slc
logo
Home   |    News
පෙබරවාරි 14, 2025
හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය දිනය අහවර වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් ලබා සිටියේය.

රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දෙන හලාවත මේරියන්ස් කණ්ඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 26 ක් වද්දී දැවී ගියද සිව්වැනි කඩුල්ලට එක් වුණු කසුන් විදුර සහ රවීන් යසස් පන්දු 200 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් පවත්වමින් කණ්ඩායමට ජීවයක් එක් කළහ. මෙහිදී කසුන් විදුර පන්දු 118 කදී ලකුණු 60 ක් රැස් කරන ලද්දේ හතරේ පහර 9 ක්ද සිය ඉනිමට ඇතුළත් කරමිණි. ඔහුට අනගි සහායක් ලබා දුන් රවීන් යසස් ලකුණු 45 ක් රැස් කරන ලද්දේ පන්දු 129 කට මුහුණ දෙමිනි.

අනතුරුව හොඳම කඩුලු සම්බන්ධතාව 7 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කිරීමට සුමින්ද ලක්ෂාන් සහ චමෝද් සඳරු සමත්වූහ. ඔවුන් දෙදෙනා පන්දු 177 කදී ලකුණ 96 ක සම්බන්ධතාවක් එක් කරමින් හලාවත මේරියන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 ක් ඔබ්බට රැගෙන ගියහ. මෙහිදී චමෝද් සඳරු  පන්දු 111 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 46 ක්ද සුමින්ද ලක්ෂාන පන්දු 106 කට මුහුණ දෙමින් හතරේ පහර 11 ක් සමගින් ලකුණු 73 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී හරීන් රත්නමුදලි සහ ශෂික දුල්ෂාන් කඩුලු 3 බැගින් දවාලීමට සමත්වූ අතර සංතුෂ් ගුණතිලක කඩුලු 2 ක් දවාලූවේය.

හලාවත මේරියන්ස් පන්දුවාර 87 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 259 යි – (කසුන් විදුර 60, රවීන් යසස් 45, චමෝද් සඳරු 46, සුමින්ද ලක්ෂාන් 73, සංතුෂ් ගුණතිලක 32/2, හරීන් රත්නමුදලි 37/3, ශෂික දුල්ෂාන් 84/3)

Active filters

Recent Posts

  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]
  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee