slc
logo
Home   |    News
මාර්තු 24, 2025
දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය

sinhala editor

ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම වෙනුවෙන් වන කැලිපරයක් සහ පන්දු යවන්නන්ගේ වේගය මැන බැලීම වෙනුවෙන් වන මිනුම් උපකරණයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාර්තු මස 21 වැනිදා පියවර ගනු ලැබීය. අති නවීන තාක්ෂණයෙන් යුතුව එංගලන්තයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කර ඇති මෙම කාර්යය සාධනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වන උපකරණ  හෙවත් ස්කින්ෆෝල්ඩ් කැලිපරය සහ වේගය මැන බැලීම වෙනුවෙන් වන උපකරණය ඩිජිටල් දර්ශන තලයකින් සමන්විත වේ.

ඒ අනුව පළමු පෙළ තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩා සමාජ 17 කට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින විශිෂ්ඨතා මධ්‍යස්ථාන 4 වෙනුවෙන් මෙම උපකරණ බෙදාදීම සිදුකෙරිණ. මෙම කැලිපරය හරහා ක්‍රීඩා සමාජවල අභ්‍යාසකවරයාට ක්‍රීඩකයින්ගේ චර්මයේ මේධ ඝණත්වය මෙන්ම ශරීරයේ මේද ප්‍රතිශතය පිළිබඳ නිශ්චිත තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇත.

තාක්ෂණික මෙවලමක් වන මෙම කැලිපරය හරහා ක්‍රීඩකයින්ගේ යෝග්‍යතා ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට මෙන්ම ශරීරයේ සංයුතිය කෙසේ විය යුතුද යන්න තක්සේරු කිරීමට උපකාරී වනවා සේම ඒ හරහා වර්තමානයේ පවතින තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩකයින්ට සිය උපරිම ශාරීරික තත්ත්වය පවත්වාගෙන යෑමේ හැකියාව සහතික කෙරෙනු ඇත.

එම උපකරණයට අමතරව ලබා දෙන ලද පන්දුවේ වේගය මනිනු ලබන අපකරණය හරහා ක්‍රීඩා සමාජවලට සිය වේග පන්දු යවන්නන්ගේ මෙන්ම දඟ පන්දු යවන්නන්ගේද වේගය කොපමණද යන්න සිය ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් අතරතුරදීම මැන බැලීමේ හැකියාව උදාවනු ඇත.

මෙම උපකරණ බෙදාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති විශේෂ උත්සවයකදී බෙදා දෙන ලද අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ආචාර්යය ජයන්ත ධර්මදාස, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ක්‍රිකට් අධ්‍යක්ෂක ජෙරොම් ජයරත්න, ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ පළමු පෙළ ක්‍රීඩා සමාජවල උපදේශක සහ කඳවුම්කරු වන ප්‍රොමෝද්‍ය වික්‍රමසිංහ යන මහත්වරු සහභාගිවූහ.

මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට මෙන්ම යෝග්‍යතා මට්ටම පවත්වාගෙන යෑමට ක්‍රීඩා සමාජ විසින් වැඩි බරක් දැරිය යුතුයි. මන්ද ජාතික තලයට පැමිණීමේදී ඕනෑම ක්‍රීඩකයකු ක්‍රීඩකයකුට ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නියම කරන ලද ශාරීරික යෝග්‍යතා නිර්නායකයන් සපුරාලිය යුතු නිසා“ යනුවෙනි.

මෙම උපකරණ බෙදාදීමෙන් පසු එම කර්තව්‍ය තවදුරටත් ඵලාදායී කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා සමාජවල අභ්‍යාසකවරුන් සහ පුහුණුකරුවන් සමඟ ඉදිරියේදී කටයුතු කරනු ඇත.

“මෙම සමේ ඝණත්වය මැනබැලීමේ උඵකරණ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය හොඳ තත්ත්වයක් පවත්වාගෙන යෑමට උපකාරී වනු ඇත“ යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ ජෙරම් ජයරත්න මහතා සඳහන් කර සිටියේය. “පොකට් රේඩාර් මගින් පුහුණුකරුවන්ට පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ වේගය නිරන්තරයෙන්ම මැන බැලීමට සහ ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනයේ තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ හැකියාව උදාවනු ඇත“ යැයි ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

තාක්ෂණික දියුණුව තුළින් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ නැංවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කැපවීම තවදුරටත් තහවුරු කරවන ලද මිනුම් දණ්ඩක් ලෙසින් හඳුන්වාදිය හැකි මෙම උපකරණ බෙදාදීමේ අවස්ථාවට ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පුහුණුකරුවන් සහ කළමනාකරුවන්ද ඊට අමතරව පළාත් පුහුණුකරුවන්ග සහභාගිවී සිටියහ.

සී.සී.සී. කෝල්ට්ස්, හලාවත මේරියන්ස්, බී.ආර්.සී. එන්.සී.සී. රාගම, එස්. එස්. සී, මුවර්ස්, මීගමුව, ටැමිල් යුනියන්, බදුරලිය, පානදුර, බ්ලූම්ෆීල්ඩ්, කුරුණෑගල තරුණ, ඒස් කැපිටලන්, නුගේගොඩ, පොලිස් සහ මුවර්ස් යන ක්‍රීඩා සමාජවලට මෙම උපකරණ ලැබූ ක්‍රීඩා සමාජ බවට පත්විය.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee