slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2025
කාන්තා පිල නවසීලන්තය බලා පිටත්ව යයි

sinhala editor

එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22 දා) රාත්‍රියේදී නවසීලන්තය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව කාන්තා කණ්ඩායම අදාළ තරගාවලිය සඳහා පිටත්ව ගියේය.

චමරි අතපත්තුගේ නායකත්වය යටතේ නම් කරන ලද ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහල බාළිකා කණ්ඩායමේ නායිකාව වන තුන් ඉරියව් ක්‍රීඩක මනුදි නානායක්කාර ද ඇතුළත්ව සිටින්නීය. ඇයට අමතරව යොවුන් බාළිකා කණ්ඩායමේ මනුදිගේ සහායිකාව වන උප නායිකා රශ්මිකා සෙව්වන්දි සහ නවක ක්‍රීඩිකාවක වන චේතනා විමුක්ති සංචාරක කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

වමතින් පිත්ත හසුරුවන මනුදි දකුණතින් මඳ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණෙන මනුදිට අමතරව කණ්ඩායමට එක්ව සිටින රශ්මිකා සෙව්වන්දිද වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. නිමාවට පත් වුණු බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇය තුන් මනුදි මෙන්ම තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වීමට සමත්වූවාය.

නායිකා චමරි අතපත්තු විදේශගතව සිටීම නිසා ඇය අද පිටත්ව ගිය කණ්ඩායමේ නොසිටි අතර ඇය නවසීලන්තයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව තිබේ. නවසීලන්ත කාන්තා කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණ තරග වැදි අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය වාර්තා කර ගැනීමට සමත්විය.

මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), අනුෂ්කා සංජීවනී (උප නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, මනුදි නානායක්කාර, ඉමේෂා දුලානි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍ර බෝධනී, සචිනි නිසංසලා, කෞෂනී නුත්‍යාංගනා, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්ධිකා කුමාරි, රශ්මිකා සෙව්වන්දි, චේතනා විමුක්ති.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar