ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (පෙබරවාරි 01) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම සමත් වුයේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 61කින් පරාජය කරමිනි.
පොලිස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේ දී ලකුණු 232ක් හඹායද්දී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු ලකුණු 73කට කඩුලු පහක් දවාලීමෙන් පොලීසියේ දෙවන ඉනිම ලකුණු 170කට සීමා විය.
දෙවන දින (01) තරග නිම වන විට තවත් කණ්ඩායම් හතරක් පමණම ජයග්‍රහණය අත්කර ගන්නා තත්ත්වයක පසු විණි.
කෝල්ට්ස් – රාගම තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් (150) මුදිත ලක්ෂාන් (නොදැවී 117යි) සහ සනෝජ් දර්ශික (101) යන පිතිකරුවන් තිදෙනාම ශතක රැස් කිරීම මත කෝල්ට්ස් පළමු ඉනිමේ දී කඩුලු හයකට ලකුණු 506ක් රැස් කර ගැනීමට හැකියාව ලැබිණ. ඊට අමතරව හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ෂෙහාන් ජයසූරිය ලකුණු 130 ක්, ඒස් කැපිටල් කණ්ඩායමේ පවන්ත වීරසිංහ ලකුණු 101 ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වීය.
එස්.එස්.සී. සහ මුවර්ස් අතර තරගයේ දී මුවර්ස් පළමු ඉනිමේ කඩුලු නවයකට ලකුණු 412ක් ලැබීය. එස්.එස්.සී. වෙනුවෙන් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 නායක චරිත් අසලංක (26) සහ දසුන් ශානක (39) නොදැවී පන්දුවට පහර දෙමින් සටනක නියැළී සිටිති. කෙසේ වෙතත් එම ඉලක්කය හඹා යෑමේදී එස්. එස්. සී. කණ්ඩායමේ කඩුලු 5 ක් මේ වන විටත් බිඳ දැමීමට මුවර්ස් පන්දු යවන්නෝ සමත්ව සිටිති.
ටැමිල් යුනියන් – බී.ආර්.සී. තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ තරිඳු රත්නායක පන්දුවට පහර දෙද්දී පන්දු 94ක දී හතරේ හයක් හයේ හයක් සමග ලකුණු 81ක් රැස් කර පසුව බී.ආර්.සී. පළමු ඉනිමේ ලකුණු 65කට කඩුලු නවයක් දවා තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය. ටැමිල් යුනියන් කණ්ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කරනු ලබන තරිඳු අද දිනයේදී බිඳ හෙළන ලද්දේ සිය තරග 69 ක පළමු පෙළ තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වශයෙනි.
තරිඳුට අමතරව බී.ආර්. සී. කණ්ඩායමේ නායක මාලින්ද පුෂ්පකුමාර සහ නුගේගොඩ ක්‍රීඩා සමාජයේ නායක ටී.එන්. සම්පත් කඩුලු 6 බැගින් දක්ෂතා දක්වද්දී ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් සහ පානදුර ක්‍රීඩා සමාජයේ නිමේෂ් විමුක්ති කඩුලු 5 බැගින් බිඳ හෙලූහ.
- බ්ලුම්ෆීල්ඩ් – පොලීසිය (බ්ලුම්ෆීල්ඩ් ලකුණු 61කින් ජය ගනී)
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී පොලීසියට ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේ දී ලකුණු 232ක් අවශ්‍ය වුවත් පන්දුවාර 53ක දී පොලීසියේ සියලු පිතිකරුවන් දෙවන ඉනිමේ දී ලකුණු 170කට දැවීයාමෙන් බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමට ලකුණු 61ක පහසු ජයග්‍රහණයක් අත්විය.
පොලීසිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී ලකුණු 110ක් වන විට කඩුලු නවයක් බිඳ වැටීමෙන් ජයග්‍රහණය පිටුපස හඹායාමේ ඔවුනගේ අපේක්ෂාව බිඳ වැටිණි. එම ඉනිමේ දසවන (අවසාන) කඩුල්ලට නලින් ප්‍රියදර්ශන (නොදැවී 47) සහ දිලුම් සුධීර (13) ඉනිමේ හොඳම සබඳතාවය ලෙස ලකුණු 60ක් වාර්තා කළහ.
බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු රවිඳු ප්‍රනාන්දු ලකුණු 73කට කඩුලු පහක් ද ඉසිත විජේසුන්දර ලකුණු 22කට කඩුලු තුනක් ද දවාලුහ. රවිඳු ප්‍රනාන්දු මේ තරගයේ ඉනිම් දෙකේ දී ලකුණු 106කට කඩුලු 9ක් දවාලුහ.
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 216යි – (ඉසිත විජේසුන්දර 54, මිනෙත් ප්‍රේමරත්න 49, රොන් චන්ද්‍රගුප්ත 40, ළහිරු මධුශංක 26, දිලුම් සුධීර 80/5, නලින් ප්‍රියදර්ශන 80/3)
පොලීසිය පළමු ඉනිම සියල්ල දැවී 112යි – (නදීර බාලසූරිය 49, සංගීත් ෂෙහාර 20, රශ්මික හිරුෂාන් 09, රවිඳු ප්‍රනාන්දු 33/4, ඉසිත විජේසුන්දර 26/2, සහන් නානායක්කාර 22/2)
බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම සියල්ල දැවී 127යි – (ළහිරු මධුශංක 42, ඉසිත විජේසුන්දර නොදැවී 30, නිපුන් කරුණානායක 15, යොහාන් ද සිල්වා 13, නලින් ප්‍රියදර්ශන 58/6, දිලුම් සුධීර 27/2)
පොලීසිය දෙවන ඉනිම සියල්ල දැවී 170යි – (නලින් ප්‍රියදර්ශන නොදැවී 47, නදීර බාලසූරිය 47, අෂේන් බණ්ඩාර 19, සුපුන් මධුශංක 16, දිලුම් සුධීර 13, රවිඳු ප්‍රනාන්දු 73/5, ඉසිත විජේසුන්දර 22/3)
- කෝල්ට්ස් – රාගම (කෝල්ට්ස් 506/6ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරයි)
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී කෝල්ට්ස් පළමු ඉනිමේ දී ඔවුනගේ පිතිකරුවන් තිදෙනකුම ශතක රැස් කිරීමෙන් ඔවුනට පළමු ඉනිම සඳහා කඩුලු හයකට ලකුණු 506ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.
අද (පෙබරවාරි 01) දිනය තුළ ධනංජය ලක්ෂාන් පන්දු 196ක දී හතරේ 11ක් හයේ පහක් සමග ලකුණු 150ක් ද මුදිත ලක්ෂාන් පන්දු 131ක දී හතරේ අටක් හයේ හයක් සමග නොදැවී ලකුණු 117ක් ද ලෙස ශතක වාර්තා විණි. සිකුරාදා (31) සනෝජ් දර්ශික ශතකයක් රැස් කළේය. (101)
කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 6ට 506යි – (ධනංජය ලක්ෂාන් 150, මුදිත ලක්ෂාන් නොදැවී 117, සනෝජ් දර්ශික 101, කවිශ්ක අංජුල 31, ශෂික දුල්ෂාන් 106/2)
රාගම පළමු ඉනිම කඩුලු 6ට 191යි – (ජනිත් ලියනගේ 67, විනුර දුල්සර 40, රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 22, ගුලිත කොටුවේගොඩ නොදැවී 19, උදිත් මධුෂාන් 17/2, තරණ විමලධර්ම 42/2)
- ඒස් කැපිටල් – මීගමුව (ඒස් කැපිටල් පළමු ඉනිමේ දී ලකුණු 75කින් ඉදිරියෙන්)
ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් ලකුණු 62කට කඩුලු පහක් ද රොෂාන් ජයතිස්ස ලකුණු 21කට කඩුලු තුනක් ද දක්ෂ ලෙස පන්දු යැවීමේ දී දැක් වු දක්ෂතා මත මීගමුව පළමු ඉනිමේ දී ලකුණු 153කට දැවී ගියේය. ඒස් කැපිටල් පළමු ඉනිමේ දී ලකුණු 75කින් ඉදිරියෙන් පසු විය.
ඒස් කැපිටල් දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරු පවන්ත වීරසිංහ පන්දු 158කට මුහුණ දී හතරේ අටක් හයේ තුනක් සමග ලකුණු 101ක් ලැබීය.
ඒස් කැපිටල් පළමු ඉනිම සියල්ල දැවී 228යි – (රවිඳු රත්නායක 59, උදයවංශ පරාක්‍රම 55, වනුජ සහන් 44, රොෂාන් ජයතිස්ස 36, සකුන ලියනගේ 19, උපුල් ඉන්ද්‍රසිරි 44/4, ෂෙෂාන් ප්‍රනාන්දු 39/3, මාධව වර්ණපුර 41/2)
මීගමුව පළමු ඉනිම සියල්ල දැවී 153යි – (උමේෂ් ලක්ෂාන් නොදැවී 29, ෂෙෂාන් ප්‍රනාන්දු 26, දිල්ෂාන් මුණවීර 21, හිමාෂ ලියනගේ 20, ඇන්ජලෝ ජයසිංහ 16, වනුජ සහන් 62/5, රොෂාන් ජයතිස්ස 21/3, නිම්සර අතරගල්ල 38/2)
ඒස් කැපිටල් දෙවන ඉනිම කඩුලු 3ට 223යි – (පවන්ත වීරසිංහ 101, තනුක දාබරේ 60, රවීන් ද සිල්වා 42, ෂම්මු අෂාන් නොදැවී 11, ෂෙෂාන් ප්‍රනාන්දු 36/1)
- හලාවත මේරියන්ස් – පාණදුර (හලාවත මේරියන්ස් පළමු ඉනිමේ ලකුණු 157කින් ඉදිරියෙන් පසු වේ)
පාණදුර කණ්ඩායම මේ තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේ තවත් ලකුණු 94ක් පිටුපසින් පසු වන්නේ කඩුලු අටක් ඉතිරිවය.
හලාවත මේරියන්ස් කණ්ඩායමේ අංක පහ පිතිකරු ෂෙහාන් ජයසූරිය පන්දු 214කට හතරේ 12ක් හයේ දෙකක් සමග ලකුණු 130ක් රැස් කර මේරියන්ස් කණ්ඩායමට ලකුණු 303ක් පළමු ඉනිමේ රැස් කිරීමට වැඩිම දායකත්වය ලබා දුන්නේය.
පාණදුර පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී හලාවත මේරියන්ස් කණ්ඩායමේ දුෂාන් විමුක්ති ලකුණු 53කට කඩුලු 4ක් ද සුමිඳ ලක්ෂාන් ලකුණු 32කට කඩුලු හතරක් ද දවාලීමෙන් පාණදුර පළමු ඉනිම ලකුණු 146කට සීමා විණි.
හලාවත මේරියන්ස් පළමු ඉනිම සියල්ල දැවී 303යි – (ෂෙහාන් ජයසූරිය 130, රවීන් යසස් 36, ලසිත් ලක්ෂාන් 32, තීක්ෂල ද සිල්වා 32, අයොන් ප්‍රනාන්දු 16, නිමේෂ් විමුක්ති 85/5, සහන් මිහිර 61/2)
පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 146යි – (ඉරෝෂ් සමරසූරිය 32, රනිත ලියනආරච්චි 26, නිමේෂ් විමුක්ති 16, සහන් මිහිර 16, සුමිඳ ලක්ෂාන් 32/4, දුෂාන් විමුක්ති 53/4, දුවිඳු තිලකරත්න 23/2)
පාණදුර දෙවන ඉනිම කඩුලු දෙකක් දැවී 63 – (කේෂර නුවන්ත නොදැවී 18, රමිඳ විජේසූරිය 18, ඉරෝෂ් සමරසූරිය 17, ෂෙහාන් ජයසූරිය 1/1, දුවිඳු තිලකරත්න 32/1)
- මුවර්ස් – එස්.එස්.සී. (මුවර්ස් පළමු ඉනිමේ ප්‍රබල තත්ත්වයක)
මුවර්ස් පළමු ඉනිමේ කඩුලු 9ට රැස් කළ ලකුණු 412ට පිළිතුරු ලෙස එස්.එස්.සී. පළමු ඉනිමේ දී තවත් ලකුණු 276ක් පිටුපසින් සිටින්නේ කඩුලු පහක් ඉතිරිවය.
මුවර්ස් කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනකුම ශතක ආසන්නයට පැමිණීමෙන් ඔවුනට පළමු ඉනිමේ දී කඩුල 9කට ලකුණු 412ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි. එම පිතිකරුවන් වු ජනිෂ්ක පෙරේරා ලකුණු 87ක් ද (පන්දු 154යි හතරේ 14යි) පසිඳු සූරියබණ්ඩාර ලකුණු 85ක් ද (පන්දු 135යි හතරේ 10යි) ලසිත් අබේරත්න ලකුණු 83ක් ද (පන්දු 180යි හතරේ 8යි හයේ පහරයි) රැස් කළහ.
එස්.එස්.සී. පළමු ඉනිමේ දී මේ වන විට ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 නායක චරිත් අසලංක නොදැවී ලකුණු 26ක් ද ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක නොදැවී ලකුණු 39ක් ද ලබා සිටී.
මුවර්ස් පළමු ඉනිම කඩුලු 9ට 412යි – (ජනිෂ්ක පෙරේරා 87, පසිඳු සූරියබණ්ඩාර 85, ලසිත් අබේරත්න 83, දිනුක් දිල්ෂාන් 42, ෂොහාන් ඩි ලිවේරා 36, රමේෂ් මෙන්ඩිස් 33, ප්‍රමෝද් මධුෂාන් 69/4, කවිඳු නදීෂාන් 51/2)
එස්.එස්.සී පළමු ඉනිම කඩුලු 5ට 136යි – (දසුන් ශානක නොදැවී 39, ක්‍රිෂාන් සංජුල 32, චරිත් අසලංක නොදැවී 26, ෂෙවොන් ඩැනියල් 20, චානුක දිල්ෂාන් 44/3, ශිරාන් ප්‍රනාන්දු 48/1)
- ටැමිල් යුනියන් – බී.ආර්.සී. (බී.ආර්.සී.ට දෙවන ඉනිමේ ලකුණු 281ක ඉලක්කයක්)
මේ තරගයේ පළමු ඉනිමේ දී ටැමිල් යුනියන් ඉදිරියෙන් සිටියේ ලකුණු 22කිනි. ටැමිල් යුනියන් දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන නොදැවී ලකුණු 98ක් ද (පන්දු 169යි හතරේ හතයි හයේ තුනයි) සහ තරිඳු රත්නායක ලකුණු 81ක් ද (පන්දු 94යි හතරේ හයයි හයේ හයයි) ලැබීම මත ඔවුනට දෙවන ඉනිමේ දී ලකුණු 269ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.
දෙවන ඉනිමේ ජයග්‍රහණය සඳහා බී.ආර්.සී. ලකුණු 292ක් රැස් කළ යුතුව ඇත.
ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 224යි – (සිනෙත් ජයවර්ධන 72, ළහිරු සමරකෝන් නොදැවී 49, නවෝද් පරණවිතාන 24, මොහමඩ් ෂමාෂ් 20, අයන සිරිවර්ධන 20, මොහමඩ් ශිරාෂ් 63/5, මාලින්ද පුෂ්පකුමාර 123/5)
බී.ආර්.සී. පළමු ඉනිම 202යි – (රොෂේන් සිල්වා 67, දිල්ෂාන් ද සොයිසා 35, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 22, නවිඳු විතානගේ 16, තරිඳු රත්නායක 65/9)
ටැමිල් යුනියන් දෙවන ඉනිම සියල්ල දැවී 269යි – (නවෝද් පරණවිතාන 98, තරිඳු රත්නායක 81, සඳුන් වීරක්කොඩි 22, අයන සිරිවර්ධන 17, ළහිරු සමරකෝන් 13, මාලින්ද පුෂ්පකුමාර 93/6, මොවින් සුබසිංහ 86/3)
බී.ආර්.සී. දෙවන ඉනිම කිසිවකු නොදැවී 11යි
- සී.සී.සී. – එන්.සී.සී. (සී.සී.සී. පළමු ඉනිම 474යි)
සී.සී.සී. කණ්ඩායමේ අංක හතර පිතිකරු පවන් රත්නායක පන්දු 295කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර නවයක් සමග ලකුණු 194ක් රැස් කිරීමට සමත් විය. මීට අමතරව අන්ජල බණ්ඩාර පන්දු 183ක දී හතරේ අටක් සමග ලකුණු 85ක් ලැබීය.
මොවුන් දෙදෙනාගේ සිව්වන කඩුල්ලේ සබඳතාව 180කි. (පන්දුවාර 50.4ක දී) එන්.සී.සී. දෙවන දින තරගය නිම වන විට කඩුලු 2කට ලකුණු 136ක් ලබා සිටියේය.
සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 474 – (පවන් රත්නායක 194, ලසිත් කෘෘස්පුල්ලේ 128, අන්ජල බණ්ඩාර 85, චාමික කරුණාරත්න 76/3, අසෙල් සිගේරා 52/2, ලසිත් ඇඹුල්දෙණිය 111/2යි)
එන්.සී.සී. පළමු ඉනිම කඩුලු 2ට 136යි – (සහන් ආරච්චිගේ නොදැවී 60, කමිල් මිෂාර නොදැවී 45, චතුරංග ද සිල්වා 16/1)
- කුරුණෑගල තරුණ – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය
කුරුණෑගල තරුණ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගයාන් මනීෂ පන්දු 192කට මුහුණ දී හතරේ 11ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 112ක් රැස් කිරීමට මේ තරගයේ දී සමත් විය.
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායමේ ලක්ෂාන් ගමගේ පන්දු 85ක දී හතරේ හතරක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 46ක් ලැබීය.
කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය සියල්ල දැවී 277යි – (ගයාන් මනීෂාන් 112, ලක්ෂාන් එදිරිසිංහ 42, දිල්හාර පොල්ගම්පළ 32, දිනුෂ්ක මාලන් 31, සමීර සඳමල් 20, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 18, තිලකරත්න සම්පත් 48/6, චාමිකර එදිරිසිංහ 100/2)
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම කඩුලු 7ට 157යි – (ලක්ෂාන් ගමගේ නොදැවී 46, තිලකරත්න සම්පත් 31, අක්රම් මුතාලිබ් නොදැවී 17, ඇන්ජලෝ පෙරේරා 15, කවික දිල්ෂාන් 71/3)