ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ ප්‍රධාතම තුන් දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජයේ නලීන් ප්‍රියදර්ශන කඩුලු ත්‍රිත්වයක් සමඟින් ලකුණු 58 කට කඩුලු 6 ක් දවා ලමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූවේය. දකුණත් පිට දඟ පන්දු යවන්නකු වන නලින් දෙවැනි ඉනිමේදී රොන් චන්ද්‍රගුප්ත, හසිත බෝයගොඩ සහ කසුන් අබේරත්නගේ කඩුලු දවා ගනිමින් එම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය.
ඔහුට අමතරව ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ තරිදු රත්නායක, බී.ආර් සී. කණ්ඩායමේ මෙහොමඩ් ශිරාස්, මාලින්ද පුෂ්පකුමාර සහ පොලිස් කණ්ඩායමේ දිලුම් සුධීරද කඩුලු 5 බැගින් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූවේය.
පන්දු යවන්නන්ගේ දක්ෂතා එවන් තලයක පසුවද්දී පිතිහරඹයෙන් ශතක 4 ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත්වූශ. ඒ අතරින් සී.සී.සී. කණ්ඩඩායමේ ලසිත් කෘෘස්පුල්ලේ පෙරමුණ ගනු ලැබුවේ ලකුණු 128 ක් ලබා ගනිමිනි. පන්දු 142 කට මුහුණ දුන් දකුණත් ආරම්භක පිතිකරුවා ඊට හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් එල්ල කළේය. ඔහුට අමතව එම ක්‍රීඩා සමාජයේම පවන් රත්නායක පන්දු 212 කට මුහුණ දී හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 136 ක් ලබා ගැනීමට සමත්වූවේය. මොවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණ 210 ක් ලෙසින් සනිටුහන් විය.
ඔවුන් දෙදෙනාට අමතරව කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සනෝජ් දර්ශික රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 137 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 101 ක් ද කුරුණෑගල යූත් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගයාන් මනීෂාන් පන්ද 192 කට මුහුණ දි හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 112 ක් ලබා ගනිමින් ශතක වාර්තා කරන ලද සෙසු පිතිකරුවන් දෙදෙනා බවට පත්වූහ.
මේ අතර බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන තරගයක් බවට පත්ව තිබෙන කොළඹ එස්.එස්.සී. කණ්ඩායම සහ මුවර්ස් අතර තරගයේදී පළමුව පන්දුවට පහර දෙන මුවර්ස් කණ්ඩායම කඩුලු 3 ක ට ලකුණු 277 ක් ලබා ප්‍රභල ස්ථානයක පසුවන්නේය. මේ වන විටත් එකම ජයග්‍රහණයක් හෝ වාර්තා කර ගැනීමට අපොහොසත්ව සිටින එස්. එස්. සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අඩියට වැටී සිටින අතර තවදුරටත් ඉදිරි තරග වාරයේදී පළමු පෙළ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමට නම් ඔවුන්ට මෙම තරගයේ පළමු ඉනිමේ ජය හෝ වාර්තා කිරීම අතිශය තීරණාත්මක වනු ඇත. සිය කණ්ඩායම වැටී සිටින තත්ත්වෙයන් ගොඩ ගැනීම වෙනුවෙන් චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක තිදෙනාම, අබුඩාබිහි පැවැත්වෙන අයි.එල්.ටී. ටී. 10 තරගාවලිය අතරතුර තරගයට සහභාගිවීමට පැමිණීම විශේෂත්වයක් විය.
එම තරගයේදී මුවර්ස් ක්‍රීඩා සමාජයේ ලසිත් අබේරත්න අද දිනයේදී පළමු පෙළ තරග දිවියේ ලකුණු 6000 කඩඉම පසු කිරීමට සමත්වූවේය. ඔහු මෙම දක්ෂතාව දක්වන ලද්දේ තම 110 වැනි පළමු පෙළ තරගයට ක්‍රීඩා කරමින් සිටියදීය.
- බ්ලුම්ෆීල්ඩ් – පොලීසිය
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු බ්ලුම්ෆීල්ඩ් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමය. පොලීසියට මේ තරගය ජය ගැනීමට දෙවන දින (පෙබරවාරි 01) ඔවුනගේ දෙවන ඉනිම සඳහා ලකුණු 232ක් අවශ්‍ය වේ. බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 216ට පිළිතුරු ලෙස පොලීසිය පළමු ඉනිමේ දී රැස් කළේ ලකුණු 112කි. බ්ලුම්ෆීල්ඩ් ද දෙවන ඉනිමේ දී රැස් කළේ ලකුණු 127කි. බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ දී ඉසිත විජේසුන්දර පන්දු 85ක දී හතරේ හයක් සමග ලකුණු 54ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඉසිත විජේසුන්දර දෙවන ඉනිමේ දී ද ලකුණු 30ක් ලැබීය. බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු පොලීසියේ පළමු ඉනිමේ දී ලකුණු 33කට කඩුලු හතරක් දවාලීය.
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 216යි – (ඉසිත විජේසුන්දර 54, මිනෙත් ප්‍රේමරත්න 49, රොන් චන්ද්‍රගුප්ත 40, ළහිරු මධුශංක 26, දිලුම් සුධීර 80/5, නලින් ප්‍රියදර්ශන 80/3)
පොලීසිය පළමු ඉනිම සියල්ල දැවී 112යි – (නදීර බාලසූරිය 49, සංගීත් ෂෙහාර 20, රශ්මික හිරුෂාන් 09, රවිඳු ප්‍රනාන්දු 33/4, ඉසිත විජේසුන්දර 26/2, සහන් නානායක්කාර 22/2)
බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම සියල්ල දැවී 127යි – (ළහිරු මධුශංක 42, ඉසිත විජේසුන්දර නොදැවී 30, නිපුන් කරුණානායක 15, යොහාන් ද සිල්වා 13, නලින් ප්‍රියදර්ශන 58/6, දිලුම් සුධීර 27/2)
පොලීසිය දෙවන ඉනිම කිසිවකු නොදැවී ලකුණු 06යි
- කෝල්ට්ස් – රාගම
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී රාගම කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ පළමුව පන්දු රැකීමටය. කෝල්ට්ස් පන්දුවාර 79ක දී කඩුලු 4කට ලකුණු 333ක් ලබා ප්‍රථම දිනය නිම වන විට ප්‍රබලම තත්ත්වයක පසු විය. අංක හතර පිතිකරු සනෝජ් දර්ශික පන්දු 137ක දී හතරේ පහර හයක් හයේ පහරක් සමග ලකුණු 101ක් ද අංක පහ පිතිකරු ධනංජය ලක්ෂාන් පන්දු 141ක දී හතරේ හයක් හයේ හතරක් සමග නොදැවී ලකුණු 92ක් ද රැස් කළහ. මොවුන් දෙදෙනාගේ තෙවන කඩුල්ලේ නොදැවී සබඳතාවය පන්දුවාර 27.5ක දී 121කි.
කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 4ට 333යි – (සනෝජ් දර්ශික 101, ධනංජය ලක්ෂාන් නොදැවී 92, මුදිත ලක්ෂාන් නොදැවී 40, ජනිත් ලියනගේ 64/1)
- මීගමුව – ඒස් කැපිටල්
කටුනායක වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු ඒස් කැපිටල් තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටය. ඒස් කැපිටල් කණ්ඩායමේ රවිඳු රත්නායක ලකුණු 59ක් ද (පන්දු 75යි හතරේ හතයි හයේ දෙකයි) උදයවංශ පරාක්‍රම ලකුණු 55ක් ද (පන්දු 87යි හතරේ හතරයි හයේ තුනයි) ලබා අර්ධ ශතක රැස් කළහ. මීගමුව කණ්ඩායමේ උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 44කට කඩුලු හතරක් දවා හොඳම පන්දු යැවීම සිදු කළේය.
ඒස් කැපිටල් පළමු ඉනිම සියල්ල දැවී 228යි – (රවිඳු රත්නායක 59, උදයවංශ පරාක්‍රම 55, වනුජ සහන් 44, රොෂාන් ජයතිස්ස 36, සකුන ලියනගේ 19, උපුල් ඉන්ද්‍රසිරි 44/4, ෂෙෂාන් ප්‍රනාන්දු 39/3, මාධව වර්ණපුර 41/2)
මීගමුව පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 3ට 45යි – (දිල්ෂාන් මුණවීර 21, වනුජ සහන් 18/3)
- හලාවත මේරියන්ස් – පාණදුර
සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු පාණදුර කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කළේය.
මුලින් පන්දුවට පහර දෙන හලාවත මේරියන්ස් කණ්ඩායමේ අංක පහ පිතිකරු ෂෙහාන් ජයසූරිය පන්දු 170කට මුහුණ දී හතරේ පහර හතක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 93ක් රැස් කර ශතකය අභියස පසු විය.
හලාවත මේරියන්ස් පළමු දින තරගය නිම වන විට කඩුලු 6ට 243යි – (ෂෙහාන් ජයසූරිය නොදැවී 93, රවීන් යසස් 36, ලසිත් ලක්ෂාන් 32, තීක්ෂල ද සිල්වා නොදැවී 32, අයොන් ප්‍රනාන්දු 16, නිමේෂ් විමුක්ති 61/3, සහන් මිහිර 50/2)
- මුවර්ස් – එස්.එස්.සී.
එස්.එස්.සී. කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටය. වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී අද (31) මේ තරගය ආරම්භ විණි.
මුවර්ස් කණ්ඩායමේ ජනිෂ්ක පෙරේරා පන්දු 154ක දී හතරේ පහර 12ක් සමග ලකුණු 87ක් රැස් කළේය.
මුවර්ස් පළමු ඉනිම පළමු දින තරගය නතර කරන විට කඩුලු 3ට 277 – (ජනිෂ්ක පෙරේරා 87, ලසිත් අබේරත්න නොදැවී 68, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 58, ප්‍රමෝද් මධුෂාන් 39/1, චරිත් අසලංක 43/1)
- ටැමිල් යුනියන් – බී.ආර්.සී.
බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු බී.ආර්.සී. කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දු රැකීමටය. ටැමිල් යුනියන් වෙනුවෙන් සිනෙත් ජයවර්ධන පන්දු 41ක දී හතරේ හතරක් හයේ හතක් සමග වේගවත් ලකුණු 72ක් රැස් කළේය.
ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 224යි – (සිනෙත් ජයවර්ධන 72, ළහිරු සමරකෝන් නොදැවී 49, නවෝද් පරණවිතාන 24, මොහමඩ් ෂමාෂ් 20, අයන සිරිවර්ධන 20, මොහමඩ් ශිරාෂ් 63/5, මලින්ද පුෂ්පකුමාර 123/5)
බී.ආර්.සී. පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට කඩුලු 7ට 147යි – (රොෂේන් සිල්වා නොදැවී 50, දිල්ෂාන් ද සොයිසා 35, නවිඳු විතානගේ 16, දිනුරු අබේවික්‍රම 14, තරිඳු රත්නායක 45/6)
- සී.සී.සී. – එන්.සී.සී.
එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු සී.සී.සී. මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. සී.සී.සී. ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 142ක දී හතරේ 16ක් හයේ හයක් සමග ලකුණු 128ක් ද අංක හතර පිතිකරු පවන් රත්නායක පන්දු 212ක දී හතරේ දහයක් හයේ පහර හයක් සමග නොදැවී ලකුණු 136ක් ද රැස් කළහ.
සී.සී.සී. පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 3ට 328- (පවන් රත්නායක නොදැවී 136, ලසිත් කෘෘස්පුල්ලේ 128, අංජල බණ්ඩාර නොදැවී 49, චාමික කරුණාරත්න 62/2, අසෙල් සිගේරා 47/1)