සති අන්තයේ පැවැති මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ වන විටත් හලාවත මේරියන්ස් සහ පොලීසිය ජයග්‍රහණ අත්කර ගෙන සිටියහ. මේ වන විට පැවැත්වෙන සෙසු තරග හයෙන් තරග තුනක් පමණම ඉරිදා (16) දහවල් වන විට නිම වන ස්වරූපයක පැවැතිණි.
මග්ගොන පැවැති හලාවත මේරියන්ස් – රාගම තරගයෙන් හලාවත මේරියන්ස් කඩුලු හතරක ජයක් ලැබු අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති පොලීසිය සහ ඒස් කැපිටල් අතර තරගයේ දී පොලීසිය පහසු ජයක් අත්කර ගත්තේ කඩුලු හයකින් ඒස් කැපිටල් පරාජය කරමිනි.
පොලීසියේ දිලුම් සුධීර සහ නලින් ප්‍රියදර්ශන ඒස් කැපිටල් සමග තරගයේ ප්‍රථම ඉනිමේ දී සහ දෙවන ඉනිමේ දී කඩුලු නවය බැගින් දවාලීමට සමත් වීම කැපී පෙනුණි.
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය සහ බී.ආර්.සී. අතර තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජයේ නොදැවී සිටි රොෂාන් විජේනායක අද දිනයේදී ද්විත්ව ශතකයක් කරා ගියේය. ඔහු නොදැවී 201ක් රැස් කළේ පන්දු 330කට මුහුණ දී හතරේ 14ක් සහ හයේ පහර දෙකක් සමගිනි.
ඊට අමතරව එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ පසිඳු මල්ෂාන් ශතකයක් වාර්තා කිරීමට සමත්වූවේය. එන්.සී.සී. ක්‍රීිඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ඔහු පන්දු 175 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 105 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී හලාවතමෙරියන්ස් ක්‍රීඩ සමාජයේ දුෂාන් විිමුක්ති රාගමට එරෙහිව ලකුණු 100 කට කඩුලු 11 ක් දවා ගැනීමට සමත්වූවේය. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ තරගයකට හොඳම පන්දු යැවීම ලෙසින් සනිටුහන් විය.
- හලාවත මේරියන්ස් – රාගම (හලාවත මේරියන්ස් කඩුලු 4කින් ජය ගනී)
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති හලාවත මේරියන්ස් – රාගම අතර තරගයෙන් හලාවත මේරියන්ස්ට ජය ගැනීමට දෙවන ඉනිමේ ලකුණු 72ක් අවශ්‍ය වුවත් වරක් ඔවුනගේ කඩුලු පහක්ම බිඳ වැටුණේ ලකුණු 30ක් සටහන් වද්දීය. මේරියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් විමුක්ති දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 27ක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
රාගම දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු සමින්ද ප්‍රනාන්දු පන්දු 154ක දී හතරේ පහර අටක් හයේ පහරක් සමග ලකුණු 96ක් ලැබීය.
හලාවත මේරියන්ස් පළමු ඉනිම සියල්ල දැවී 276යි – (කසුන් විදුර 60, රවින් යසස් 45, චමෝද් සඳරු 47, හරින් රත්නමුදලි 45/4, ශෂික දුල්ෂාන් 84/3, සංතුෂ් ගුණතිලක 32/2)
රාගම පළමු ඉනිම සියල්ල දැවී 89යි – (ශෂික දුල්ෂාන් නොදැවී 31, සංතුෂ් ගුණතිලක 23, සමින්ද ප්‍රනාන්දු 23, දුෂාන් විමුක්ති 39/8යි)
රාගම දෙවන ඉනිම සියල්ල දැවී 258යි- (සමින්ද ප්‍රනාන්දු 96, විනුර දුල්සර 75, රවිඳු සෙම්බුකුට්ටි 14, රුසඳ ගමගේ 13, සුමින්ද ලක්ෂාන් 92/5, දුවිඳු තිලකරත්න 40/2)
හලාවත මේරියන්ස් දෙවන ඉනිම කඩුලු 6ට 74යි – (දුෂාන් විමුක්ති නොදැවී 27, චමෝද් සඳරු 20, තරිඳු නිර්මාල් 14, ශෂික දුල්ෂාන් 19/3, කොසාන් ජයවික්‍රම 23/3යි)
- පොලීසිය – ඒස් කැපිටල් (පොලීසියට කඩුලු හයක පහසු ජයග්‍රහණයක්)
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී පොලීසියට දෙවන ඉනිමේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 64ක් අවශ්‍ය වු අතර ඔවුන් කඩුලු 4කට ලකුණු 67ක් ලබා තරගයෙන් පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
පොලීසියේ දිලුම් සුධීර ඒස් කැපිටල් දෙවන ඉනිමේ දී ලකුණු 89කට කඩුලු හතරක් ද නලින් ප්‍රියදර්ශන ලකුණු 78කට කඩුලු 4ක් ද දවාලීමෙන් ඒස් කැපිටල් දෙවන ඉනිම ද ලකුණු 198කට සීමා විණි.
සම්පූර්ණ තරගයේ දී පොලීසියේ නලින් ප්‍රියදර්ශන කඩුලු නවයක් ද දිලුම් සුධීර කඩුලු නවයක් ද දවාලුහ. මේ තරගය අද (15) සවස තේ පානයෙන් මඳකට පසු නිමාවට පත්විය.
ඒස් කැපිටල් පළමු ඉනිම සියල්ල දැවී 115යි – (උදයවංශ පරාක්‍රම 38, ෂම්මු අෂාන් 44, සකුන ලියනගේ 09, නලින් ප්‍රියදර්ශන 45/5, දිනුක සුධීර 60/5)
පොලීසිය පළමු ඉනිම සියල්ල දැවී 250 – (අවිශ්ක තරිඳු 70, අෂේන් බණ්ඩාර 51, කුසල් පෙරේරා 36, ප්‍රියමල් පෙරේරා 34, රොෂාන් ජයතිස්ස 82/6, වනුජ සහන් 104/2, නිම්සර අතරගල්ල 21/2යි)
ඒස් කැපිටල් දෙවන ඉනිම සියල්ල දැවී 198යි – (ෂම්මු අෂාන් 36, හිරාන් ජයසුන්දර 35, සකුන ලියනගේ 35, රොෂාන් ජයතිස්ස 28, තනුක දාබරේ 21, වනුජ සහන් නොදැවී 14, දිලුම් සුධීර 89/4, නලින් ප්‍රියදර්ශන 78/4)
පොලීසිය දෙවන ඉනිම කඩුලු 4ට 67යි – (කුසල් පෙරේරා නොදැවී 27, විෂාජ් රන්දික නොදැවී 25, රොෂාන් ජයතිස්ස 27/3)
- බ්ලුම්ෆීල්ඩ් – පාණදුර – (පාණදුර පළමු ඉනිමේ ඉදිරියෙන්)
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් ප්‍රථම ඉනිමේ රැස් කළ ලකුණු 244ට පිළිතුරු ලෙස පාණදුර පළමු ඉනිමේ සියල්ල දැවී ලකුණු 318ක් රැස් කර පළමු ඉනිමේ දී ලකුණු 74ක් ඉදිරියෙන් සිටීමට සමත් විය.
පාණදුර වෙනුවෙන් ශාලිත් ප්‍රනාන්දු පන්දු 157ක දී හතරේ හතක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 87ක් ද ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු පන්දු 91ක දී හතරේ නවයක් සමග ලකුණු 70ක් ද නායක ඉරෝස් සමරසූරිය පන්දු 101ක දී හතරේ අටක් හයේ තුනක් සමග ලකුණු 69ක් ද රැස් කළහ.
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 244යි – (නිපුන් කරුණානායක 81, රවිඳු ප්‍රනාන්දු 54, තරිඳ ගුරුගේ 33, ළහිරු මධුශංක 16, ඉම්තියාස් ස්ලාසා 38/3, දුෂාන් හේමන්ත 54/3, නිමේෂ් විමුක්ති 65/2යි)
පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 318 – (ශාලිත් ප්‍රනාන්දු නොදැවී 87, ඕෂද ප්‍රනාන්දු 70, ඉරෝස් සමරසූරිය 69, ළහිරු දෙවටගේ 59, තරිඳ ගුරුගේ 39/5, රවිඳු ප්‍රනාන්දු 69/3යි)
බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම කිසිවකු නොදැවී 27යි
- මීගමුව – බදුරලිය (බදුරලියේ ජයට තවත් 158ක් අවශ්‍යයි)
කටුනායක වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ ප්‍රථම ඉනිම නිම වන විට මීගමුව ලකුණු 12කින් ඉදිරියෙන් පසු විය.
දෙවන ඉනිමේ දී මීගමුව ලකුණු 194ක් රැස් කළ අතර වැඩිම ලකුණු ලාභියා වු ප්‍රමෝද් මධුවන්ත නොදැවී ලකුණු 63ක් රැස් කළේ පන්දු 157ක දී හතරේ පහර තුනක් සමගය. මේ තරගයෙන් ජය ලැබීමට මීගමුවට දෙවන ඉනිමේ ලකුණු 207ක් අවශ්‍ය වේ.
මීගමුව පළමු ඉනිම සියල්ල දැවී 140යි – (ෂෙෂාන් ප්‍රනාන්දු 38, හංසජ හිරුන නොදැවී 18, කේෂාන් වන්නිආරච්චි 16, උමේෂ් ලක්ෂාන් 15, උපුල් ඉන්ද්‍රසිරි 14, චාමික කොමසාරු 41/4, චාමික රුවන්සිරි 21/4යි)
බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 128යි – (චලන ද සිල්වා 35, ගිහාන් කෝරලගේ 22, අලංකාර අසලංක 23, ගීත් කුමාර 15, හංසජ හිරුන 39/4, නිශාන් පීරිස් 47/3, උපුල් ඉන්ද්‍රසිරි 24/2)
මීගමුව දෙවන ඉනිම සියල්ල දැවී 194යි – (ප්‍රමෝද් මධුවන්ත නොදැවී 63, හංසජ හිරුන 23, දිමුත් සඳරුවන් 21, ෂෙෂාන් ප්‍රනාන්දු 16, චානක කොමසාරු 85/4, චලන ද සිල්වා 68/3, චානක රුවන්සිරි 61/3)
බදුරලිය දෙවන ඉනිම කිසිවකු නොදැවී 49යි – (දුනිත් ජයතුංග නොදැවී 33, ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 10)
- එන්.සී.සී. – එස්.එස්.සී. (කණ්ඩායම් දෙකම කරට කර)
එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එන්.සී.සී. – එස්.එස්.සී. තරගයේ දෙවන දින තරගය නිම වන විට එන්.සී.සී. පළමු ඉනිමේ රැස් කළ ලකුණු 379ට පිළිතුරු ලෙස එස්.එස්.සී. කඩුලු 7කට ලකුණු 337ක් ලබා මුල් ඉනිමේ දී ලකුණු 42ක් පමණක් පිටුපසින් පසු විය.
එස්.එස්.සී. වෙනුවෙන් සසිඳු මල්ෂාන් පන්දු 174ක දී හතරේ දහයක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 105ක් ද දසුන් ශානක පන්දු 45ක දී හතරේ තුනක් හයේ තුනක් සමග ලකුණු 47ක් ද රැස් කළහ.
එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 379යි – (නිරෝෂන් දික්වැල්ල 91, කමිල් මිෂාර 77, ළහිරු උදාර 55, අහන් වික්‍රමසිංහ 47, කවින් බණ්ඩාර 45, අසේල් සිගේරා 17, නිපුන් ධනංජය 19/3, කසුන් රාජිත 76/3, ප්‍රමෝද් මධුෂාන් 76/3)
එස්.එස්.සී. පළමු ඉනිම දෙවන දින තරගය නතර කරන විට කඩුලු 7ට 337යි – (සසිඳු මල්ෂාන් නොදැවී 105, දිනුර කළුපහන 52, දසුන් ශානක 47, දිමුත් කරුණාරත්න 44, ෂෙවොන් ඩැනියල් 35, අසේල් සිගේරා 51/3, සම්පත් නිශ්ශංක 53/2)
- කුරුණෑගල තරුණ – මුවර්ස් (මුවර්ස් ප්‍රබලම තත්ත්වයක)
කුරුණෑගල තරුණ පළමු ඉනිමේ රැස් කළ ලකුණු 136ට පිළිතුරු ලෙස මුවර්ස් පළමු ඉනිමේ ලකුණු 315ක් රැස් කර පළමු ඉනිමේ ලකුණු 179කින් ඉදිරියෙන් පසු විය. කුරුණෑගල තරුණ දෙවන ඉනිමේ කඩුලු හයකට ලකුණු 132ක් ලබා ඉනිමක පරාජය අභියස පසු වේ.
කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 136යි – (ගයාන් මනීෂාන් 58, සමීර සඳමල් 19, දිනුෂ්ක මාලන් 19, රමේෂ් මෙන්ඩිස් 35/4, ශිරාන් ප්‍රනාන්දු 41/3, මිලාන් රත්නායක 25/2යි)
මුවර්ස් පළමු ඉනිම සියල්ල දැවී 315යි – (සොහාන් ඩි ලිවේරා 78, ජනිෂ්ක පෙරේරා 52, සධීර සමරවික්‍රම 50, මිලාන් රත්නායක 42, ශිරාන් ප්‍රනාන්දු 28, රමේෂ් මෙන්ඩිස් 24, කවික දිල්ෂාන් 119/5, ළහිරු ජයරත්න 42/2, දිලංක අවුවාඩ් 89/2යි)
කුරුණෑගල තරුණ දෙවන ඉනිම කඩුලු 6ට 132යි – (ගයාන් මනීෂාන් නොදැවී 36, සමීර සඳමල් 34, ළහිරු ජයරත්න නොදැවී 17, චානුක දිල්ෂාන් 24/3, මිලාන් රත්නායක 49/2යි)
- කැන්ඩි කස්ටම් – සී.සී.සී. (සී.සී.සී. ප්‍රබල තත්ත්වයක)
සී.සී.සී. කණ්ඩායමට මේ තරගයෙන් ජය ලැබීමට ඉරිදා (16) කඩුලු අටක් ඉතිරිව තව අවශ්‍යව ඇත්තේ ලකුණු 84ක් පමණකි.
මේ තරගය අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වු තරගයක් ලෙස පළමු ඉනිමේ සිට දිස් වේ.
කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 165යි – (ඉමේෂ් උදයංග 58, යොහාන් මැද්දගේ 46, සහන් කෝසල 18, ෂෙහාන් ප්‍රනාන්දු 13, ඉනුක කරන්නාගොඩ 35/3, විශ්ව ප්‍රනාන්දු 19/2, ධනංජය ද සිල්වා 22/2යි)
සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 201යි – (චමිඳු විජේසිංහ 34, සොනාල් දිනුෂ 31, ධනංජය ද සිල්වා 27, පවන් රත්නායක 25, නිමේෂ ගුණසිංහ 25, ලසිත් කෘෘස්පුල්ලේ 20, මිනෝද් භානුක 15, කෞමාල් නානායක්කාර 55/6, ඉමේෂ් උදයංග 31/2, සචිත්‍ර පෙරේරා 54/2යි)
කැන්ඩි කස්ටම් දෙවන ඉනිම සියල්ල දැවී 212යි – (සහන් කෝසල 65, රොස්කො තටිල් 44, ඉමේෂ් උදයංග 18, ෂෙහාන් ප්‍රනාන්දු 17, ඉනුක කරන්නාගොඩ 53/5, අෂාන් ප්‍රියංජන 53/2, සොනල් දිනුෂ 26/2යි)
සී.සී.සී. දෙවන ඉනිම කඩුලු 2ට 93යි – (පවන් රත්නායක නොදැවී 41, ඉනුක කරන්නාගොඩ නොදැවී 38, කෞමාල් නානායක්කාර 30/2යි)
- නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය – බී.ආර්.සී. – (නුගේගොඩ 401/9)
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජයේ රොෂාන් විජේනායක පන්දු 330ක දී හතරේ 14ක් සහ හයේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 201ක් ද තිලකරත්න සම්පත් ලකුණු 77ක් ද අක්රම් මුතාලිබ් ලකුණු 41ක් ද රැස් කළහ. බී.ආර්.සී. කණ්ඩායමේ චාමික හීනටිගල ලකුණු 125කට කඩුලු පහක් බිඳ දැමීය.
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම කඩුලු 9ට 401යි – (රොෂාන් විජේනායක නොදැවී 201, තිලකරත්න සම්පත් 77, අක්රම් මුතාලිබ් 41, චාමික හීනටිගල 125/5)
බී.ආර්.සී. පළමු ඉනිම කඩුලු 8ට 170යි – (ඩිල්ෂාන් ද සොයිසා 55, දුලාෂ් උදයංග නොදැවී 49, දුලාජ් අෂේන් 21, චාමික එදිරිසිංහ 48/5, ටී.එම්. සම්පත් 64/2)