slc
logo
Home   |    News
පෙබරවාරි 24, 2025
සී.සී.සී. සහ එන්.සී.සී. වැඩි ගෞරව අත්කර ගනියි

sinhala editor

 මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (23) නිමාවට පත් වු එන්.සී.සී. – කුරුණෑගල තරුණ ක්‍රීඩ සමාජ තරගයත් සී.සී.සී. – බී.ආර්.සී. තරගයත් ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. මේ තරග දෙකෙන් වැඩි ගෞරවයන් අත්කර ගත්තේ සී.සී.සී. සහ එන්.සී.සී. කණ්ඩායම  දෙකය.

සී.සී.සී. – බී.ආර්.සී.  තරගයේ දී සී.සී.සී. කණ්ඩායම තරගයෙන් ජය ලැබීමට බී.ආර්.සී.ට දෙවන ඉනිමේ ලකුණු 585ක ඉලක්කයක් ලබා දුන් අතර තරගය කාලවේලා නොමැති වීමෙන් ජය පැරැදුමින් තොරව නිම විය.

 එන්.සී.සී. සහ කුරුණෑගල තරුණ අතර තරගයේ දී කුරුණෑගල තරුණ කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 608ක් අවශ්‍ය වු අතර ඔවුන් දෙවන ඉනිමේ දී කඩුල්ලකට ලකුණු 64ක් ලබා සිටිය දී කාලවේලාව මදවීමෙන් තරගය විසඳුමකින් තොරව නිම විය.

 මීගමුව සහ බදුරලිය අතර තරගය අද (23) ගාල්ලේ දී ආරම්භ වු අතර දිනය නිම වන විට කාසියේ වාසි දිනා පන්දුවට පහර දෙන මීගමුව කඩුලු 9කට ලකුණු 244ක් ලබා සිටියේය.

  • එන්.සී.සී. – කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය (එන්.සී.සී. ප්‍රථම ඉනිමේ ඉදිරියෙන්)

 කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය ජය පැරැදුමින් තොරව නිමා වු අතර එන්.සී.සී. පළමු ඉනිමේ දී ලකුණු 322කින් ඉදිරියෙන් සිටීමට සමත් විය.

 කුරුණෑගල තරුණ කණ්ඩායමට ඉනිමක පරාජයෙන් ගැළවීමට නැවතත් පන්දුවට පහර දීමට පිටියට යැවීමට එන්.සී.සී. කණ්ඩායමට අවස්ථාව තිබුණත් ඔවුන් එය සිදු නොකර දෙවන ඉනිම සඳහා ද පන්දුවට පහර දුන්නේ ඉදිරියේ එන වැදගත් තරග සඳහා පිතිකරණ පුහුණුව ලැබීමේ අභිලාෂයෙනි.

 එන්.සී.සී. දෙවන ඉනිමේ දී කවින් බණ්ඩාර (83) කමිල් මිෂාර (53) සහ අෂේන් ඩැනියල් (50) යන පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක වාර්තා කළහ. වැඩිම ලකුණු ලාභියා වු කවින් බණ්ඩාර පන්දු 88ක දී හතරේ හතක් හයේ පහරක් සමග ලකුණු 88ක් ද ලකුණු අතර පසු වන කමිල් මිෂාර ලකුණු 53ක් ද (පන්දු 79යි හතරේ තුනයි හයේ පහරයි) ලබා ගත්තේ වේගයෙන් පන්දුවට පහර එල්ල කරමිනි.

 එන්.සී.සී. දෙවන ඉනිමේ දී කුරුණෑගල තරුණ කණ්ඩායමේ කවික දිල්ෂාන් ලකුණු 103කට කඩුලු හයක් දවාලුවේය.

එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 504යි – (සහන් ආරච්චිගේ 167, කමිල් මිෂාර 151, කවීන් බණ්ඩාර 73, අහන් වික්‍රමසිංහ 34, නිරෝෂන් දික්වැල්ල 22, චාමික කරුණාරත්න නොදැවී 20, කවික දිල්ෂාන් 101/4, රන්දීර රණසිංහ 50/2, අරවින්ද ප්‍රේමරත්න 119/1)

කුරුණෑගල තරුණ ප්‍රථම ඉනිම සියල්ල දැවී 182යි – (ධනුෂ්ක ධර්මසිරි 44, ගයාන් මනීෂාන් 33, රශ්මික මධුශංක 36, ළහිරු ජයරත්න 18, කවික දිල්ෂාන් 17, අසේල් සිගේරා 47/5, ළහිරු කුමාර 21/3, චාමික කරුණාරත්න 30/1යි)

එන්.සී.සී. දෙවන ඉනිම සියල්ල දැවී 285යි – (කවින් බණ්ඩාර 83, කමිල් මිෂාර 53, අෂේන් ඩැනියල් 50, ළහිරු කුමාර 31, ළහිරු උදාර 17, නිරෝෂන් දික්වැල්ල 16, කවික දිල්ෂාන් 103/6, ළහිරු ජයරත්න 56/3)

කුරුණෑගල තරුණ දෙවන ඉනිම කඩුලු 1ට 64යි – (දිල්හාර පොල්ගම්පල නොදැවී 36, ධනුෂ්ක ධර්මසිරි 14, රශ්මික මධුශංක නොදැවී 10, නිරෝෂන් දික්වැල්ල 30/1)

  • සී.සී.සී. – බී.ආර්.සී.  (සී.සී.සී. පළමු ඉනිමේ දී 229ක් ඉදිරියෙන්)

 සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය ද විසඳුමකින් තොරව නිම වුවත් සී.සී.සී. කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී ලකුණු 229කින් ඉදිරියෙන් සිටීමට සමත් විය.

 සී.සී.සී. කණ්ඩායමට ද නැවත බී.ආර්.සී. පිල පන්දුවට පහරදීමට යැවීමට අවස්ථාව තිබුණත් ඔවුන් තීරණය කළේ නැවත තමන්ම දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමටය.

 සී.සී.සී. දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 102කට පමණක් මුහුණ දී හතරේ 14ක් සහ හයේ පහර දහයක් සමග වේගවත් ලකුණු 163ක් රැස් කිරීමට සමත් විණි. මීට අමතරව අංක හතර පිතිකරු පවන් රත්නායක ද පන්දු 75ක දී ලකුණු 70ක් රැස් කළේ හතරේ හයක් සහ හයේ පහර තුනක් ද එල්ල කරමිනි. ලසිත් සහ පවන් සී.සී.සී. තෙවන කඩුල්ලට පන්දුවාර 22.5ක දී ලකුණු 189ක් රැස් කිරීමට සමත් විණි.

 දක්ෂ පන්දු යැවීමක නිරත වු මලින්ද පුෂ්පකුමාර කඩුලු පහක් දවාලුවේ ලකුණු 83ක් ලබා දෙමිනි.

සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 478යි – (අංජල බණ්ඩාර 190, ධනංජය ද සිල්වා 82, ලසිත් කෘෘස්පුල්ලේ 51, පවන් සංදේශ් 62, ඉනුක කරන්නාගොඩ 51, කෙෂාන් විජේරත්න 103/4, චාමික හීනටිගල 62/3, මාලින්ද පුෂ්පකුමාර 160/2)

 බී.ආර්.සී. පළමු ඉනිම සියල්ල දැවී 249යි – (සචිත්‍ර වෙල්වත්ත 65, චාමික හීනටිගල 62, දිනුර අබේවික්‍රම 36, අගුල් ප්‍රගාසම් 24, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 15, සවින් ගුණසේකර 13, විශ්ව ප්‍රනාන්දු 55/3, ඉනුක කරන්නාගොඩ 56/3, චමිඳු විජේසිංහ 39/2)

සී.සී.සී. දෙවන ඉනිම කඩුලු 8ට 356යි – (ලසිත් කෘෘස්පුල්ලේ 163, පවන් රත්නායක 70, චමිඳු විජේසිංහ 35, ධනංජය ද සිල්වා 27, පවන් සංදේශ් 18, මලින්ද පුෂ්පකුමාර 88/5, චාමික හීනටිගල 122/2යි)

  • මීගමුව – බදුරලිය ක්‍රීඩා සමාජය

 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ අද (23) කාසියේ වාසිය දිනු මීගමුව ක්‍රීඩා සමාජය තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටය.

 මීගමුව කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු අංක හය පිතිකරු ප්‍රමෝද් මධුවන්ත පන්දු 107කට මුහුණ දී හතරේ පහර හතරක් සමග නොදැවී ලකුණු 61ක් ලබා සිටීමට සමත් විණි. මීගමුව කණ්ඩායමේ අංක 11 සහ අවසාන පිතිකරු උපුල් ඉන්ද්‍රසිරි ද තරගය නිම වන විට නොදැවී ලකුණු 15ක් ලබා සිටියේ පන්දු 50කට මුහුණ දී හතරේ පහර දෙකක් සමගය.

 ප්‍රමෝද් මධුවන්ත සහ උපුල් ඉන්ද්‍රසිරි අවසාන කඩුල්ලට පන්දුවාර 15.4ක දී ලකුණු 33ක නොදැවුණු සබඳතාවයක් පවත්වාගෙන සිටිති.

 මීට අමතරව උමේෂ් ලක්ෂාන් පන්දු 113ක දී හතරේ පහක් සමග ලකුණු 45ක් රැස් කර දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටී.

 බදුරලිය කණ්ඩායමේ චලන ද සිල්වා සහ චාමික රුවන්සිරි කඩුලු තුන බැගින් දවාලුහ.

 මීගමුව පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 9ට 244යි – (ප්‍රමෝද් මධුවන්ත නොදැවී 61, උමේෂ් ලක්ෂාන් 45, හිමාෂ ලියනගේ 29, පසිඳු ලක්ශංක 28, කවීන් ප්‍රනාන්දු 19, හංසජ හිරුන 20, උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 15, චලන ද සිල්වා 62/3, චානක රුවන්සිරි 78/3, චානක කොමසාරු 67/1)

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee