ක ජයක් හිමි විය. ඔෂධ ප්‍රනාන්දු පන්දු 60කදී හයේ පහර 9ක් හා හතරේ පහර 6ක් සමඟ වේගවත් ලකුණු ‍99ක් රැස්කර තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 186 (ඕවර් 63.3)
දුනිත් ජයතුංග 28, ලියෝ ෆ්‍රැන්සිස්කො 16, අනුක් ප්‍රනාන්දු 20, ගීත් කුමාර 52, චානක රුවන්සිරි 23, අතිරේක 12 ( රනිත් ලියනාරච්චි 13/2, නිමේෂ් විමුක්ති 60/4, විශ්ව ළහිරු තුමාර 28/3)

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 178 (ඕවර් 58)
ළහිරු දෙවටගේ 32, ඉරෝෂ් සමරසූරිය 58, රනිත ලියනාරච්චි 43 (චානක කොමසෝරු 86/6, චලන ද සිල්වා 45/3)

බදුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 117 (ඕවර් 42)
ගීත් කුමාර 24, සසංක නිර්මාල් නොදැවී 28, අතිරේක 6 (දුෂාන් හේමන්ත 51/6, නිමේෂ් විමුක්ති 16//2)

පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 47 (ඕවර් 7)
ඔෂධ ප්‍රනාන්දු ‍99, ඉරෝෂ් සමරසූරිය 19 (චානක කොමසෝරු 88/1, චලන ද සිල්වා 38/1)

එන්සීසීට ලකුණු 87ක ජයක්

එන්සීසී පිටියේ පැවැති බීආර්සී හා එන්සීසී අතර තරග‍යේදී එන්සීසී පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට බීආර්සී පිලට ආරාධනා කළේය. බීආර්සී පිල පළමු ඉනිමේ ලකුණු 199කින් පසුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළද රැස්කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණි.

බීආර්සී පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 226 (ඕවර් 80.4)
දේශාන් ඩයස් 74, ඩිල්ෂාන් ද සොයිසා 65, රොෂේන් සිල්වා 51, අතිරේක 8 (චාමික කරුණාරත්න 27/3, අශේන් ඩැනියෙල් 36/5)

එන්සීසී පිල පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 425 (ඕවර් 75)
නිරෝෂන් දික්වැල්ල 28, ළහිරු උදාර 142, කමීල් මිෂාර 26, අහන් වික්‍රමසිංහ 105, සහන් ආරච්චිගේ 22, අසෙල් සිගේරා නෙදැවී 57, චාමික කරුණාරත්න 17, අතිරේක 22 (චමින්ද බණ්ඩාර 122/2, මලින්ද පුෂ්පකුමාර 97/2)

බීආර්සී පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 112 (ඕවර් 35.3)
දිනුර අබේවික්‍රමසිංහ 43, කේෂාන් විජේරත්න නොදැවි 20, අතිරේක 6 (දුෂ්මන්ත චමීර 16/2, චාමික කරුණාරත්න 7/3, අශේන් ඩැනියෙල් 29/2, ලසිත් ඇඹුල්දෙනිය 31/2)

ඒස් කැපිටල් ලකුණු 116කින් ජය ලබයි

මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් රාගම පිල මුලින් පන්දුවට පහරදීමට ඒස් කැපිටල් පිලට ආරාධනා කළේය. තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 382ක ඉලක්කයක් එල්ල වුවද, රාගම ක්‍රිකට් සමාජය ලකුණු 265කට සීමා වූ හෙයින් ඒස් කැපිටල් ලකුණු 116කින් ජය ලැබීය.

ඒස් කැපිටල් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 219 (ඕවර් 67.3)
පවන්ත වීරසිංහ 23, උදයශාන්ත පරාක්‍රම ‍24, රවීන් ද සිල්වා 77,ශම්මු අෂාන් 20, හර්ෂ කුරේ 18, දනාල් හේමනන්ද 18, අතිරේක 18 (හරීන් රත්නමුදලි 40/3, හෂික දුල්ෂාන් 55/3)

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 107 (ඕවර් 32.4 )
‍යොහාන් ලියනගේ 16, දිනෙත් තිමෝද්‍යා 17, රන්මිත් ජයසේන 15, කල්හාර සේනාරත්න 15, අතිරේක 12 ( දනාල් හේමනන්ද 26/3, වනුජ සහන් 32/3)

ඒස් කැපිටල් දෙවැනි ඉනිම කඉුලු 5ක් දැවී ලකුණු 269 (ඉනිම අත්හිටෙව්වා) (ඕවර් 55.3)
පවන්ත වීරසිංහ නොදැවී 118, උදයශාන්ත පරාක්‍රම 31, රවීන් ද සිල්වා 20, ශම්මු අෂාන් 48, සකුන ලියනගේ 37 (කල්හාර සේනාරත්න 70/2, සන්තුෂ් ගුණතිලක 35/2)

රාගම ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 265 (ඕවර් 62)
ගවිරු සෙකහස් 45, යොහාන් ලියනගේ 84, දිනෙත් තිමෝද්‍යා 39,
රන්මිත් ජයසේන 45, අතිරේක 13 (‍ොහාන් ජයතිස්ස 118/2, නිම්සර අතරගල්ල 67/5)

නුගේගොඩ පිලට පළමු ඉනිමේ ජය

එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට නුගේගොඩ පිලට ආරාධනා කළ අතර, එස්එස්සී පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 304ක ඉලක්කයක් එල්ල විය. තරගය නිමාවෙද්දී එස්එස්සී පිල කඩුලු 3ක් දැවී ලකුණු 184ක් ලබා සිටියේය.

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 311 (ඕවර් 67.5)
පුලිඳු පෙරේරා 28, රොෂාන් විජේනායක 20, ඇන්ජලෝ පෙරේරා 50, කෙවින් පෙරේරා 116, චාමික එදිරිසිංහ 43, අතිරේක 25 ( දිනුර කලුපහන 72/3, අක්මාල් ෆස්ලි 65/2, ප්‍රභාත් ජයසූරිය 63/3, දසුන් ශානක 44/2)

එස්එස්සී පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 307 (ඕවර් 80.3)
දිමුත් කරුණාරත්න 79, ත්‍රිෂාන් සංජ්ල 69, ෂෙවොන් ඩැනියෙල් 55, මනෝජ් සරත්චන්ද්‍ර 18, දිනුර කළුපහන 34, අතිරේක 10 ( චාවිකර එදිරිසිංහ 62/2, මධුක ලියනපතිරණගේ 89/6)

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 299 (ඕවර් 88.2)
පුලිඳු පෙරේරා 65, දිලාන් ජයලත් 38, ඇන්ජලෝ පෙරේරා 55, කෙවින් පෙරේරා 22, රාහුල් ගුණසේකර 25, චාමිකර එදිරිසිංහ 27, මධුක ලියනපතිරණගේ නොදැවී 32, අතිරේක 18 ( දසුන් ශානක 48/5, ප්‍රභාත් ජයසූරිය 106/2)

එස්එස්සී දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 184 (ඕවර් 31)
සදීෂ රාජපක්ෂ 63, දසුන් ශානක 51, ෂෙවොන් ඩැනියෙල් 50

කුරුණෑගලට පළමු ඉනිමේ ජයක්

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ පැවැති කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගයේ කුරුණෑගල පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කැන්ඩි කස්ටම් පිලට ආරාධනා කළේය. තරගය නිමා‍වෙද්දී කැන්ඩි කස්ටම් පිල ලකුණු 152කින් ඉදිරියෙන් සිටියද කුරුණෑගල පිලට පළමු ඉනිමේ ජය හිමි විය.

කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 278 (ඕවර් 102)
මලිඳු මධුරංග 86, ඉමාල් ලියනගේ 24, ෂෙහාන් ප්‍රනාන්දු 40, සහන් කෝසල 79, මිතුන් ජයවික්‍රම 28, අතිරේක 4 (ළහිරු ජයරත්න 73/5, කවිෂ්ක දිල්ෂාන් 93/3, දිනුෂ්ක මාලන් 47/2)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 378 (ඕවර් 117.4)
ගයාන් මනීෂාන් 15, ධනුෂ්ක ධර්මසිරි 26, දිල්හාර පොල්ගම්පොල 109, ගයන වීරසිංහ 15, ලක්ෂාන් එදිරිසිංහ 17, සමීර සඳමාල් 116, රවීන්ද්‍ර කරුණාරත්න 15, දිනුෂ්ක මාලන් 28, අතිරේක 15 ( බුද්ධික සංජීව 110/2, ඉමේෂ් උදයංග 58/2, සචිත්‍ර පෙරේරා 83/2, කෟමාල් නානායක්කාර 73/3)

කැන්ඩි කස්ටම් පිල දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 252 (ඕවර් 47)
මලිඳු මධුරංග 33, ඉමාල් ලියනගේ 85, ෂෙහාන් ප්‍රනාන්දු 34, සහන් කෝසල නොදැවි 54, රොස්කෝ තාටිග් 44 (කවිෂ්ක දිල්ෂාන් 86/2)

මුවර්ස් පිලට පළමු ඉනිමේ ජය

පී. සරා පිටියේදී පැවැති මුවර්ස් හා ටැමිල් යූනියන් අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් පිලේ ආරාධනාවෙන් මුවර්ස් පිල මුලින් පන්දුවට පහර දුන්නේය. තරගය නිමාවෙද්දී මුවර්ස් පිල පළමු ඉනිමේ ජය ලබා සිටියේය.

මුවර්ස් පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 476 (ඕවර් 132.3)
ජනිෂ්ක පෙරේරා 28, සොහාන් ඩි ලිවේරා 79, සධීර සමරවික්‍රම ‍59, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 200, සිතාර ගිම්හාන 33, රමේෂ් මෙන්ඩිස් 32, මිලාන් රත්නායක 20, අතිරේක10 (තරිඳු රත්නායක 188/5)

ටැමිල් යූනියන් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 288 (ඕවර් 92.3)
නවෝද් පරණවිතාන 22, තුලින දිල්ෂාන් 48, මනෙල්කර් ද සිල්වා ‍84, මොහොමඩ් සමාස් 46, දසිස් මංචනායක 16, තරුෂ ප්‍රනාන්දු 34, අතිරේක 17 (චානුක දිල්ෂාන් 67/2, රමේෂ් මෙන්ඩිස් 106/6)

මුවර්ස් පිල දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 123 (ඕවර් 25)
ජනිෂ්ක පෙරේරා 17, සොහාන් ඩි ලිවේරා 45, ලසිත් අබේරත්න නොදැවී 56

ටැමිල් යූනියන් පිල ‍දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 104 (ඕවර් 16)
තුලින දිල්ෂාන් 34, සිතාර හපුහින්න නොදැවී 36, සචිත ජයතිලක නොදැවී 15 (චානුක දිල්ෂාන් 20/1, රමේෂ් මෙන්ඩිස් 25/1)

පොලිසියට පළමු ඉනිමේ ජය

පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති හලාවත මේරියන්ස් – පොලිස් අතර තරගයේදී පොලිස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට හලාවත පිලට ආරාධනා කළේය. තරගයෙන් ජය ගැනීමට පොලිස් පිලට ලකුණු 169ක ඉලක්කයක් එල්ල වුවද තරගය නිමාවෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 75ක් ලබා සිටියේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 148 (ඕවර් 37)
ලසිත් ලක්ෂාන් 25, කසුන් විදුර 31, ෂෙහාන් ජයසූරිය 32, දනාල් හේමනන්ද 32, පැතුම් කුමාර 28, රවීන් යසස් 18, අතිරේක 7 ( චතුරංග කුමාර 17/2, දිලුම් සුධීර 21/6)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 219 (ඕවර් 77)
අවිශ්ක තරිදු 30, ප්‍රියමාල් පෙරේරා 41, විශාද් රන්දික 70, හිමේෂ් රත්නායක 25, අතිරේක 14 ( දුවිඳු තිලකරත්න 66/6 හේෂාන් හෙට්ටිආරච්චි 19/2)

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 239 (ඕවර් 98.3)
කසුන් විදුර නොදැවී 32, ෂෙහාන් ජයසූරිය 132 තික්ෂල ද සිල්වා 22, අතිරේක 11 (නලීන් ප්‍රියදර්ශන 105/5, දිලුම් සුධීර 63/3)

පොලිස් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 75 (ඕවර් 34)
ප්‍රියමාල් පෙරේරා 31 ( දුවිඳු තිලකරත්න 31/4, දුෂාන් විමුක්ති 35/4)

කෝල්ට්ස් පිලට පළමු ඉනිමේ ජය

කෝල්ට්ස් පිටියේ ආරම්භ වූ කෝල්ට්ස් – බ්ලූම්ෆීල්ඩ් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් පිල මුලින් පන්දුවට පහරදීමට කෝල්ට්ස් පිලට ආරාධනා කළේය. තරගය නිමාවෙද්දී කෝල්ට්ස් පිල පළමු ඉනිමේ ජය කළේය.

කෝල්ට්ස් පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 340 (ඕවර් 106.3)
සංගීත් කුරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 88, ස‍‍නෝජ් දර්ශික 22, ධනංජය ලක්ෂාන් 31, කවිෂ්ක අංජුල 110, දිල්ෂාන් මධුසංඛ නොදැවී 38, අතිරේක 9 (ඉසිත විජේසුන්දර 44/2, මිහිරංග නිම්සර 58/2, සහන් නානායක්කාර 47/2)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 230 (ඕවර් 83.4)
රොන් චන්ද්‍රගුප්ත 58, කසුන් අබේරත්න 19, නිපුන් කරුණානායක 55, මිනෙත් ‍ප්‍රේමරත්න 61 ( දිල්ෂාන් මධුසංඛ 47/2, අකිල ධනංජය 77/6)

කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 215 (ඕවර් 71.1)
සංගීත් කුරේ 42, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 66, හේෂාන් දුමින්ද 16, රවිඳු රසාන්ත 33, ස‍‍නෝජ් දර්ශික 21, සුකිත මනෝජ් 26 (රවිඳු ප්‍රනාන්දු 61/3, සහන් නානායක්කාර 74/2)

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee