slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2025
සී.සී.සී., මුවර්ස් සහ මීගමුව ජයග්‍රහණ වාර්තා කරති

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (16) සී.සී.සී., මුවර්ස් සහ මීගමුව යන කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වුහ. පොලීසිය සහ හලාවත මේරියන්ස් සෙනසුරාදා (15) ජය අත්කර ගත් හෙයින් මේ සති අන්තයේ ජයග්‍රහණ අත්කර ගත් කණ්ඩායම් සංඛ්‍යාව පහකි.

 අද (16) දිනයේ දී සී.සී.සී. කණ්ඩායම කඩුලු හයකින් කැන්ඩි කස්ටම් කණ්ඩායමත් මුවර්ස් කඩුලු දහයකින් කුරුණෑගල තරුණ කණ්ඩායමත් මීගමුව ක්‍රීඩා සමාජය ලකුණු 71කින් බදුරලියත් පරාජයට පත් කළහ.

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජයේ රොෂාන් විජේනායක අද (16) දිනයේදීත් බී.ආර්.සී. සමග නොදැවී ශතකයක් රැස් කළේ දෙවන ඉනිමේ දී පන්දු 144ක දී හතරේ පහර අටක් සහ හයේ පහර හතරක් සමග නොදැවී ලකුණු 105ක් රැස් කිරීමෙනි. රොෂාන් මේ තරගයේ ප්‍රථම ඉනිමේ දී සිකුරාදා (14) නොදැවී ශතකයක් වාර්තා කළ අතර දෙවන දින (15) එය නොදැවී ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කළේ පන්දු 330ක දී හතරේ 14ක් සහ හයේ පහර දෙකක් සමගය.

 අද (16) පැවැති පාණදුර බ්ලුම්ෆීල්ඩ් අතර තරගයෙන් බ්ලුම්ෆීල්ඩ් ජයග්‍රහණය අසළටම පැමිණියත් පාණදුර අවසාන පිතිකරු දවාලීමට අසමත් වීමෙන් තරගය නිම වුයේ ජය පැරැදුමෙන් තොරවය.

 මීගමුව සහ බදුරලිය අතර තරගයේ දී මීගමුව කණ්ඩායමේ නිශාන් පීරිස් බදුරලිය දෙවන ඉනිමේ දී ලකුණු 35කට කඩුලු අටක් දවාලීමෙන් බදුරලිය ඉනිම ලකුණු 135කට සීමා වී මීගමුව ලකුණු 71ක ජයක් අත්විය.

  • සී.සී.සී. – කැන්ඩි කස්ටම්  (සී.සී.සී. කඩුලු පහකින් ජය ගනී)

 මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් ජය ලැබීමට සී.සී.සී. කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 177ක් අවශ්‍ය වු අතර තෙවන දින (16) දිවා ආහාරයට පෙර සී.සී.සී. කඩුලු පහකට ලකුණු 177ක් රැස් කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කළේය.

 දෙවන දින තරගය නිම වන විට නොදැවී ලකුණු 38ක් ලබා සිටි ඉනුක කරන්නාගොඩ පන්දු 85ක දී හතරේ පහක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 65ක් රැස් කරමින් සී.සී.සී. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි.

 සී.සී.සී. දෙවන ඉනිමේ දී පවන් රත්නායක පන්දු 51ක දී හතරේ පහර දෙකක් හයේ පහර හතරක් සමග ලකුණු 43ක් ද ශ්‍රී ලංකා ටෙස්ට් නායක සහ සී.සී.සී. අංක පහ පිතිකරු ධනංජය ද සිල්වා පන්දු 28ක දී හතරේ හතරක් සමග නොදැවී ලකුණු 31ක් ද අෂාන් ප්‍රියංජන් පන්දු නවයක දී  හතරේ හතරක් සමග ලකුණු 17ක් ද රැස් කළහ.

කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 165යි – (ඉමේෂ් උදයංග 58, යොහාන් මැද්දගේ 46, සහන් කෝසල 18, ෂෙහාන් ප්‍රනාන්දු 13, ඉනුක කරන්නාගොඩ 35/3, විශ්ව ප්‍රනාන්දු 19/2, ධනංජය ද සිල්වා 22/2යි)

 සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 201යි – (චමිඳු විජේසිංහ 34, සොනාල් දිනුෂ 31, ධනංජය ද සිල්වා 27, පවන් රත්නායක 25, නිමේෂ ගුණසිංහ 25, ලසිත් කෘෘස්පුල්ලේ 20, මිනෝද් භානුක 15, කෞමාල් නානායක්කාර 55/6, ඉමේෂ් උදයංග 31/2, සචිත්‍ර පෙරේරා 54/2යි)

 කැන්ඩි කස්ටම් දෙවන ඉනිම සියල්ල දැවී 212යි – (සහන් කෝසල 65, රොස්කො තටිල් 44, ඉමේෂ් උදයංග 18, ෂෙහාන් ප්‍රනාන්දු 17, ඉනුක කරන්නාගොඩ 53/5, අෂාන් ප්‍රියංජන 53/2, සොනල් දිනුෂ 26/2යි)

 සී.සී.සී. දෙවන ඉනිම කඩුලු 5ට 177යි – (ඉනුක කරන්නාගොඩ 65, පවන් රත්නායක 43, ධනංජය ද සිල්වා නොදැවී 31, අෂාන් ප්‍රියංජන් 17, කෞමාල් නානායක්කාර 60/4, රොස්කො තටිල් 15/1))

  • මුවර්ස් – කුරුණෑගල තරුණ (මුවර්ස් කඩුලු 10කින් ජය ගනී)

 කුරුණෑගල තරුණ කණ්ඩායමට මේ තරගයෙන් ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේ දී ලකුණු 179ක් අවශ්‍ය වු අතර ඔවුන් ලකුණු 189ක් ලැබීය.

 මුවර්ස්ට දෙවන ඉනිමේ දී ජයග්‍රහණයට ලකුණු 11ක් අවශ්‍ය වු අතර ඔවුන් කිසිවකු නොදැවී එය වාර්තා කළේය.

 කුරුණෑගල තරුණ දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී ගයාන් මනීෂාන් පන්දු 79ක දී හතරේ හයක් සමග ලකුණු 49ක් ලැබීය. එම ඉනිමේ දී මුවර්ස් කණ්ඩායමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ චානුක දිල්ෂාන් ලකුණු 37කට කඩුලු හතරක් බිඳ දැමීය.

කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 136යි – (ගයාන් මනීෂාන් 58, සමීර සඳමල් 19, දිනුෂ්ක මාලන් 19, රමේෂ් මෙන්ඩිස් 35/4, ශිරාන් ප්‍රනාන්දු 41/3, මිලාන් රත්නායක 25/2යි)

 මුවර්ස් පළමු ඉනිම සියල්ල දැවී 315යි – (සොහාන් ඩි ලිවේරා 78, ජනිෂ්ක පෙරේරා 52, සධීර සමරවික්‍රම 50, මිලාන් රත්නායක 42, ශිරාන් ප්‍රනාන්දු 28, රමේෂ් මෙන්ඩිස් 24, කවික දිල්ෂාන් 119/5, ළහිරු ජයරත්න 42/2, දිලංක අවුවාඩ් 89/2යි)

 කුරුණෑගල තරුණ දෙවන ඉනිම සියල්ල දැවී 189යි – (ගයාන් මනීෂාන් 49, දිනුෂ්ක මලන් 35, සමීර සඳමල් 34, ළහිරු ජයරත්න 20, ධනුෂ්ක ධර්මසිරි 16, දිල්හාර පොල්ගම්පල 12, චානුක දිල්ෂාන් 37/4, මිලාන් රත්නායක 65/2යි)

 මුවර්ස් දෙවන ඉනිම කිසිවකු නොදැවී 11යි – (රවිෂාන් ද සිල්වා නොදැවී 09යි)

 මීගමුව – බදුරලිය  (මීගමුව ලකුණු 71ක පහසු ජයග්‍රහණයක්)

 කටුනායක වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් මීගමුව කණ්ඩායම පහසු ජයග්‍රහණයක් වාර්තා කළේ ලකුණු 71කින් බදුරලිය පරාජයට පත් කරමිනි.

 මේ තරගයෙන් ජය ලැබීමට බදුරලිය දෙවන ඉනිමේ දී රැස් කළ යුතුව තිබුණේ ලකුණු 206කි. එහෙත් මීගමුව කණ්ඩායමේ නිශාන් පීරිස් ලකුණු 35කට කඩුලු අටක් දවාලමින් දැක් වු විශිෂ්ට දක්ෂතා මත බදුරලිය දෙවන ඉනිමේ දී සියල්ල දැවී රැස් කළේ ලකුණු 135කි.

 බදුරලිය ලකුණු 206ක් හඹායද්දී දෙවන දින තරගය නිම වන විට ඔවුන් කිසිවකු නොදැවී ලකුණු 49ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියත් නිශාන් පීරිස්ගේ දක්ෂ පන්දු යැවීම මත අද (16) දිනයේ ඉතිරි කඩුලු දහයම දැවී ගියේ ලකුණු 86ක් පමණක් එක්වද්දීය.

මීගමුව පළමු ඉනිම සියල්ල දැවී 140යි – (ෂෙෂාන් ප්‍රනාන්දු 38, හංසජ හිරුන නොදැවී 18, කේෂාන් වන්නිආරච්චි 16, උමේෂ් ලක්ෂාන් 15, උපුල් ඉන්ද්‍රසිරි 14, චාමික කොමසාරු 41/4, චාමික රුවන්සිරි 21/4යි)

 බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 128යි – (චලන ද සිල්වා 35, ගිහාන් කෝරලගේ 22, අලංකාර අසලංක 23, ගීත් කුමාර 15, හංසජ හිරුන 39/4, නිශාන් පීරිස් 47/3, උපුල් ඉන්ද්‍රසිරි 24/2)

මීගමුව දෙවන ඉනිම සියල්ල දැවී 194යි – (ප්‍රමෝද් මධුවන්ත නොදැවී 63, හංසජ හිරුන 23, දිමුත් සඳරුවන් 21, ෂෙෂාන් ප්‍රනාන්දු 16, චානක කොමසාරු 85/4, චලන ද සිල්වා 68/3, චානක රුවන්සිරි 61/3)

බදුරලිය දෙවන ඉනිම සියල්ල දැවී 135යි – (දුනිත් ජයතුංග 34, රනේෂ් සිල්වා 34, අලංකාර අසලංක 16, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 13, චානක රුවන්සිරි 13, නිශාන් පීරිස් 35/8, හංසජ හිරුන 27/1)

  • පාණදුර – බ්ලුම්ෆීල්ඩ් (තියුණු ගැටුමකින් පසු විසඳුමකින් තොරව නිම වේ)

 පාණදුරට මේ තරගයෙන් ජය ගැනීමට දෙවන ඉනිමේ දී ලකුණු 245ක් අවශ්‍ය වු අතර තරගය නිම වන විට පාණදුර කඩුලු නවයක් දැවී ලබා සිටියේ ලකුණු 137කි.

 බ්ලුම්ෆීල්ඩ්ට පාණදුර කණ්ඩායමේ අවසාන කඩුල්ලේ සබඳතාවය දවා ගැනීමට නොහැකි වීමෙන් තරගය නිම වුයේ ජය පැරැදුමින් තොරවය.

 දෙවන ඉනිමේ දී පන්දුවට පහර දෙද්දී පාණදුර කණ්ඩායමේ දුෂාන් හේමන්ත ලකුණු 112කට කඩුලු හයක් ද බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ කවීෂ පියුමල් ලකුණු 48කට කඩුලු හතරක් ද දවාලුහ.

බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 244යි – (නිපුන් කරුණානායක 81, රවිඳු ප්‍රනාන්දු 54, තරිඳ ගුරුගේ 33, ළහිරු මධුශංක 16, ඉම්තියාස් ස්ලාසා 38/3, දුෂාන් හේමන්ත 54/3, නිමේෂ් විමුක්ති 65/2යි)

 පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 318 – (ශාලිත් ප්‍රනාන්දු නොදැවී 87, ඕෂද ප්‍රනාන්දු 70, ඉරෝස් සමරසූරිය 69, ළහිරු දෙවටගේ 59, තරිඳ ගුරුගේ 39/5, රවිඳු ප්‍රනාන්දු 69/3යි)

බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම කඩුලු 8ට 319 – (නිපුන් කරුණානායක 68, රවිඳු ප්‍රනාන්දු 54, යොහාන් ද සිල්වා 45, ඉසිත විජේසුන්දර 39, රොන් චන්ද්‍ර ගුප්ත 34, ළහිරු මධුශංක 25, අසිත වන්නිනායක 23, දුෂාන් හේමන්ත 112/6, නිමේෂ් විමුක්ති 65/2)

පාණදුර දෙවන ඉනිම කඩුලු 9ට 137යි – (දුෂාන් හේමන්ත 31, ඉරෝස් සමරසූරිය 32, රනිත ලියනආරච්චි 20, ශාලිත් ප්‍රනාන්දු 17, කවීෂ පියුමල් 38/4, සහන් නානායක්කාර 28/3, රවිඳු ප්‍රනාන්දු 29/2යි)

  • එස්.එස්.සී. – එන්.සී.සී. (එන්.සී.සී. පළමු ඉනිමේ දී ඉදිරියෙන්)

 එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ ප්‍රථම ඉනිමේ දී එන්.සී.සී. ලකුණු 27කින් ඉදිරියෙන් සිටි අතර තරගය නිමාවට පත් වුයේ ජය පරාජයෙන් තොරවය.

 එන්.සී.සී. දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කමිල් මිෂාර පන්දු 133ක දී හතරේ 11ක් හයේ පහරක් සමග ලකුණු 105ක් ද නිරෝෂන් දික්වැල්ල පන්දු 64ක දී හතරේ අටක් හයේ පහරක් සමග ලකුණු 71ක් ද රැස් කළහ.

 එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 379යි – (නිරෝෂන් දික්වැල්ල 91, කමිල් මිෂාර 77, ළහිරු උදාර 55, අහන් වික්‍රමසිංහ 47, කවින් බණ්ඩාර 45, අසේල් සිගේරා 17, නිපුන් ධනංජය 19/3, කසුන් රාජිත 76/3, ප්‍රමෝද් මධුෂාන් 76/3)

 එස්.එස්.සී. පළමු ඉනිම සියල්ල දැවී  352යි – (සසිඳු මල්ෂාන් 108, දිනුර කළුපහන 52, දසුන් ශානක 47, දිමුත් කරුණාරත්න 44, ෂෙවොන් ඩැනියල් 35, ප්‍රමෝද් මදුෂාන් 19, සම්පත් නිශ්ශංක 59/3, අසේල් සිගේරා 56/3, ලසිත් ඇඹුල්දෙණිය 36/2)

එන්.සී.සී. දෙවන ඉනිම කඩුලු 5ට 337යි – (කමිල් මිෂාර 105, නිරෝෂන් දික්වැල්ල 71, අහන් වික්‍රමසිංහ 53, කවින් බණ්ඩාර නොදැවී 51, අසේල් සිගේරා නොදැවී 29, නිපුන් ධනංජය 67/2)

  • නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය – බී.ආර්.සී. (තරගය ජය පරාජ නෑ)

 මේ තරගයෙන් ජය ලැබීමට බී.ආර්.සී.ට දෙවන ඉනිමේ දී ලකුණු 463ක් අවශ්‍ය වු අතර තරගය නිම වන විට බී.ආර්.සී. කඩුලු 4ක් දැවී ලබා සිටියේ ලකුණු 51කි.

 බී.ආර්.සී. පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී නුගේගොඩ කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ ලකුණු 64කට කඩුලු හතක් දවාලීමෙන් බී.ආර්.සී. ප්‍රථම ඉනිම ලකුණු 200ක දී නිමා විණි.

 නුගේගොඩ දෙවන ඉනිමේ දී රොෂාන් විජේනායක නැවත වරක් දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් පන්දු 144ක දී හතරේ අටක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 105ක් ලැබීය. රොෂාන් ප්‍රථම ඉනිමේ දී ද්විත්ව ශතකයක් ලැබීය.

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම කඩුලු 9ට 401යි – (රොෂාන් විජේනායක නොදැවී 201, තිලකරත්න සම්පත් 77, අක්රම් මුතාලිබ් 41, චාමික හීනටිගල 125/5)

 බී.ආර්.සී. පළමු ඉනිම සියල්ල දැවී 200යි – (දිල්ෂාන් ද සොයිසා 55, දුලාෂ් උදයංග 52, දුලාජ් අෂේන් 21, දේශාන් ඩයස් 20, චාමිකර එදිරිසිංහ 64/7, තිලකරත්න සම්පත් 72/2)

නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය දෙවන ඉනිම කඩුලු 3ට 261 – (රොෂාන් විජේනායක නොදැවී 105, තිලකරත්න සම්පත් 92, ඩිලාන් ජයලත් නොදැවී 50, චාමික හීනටිගල 108/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee