slc
logo
Home   |    News
ජනවාරි 5, 2025
මුවර්ස් පිලේ පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

sinhala editor

එන්සීසී පිලේ කවිෂ්ක හා අහන් ශතක වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද දෙවැනි දිනයේදී මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර ටැමිල් යූනියන් පිලට එරෙහිව නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළේය. ඊයේ (3) පළමු දිනයේ තරගය නතර කරද්දී පසිඳු සූරියබණ්ඩාර නොදැවී 88ක් ලබා සිටි අතර අද දිනයේ පන්දු 294කදී හයේ පහර 3ක් හා හතරේ පහර 18ක් සමඟ නොදැවී ලකුණු 200ක් වාර්තා කිරීමට සමත් විය.

එමෙන්ම එන්සීසී පිලේ ළහිරු උදාර බීආර්සී පිලට එරෙහිව පන්දු 160කදී හයේ පහර 4ක් හා හතරේ පහර 18ක් සමඟ ලකුණු 142ක් ද, අහන් වික්‍රමසිංහ පන්දු 149කදී හයේ පහර 4ක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 105ක් ද අද දිනයේ වාර්තා කළහ.

පී. සරා පිටියේදී පැවැති මුවර්ස් හා ටැමිල් යූනියන් අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් මුවර්ස් පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 476ක් ලබා අත්හිටුවා ටැමිල් යූනියන් පිලට අවස්ථාව ලබා දුනි. දෙවැනි දිනය නිමා‍වෙද්දී ටැමිල් යූනියන් පිල ලකුණු 330කින් පසුපසින් සිටී.

මුවර්ස් පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 476 (ඕවර් 132.3)
ජනිෂ්ක පෙරේරා 28, සොහාන් ඩි ලිවේරා 79, සධීර සමරවික්‍රම ‍59, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 200, සිතාර ගිම්හාන 33, රමේෂ් මෙන්ඩිස් 32, මිලාන් රත්නායක 20, අතිරේක10 (තරිඳු රත්නායක 188/5)

ටැමිල් යූනියන් පිල පළමු ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 146 (ඕවර් 45)
නවෝද් පරණවිතාන 22, තුලින දිල්ෂාන් 48, මනෙල්කර් දසිල්වා ‍ොදැවී 50, අතිරේක 14 ( මිලාන් රත්නායක 28/1, ර‍ේෂ් මෙන්ඩිස් 47/1)

මේරියන්ස් – පොලිස්

පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති හලාවත මේරියන්ස් – පොලිස් අතර තරගයේදී පොලිස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට හලාවත පිලට ආරාධනා කළේය. දෙවැනි දිනය නිමා‍වෙද්දී හලාවත මේරියන්ස් ලකුණු 18කින් ඉදිරියෙන් සිටියේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 148 (ඕවර් 37)
ලසිත් ලක්ෂාන් 25, කසුන් විදුර 31, ෂෙහාන් ජයසූරිය 32, දනාල් හේමනන්ද 32, පැතුම් කුමාර 28, රවීන් යසස් 18, අතිරේක 7 ( චතුරංග කුමාර 17/2, දිලුම් සුධීර 21/6)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 219 (ඕවර් 77)
අවිශ්ක තරිදු 30, ප්‍රියමාල් පෙරේරා 41, විශාද් රන්දික 70, හිමේෂ් රත්නායක 25, අතිරේක 14 ( දුවිඳු තිලකරත්න 66/6 හේෂාන් හෙට්ටිආරච්චි 19/2)

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 89 (ඕවර් 42)
කසුන් විදුර නොදැවී 30, ෂෙහාන් ජයසූරිය නොදැවී 43 (නලීන් ප්‍රියදර්ශන 37/2)

බදුරලිය – පානදුර

පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති බදුරලිය ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් පානදුර ක්‍රීඩා සමාජය මුලින් පන්දුවට පහරදීමට බදුරලිය පිලට ආරාධනා කළේය. දෙවැනි දිනය නිමා‍වෙද්දී පානදුර පිල තවත් ලකුණු 79ක් පසුපසින් සිටී.

බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 186 (ඕවර් 63.3)
දුනිත් ජයතුංග 28, ලියෝ ෆ්‍රැන්සිස්කො 16, අනුක් ප්‍රනාන්දු 20, ගීත් කුමාර 52, චානක රුවන්සිරි 23, අතිරේක 12 ( රනිත් ලියනාරච්චි 13/2, නිමේෂ් විමුක්ති 60/4, විශ්ව ළහිරු තුමාර 28/3)

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 178 (ඕවර් 58)
ළහිරු දෙවටගේ 32, ඉරෝෂ් සමරසූරිය 58, රනිත ලියනාරච්චි 43 (චානක කොමසෝරු 86/6, චලන ද සිල්වා 45/3)

බදුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 117 (ඕවර් 42)
ගීත් කුමාර 24, සසංක නිර්මාල් නොදැවී 28, අතිරේක 6 (දුෂාන් හේමන්ත 51/6, නිමේෂ් විමුක්ති 16//2)

පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 47 (ඕවර් 7)
ඔෂධ ප්‍රනාන්දු ‍නොදැවී 35, ඉරෝෂ් සමරසූරිය නොදැවී 12

ඒස් කැපිටල් – රාගම

මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් රාගම පිල මුලින් පන්දුවට පහරදීමට ඒස් කැපිටල් පිලට ආරාධනා කළේය. දෙවැනි දිනය නිමා‍වෙද්දී ඒස් කැපිටල් පිල ලකුණු 279කින් ඉදිරියෙන් සිටියේය.

ඒස් කැපිටල් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 219 (ඕවර් 67.3)
පවන්ත වීරසිංහ 23, උදයශාන්ත පරාක්‍රම ‍24, රවීන් ද සිල්වා 77,ශම්මු අෂාන් 20, හර්ෂ කුරේ 18, දනාල් හේමනන්ද 18, අතිරේක 18 (හරීන් රත්නමුදලි 40/3, හෂික දුල්ෂාන් 55/3)

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 107 (ඕවර් 32.4 )
‍යොහාන් ලියනගේ 16, දිනෙත් තිමෝද්‍යා 17, රන්මිත් ජයසේන 15, කල්හාර සේනාරත්න 15, අතිරේක 12 ( දනාල් හේමනන්ද 26/3, වනුජ සහන් 32/3)

ඒස් කැපිටල් දෙවැනි ඉනිම කඉුලු 3ක් දැවී ලකුණු 167 (ඕවර් )
පවන්ත වීරසිංහ නොදැවී 87, උදයශාන්ත පරාක්‍රම 31, රවීන් ද සිල්වා 20, ශම්මු අෂාන් නොදැවී 16 (සන්තුෂ් ගුණතිලක 30/2)

එස්එස්සී – නුගේගොඩ

එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට නුගේගොඩ පිලට ආරාධනා කළ අතර, දෙවැනි දිනය නිමා‍වෙද්දී නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය ලකුණු 80 ඉදිරියෙන් සිටියේය.

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 311 (ඕවර් 67.5)
පුලිඳු පෙරේරා 28, රොෂාන් විජේනායක 20, ඇන්ජලෝ පෙරේරා 50, කෙවින් පෙරේරා 116, චාමික එදිරිසිංහ 43, අතිරේක 25 ( දිනුර කලුපහන 72/3, අක්මාල් ෆස්ලි 65/2, ප්‍රභාත් ජයසූරිය 63/3, දසුන් ශානක 44/2)

එස්එස්සී පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 307 (ඕවර් 80.3)
දිමුත් කරුණාරත්න 79, ත්‍රිෂාන් සංජ්ල 69, ෂෙවොන් ඩැනියෙල් 55, මනෝජ් සරත්චන්ද්‍ර 18, දිනුර කළුපහන 34, අතිරේක 10 ( චාවිකර එදිරිසිංහ 62/2, මධුක ලියනපතිරණ 89/6)

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 76 (ඕවර් 29)
පුලිඳු පෙරේරා නොදැවී 43, දිලාන් ජයලත් නොදැවී 29

කෝල්ට්ස් – බ්ලුම්ෆීල්ඩ්

කෝල්ට්ස් පිටියේ ආරම්භ වූ කෝල්ට්ස් – බ්ලූම්ෆීල්ඩ් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් පිල මුලින් පන්දුවට පහරදීමට කෝල්ට්ස් පිලට ආරාධනා කළේය. අද දෙවැනි දිනය නිමා‍වෙද්දී බ්ලූම්ෆීල්ඩ් පිල ලකුණු 170කින් පසුපසින් සිටී.

කෝල්ට්ස් පිල පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 340 (ඕවර් 106.3)
සංගීත් කුරේ 33, ඇක්ජලෝ මැතිව්ස් 88, ස‍‍නෝජ් දර්ශික 22, ධනංජය ලක්ෂාන් 31, කවිෂ්ක අංජුල 110, දිල්ෂාන් මධුසංඛ නොදැවී 38, අතිරේක 9 (ඉසිත විජේසුන්දර 44/2, මිහිරංග නිම්සර 58/2, සහන් නානායක්කාර 47/2)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 170 (ඕවර් 63)
රොන් චන්ද්‍රගුප්ත 58, කසුන් අබේරත්න 19, නිපුන් කරුණෘනායක නොදැවී 37, මිනෙත් ‍ප්‍රේමරත්න නොදැවී 50( දිල්ෂාන් මධුසංඛ 27/2, අකිල ධනංජය 57/4)

කැන්ඩි කස්ටම් – කුරුණෑගල

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ පැවැති කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගයේ කුරුණෑගල පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කැන්ඩි කස්ටම් පිලට ආරාධනා කළේය. අද දෙවැනි දිනය නිමා‍වෙද්දී කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය ලකුණු 51කින් පසුපසින් සිටී.

කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 278 (ඕවර් 102)
මලිඳු මධුරංග 86, ඉමාල් ලියනගේ 24, ෂෙහාන් ප්‍රනාන්දු 40, සහන් කෝසල 79, මිතුන් ජයවික්‍රම 28, අතිරේක 4 (ළහිරු ජයරත්න 73/5, කවිෂ්ක දිල්ෂාන් 93/3, දිනුෂ්ක මාලන් 47/2)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 227 (ඕවර් 76)
ගයාන් මනීෂාන් 15, ධනුෂ්ක ධර්මසිරි 26, දිල්හාර පොල්ගම්පොල නොදැවී 86, ගයන වීරසිංහ 15, ලක්ෂාන් එදිරිසිංහ 17, සමීර සඳමාල් නොදැවී 57 අතිරේක 4 ( බුද්ධික සංජීව 78/2, ඉමේෂ් උදයංග 56/2)

එන්සීසී – බීආර්සී

එන්සීසී පිටියේ පැවැති බීආර්සී හා එන්සීසී අතර තරග‍යේදී එන්සීසී පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට බීආර්සී පිලට ආරාධනා කළේය. අද දෙවැනි දිනය නිමා‍වෙද්දී බීආර්සී පිල ලකුණු 187කින් පසුපසින් සිටී.

බීආර්සී පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 226 (ඕවර් 80.4)
දේශාන් ඩයස් 74, ඩිල්ෂාන් ද සොයිසා 65, රොෂේන් සිල්වා 51, අතිරේක 8 (චාමික කරුණාරත්න 27/3, අශේන් ඩැනියෙල් 36/5)

එන්සීසී පිල පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 425 (ඕවර් 75)
නිරෝෂන් දික්වැල්ල 28, ළහිරු උදාර 142, කමීල් මිෂාර 26, අහන් වික්‍රමසිංහ 105, සහන් ආරච්චිගේ 22, අසෙල් සිගේරා නෙදැවී 57, චාමික කරුණාරත්න 17, අතිරේක 22 (චමින්ද බණ්ඩාර 122/2, මලින්ද පුෂ්පකුමාර 97/2)

බීආර්සී පිල දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 12 (ඕවර් 6)

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee