slc
logo
Home   |    News
මාර්තු 31, 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් අලුතින් තේරී පත්වූ නිලධාරී මණ්ඩලය

sinhala editor

2025 – 2027 වාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා නැවත තේරීපත්ව තිබේ. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත්විය.

විශ්‍රාමික අභියචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට්  කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති මෙම නිලවරණයේදී එම කමිටුව විසින් සිල්වා මහතාගේ නැවත තේරීපත්වීම තහවුරු කරන ලදී. මෙය ඔහු අඛණ්ඩව සභාපති ධුරයට පත්වුණු සිව්වැනි අවස්ථාව මෙන්ම නිතරගයෙන් පත්වූ තෙවැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය.

2016 – 2019 දක්වා වු කාල සිමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා ලෙසින් කටයුතු කළ ශම්මි සිල්වා මහතා පළමු වතාවට 2019 වසරේදී පළමු වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තේරී පත්විය.

මෙවර නිලවරණයේදී සියලුම තනතුරු නිතරගයෙන් තේරී පත්වීම කැපී පෙනුණි. මෙහිදී ලේකම් තනතුර හැරුණු කොට අනෙක් සියලුම තනතුරු සඳහා හිටපු පිරිසම පත්වූහ. මෙහිදී ලේකම් තනතුර බන්දුල දිසානායක මහතාට හිමිවිය.

නිලධාරී මඬුල්ල

ගරු සභාපති – ශම්මි සිල්වා මහතා

ගරු උප සභාපති – ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා

ගරු උප සභාපති – රවීන් වික්‍රමරත්න මහතා

ගරු ලේකම් – බන්දුල දිසානායක මහතා

ගරු භාණ්ඩාගාරික – සුජීව ගොඩලියැද්ද මහතා

ගරු උප ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත මහතා

ගරු උප භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ මහතා

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee