සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 330ක් ලබා සිටිති. ඒ අනුව ඔවුහු පළමු ඉනිමේ ලකුණු 73 ක වාසියක් අත්කරගෙන සිටිති.
ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක ස්ටීව් ස්මිත් තම 36 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් පන්දු 239කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 120ක් ලබා සිටින අතර, ඇලෙක්ස් කෙරී 2 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් කඩුල්ලේ රැදී සිටී. කෙරී පන්දු 156කදී හයේ 2ක් හා හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 139ක් ලබා සිටින අතර, ස්මිත් හා කෙරී යන දෙදෙනා සිව්වැනි කඩුල්ලට පන්දු 331කදී නොබිඳුණු ලකුණු 239ක සබඳතාවක් ගොඩනගා සිටිති. මෙය ස්මිත්ගේ 36 වැනි ටෙස්ට් ශතකය විය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් හිමි හිටිපු නායක රිකී පොන්ටින්ට (41) ට පසු වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවකට හිමි පිතිකරුවා බවට පත්ව සිටින්නේද වර්තමාන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායකයාය.
ඔස්ට්‍රේලියානු පළමු කඩුලු 2ක ලකුණු 37ක් තුල දවා ගැනීමෙන් ඇතිවූ පීඩනය මුදවා ගන්නට සටන් කළ ආරම්භක පිතිකරු උස්මාන් කවාජා හා නායක ස්මිත් එක්ව පන්දු 102කදී ලකුණු 54ක් තෙවැනි කඩුල්ලට එක් කළහ. එහෙත් නිෂාන් පීරිස් විසින් උස්මාන් කවාජා ලකුණු 36කදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දවා ගැනීමට සමත්විය. එතැන් පටන් ස්මිත් හා කෙරී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමි ශතක වාර්තා කිරීමට සමත්වූහ. න්දු යැවීමේදී නිශාන් පීරිස් කඩුලු දෙකක් හා ප්‍රභාත් ජයසූරිය කඩුල්ලක් දවා ගත්හ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ මුල් දිනයේ නියමිත ඔවර් 90 තුල ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටි අතර, අද දිනයේ ඉතිරි කඩුල්ල තවත් ලකුණු 28ක් එකතු වෙද්දී දැවී ගිය අතර, තම 20 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 85ක් ලබා සිටියදී අනෙක් අන්තයේ සිටි ළහිරු කුමාර ලකුණු 2කට දැවී යෑමෙන් පළමු ඉනිම නිමා විය. මොවුන් දෙදෙනා අතර අවසන් කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 33 ක් වූ අතර ඉන් ලකුණු 31 ක්ම මෙන්ඩිස්ගේ පිත්තෙන් සටහන් වූ ලකුණු විය.
මේ තරගයේ තෙවැනි දිනය හෙට පෙරවරු 10ට ආරම්භ වේ.
ශ්‍රී ලංකාව පළමු ඉනිම
පැතුම් නිශ්ශංක ප. ලියෝන් 11
දිමුත් කරුණාරත්න ප. ලියෝන් 36
දිනේෂ් චන්දිමාල් ස්ටම්ප් කළා කේරී ප. කූනමන් 74
ඇන්ජලෝ මැතිව්ස් ඇ. කෙරී ප. ලියෝන් 01
කමිඳු මෙන්ඩිස් ඇ. ස්මිත් ප. හේඩ් 13
ධනංජය ද සිල්වා ඇ. වෙබ්ස්ටර් ප. ස්ටාක් 00
කුසල් මෙන්ඩිස් නොදැවී 85
රමේෂ් මෙන්ඩිස් ඇ. ෙරී ප. ස්ටාක් 28
ප්‍රභාත් ජයසූරිය ඇ. ස්මිත් ප. ස්ටාක් 00
නිශාන් පීරිස් ප. කූනමන් 00
ළහිරු කුමාර ඇ. වෙබ්ස්ටර් ප. කූනමන් 02
අතිරේක 07
එකතුව ඕවර් 97.4කදී සියලු දෙනා දැවී ලකුණු 257
කඩුලු බිඳවැටීම: 1-23, 2- 93, 3- 101, 4- 126, 5 – 127, 6 – 150, 7 – 215, 8 – 215, 9- 224, 10- 257
පන්දු යැවීම: මිචෙල් ස්ටාර්ක් 16 – 3 – 37 – 3, මැතිව් කූනමන් 33.4 – 9 – 63- 3, නේදන් ලයන් 34 – 5- 96 – 3, බීයූ වෙබ්ස්ටාර් 3- 0 – 13 – 0, කූපර් කොනාලි 3 – 1 – 12 – 0, ට්‍රවිස් හේඩ් 8 – 0 – 31 – 1
ඔස්ට්‍රේලියා පළමු ඉනිම
ට්‍රැවිස් හේඩ් ඇ. ද සිල්වා ප. පීරිස් 21
උස්මාන් කවාජා ත. මුවා තළා ප. පීරිස් 36
මානස් ලබුස්චේන් ක. මුවා කළා ප. ජයසූරිය 04
ස්ටීව් ස්මිත් නොදැවී 120
ඇලෙක්ස් කේරි නොදැවී 139
අතිරේක 10
එකතුව ඕවර් 80කදී කඩුලු 3කට ලකුණු 330
කඩුලු බිද වැටීම: 1- 32, 2- 37, 3- 91
පන්දු යැවීම: ළහිරු කුමාර 7 – 1- 37 – 0, ධනංජය ද සිල්වා 5 – 0 – 18 – 0, ප්‍රභාත් ජයසූරිය 25 – 3 – 107 – 1, නිශාන් පීරිස් 21 – 2 – 70 – 2, රමේෂ් මෙන්ඩිස් 19 – 0 – 70 – 0, කමිඳු මෙන්ඩිස් 3 – 0 – 18 – 0