slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2025
දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්

sinhala editor

ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් දෙපළ්ක් වන දෙව්මි විහංගා සහ පියුමි වත්සලා යන ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමට එම තේරීම්වලදී පියවර ගෙන තිබේ.

ගම්පහ රත්නාවලී බාලිකා විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශෂ්ඨ පී සිටින දෙව්මි විහංගා දකුණතින් දඟ පන්දු යවන දකුණත් පිතිකාරිනියකි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද අවු. 19 න් පහළ බාළිකා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද දෙව්මි මීට පෙර ශ්‍රී ලංකා ‘ඒ‘ කාන්තා කණ්ඩායමද නියෝජනය කිරීමට වරම් ලබා සිටින්නීය. ඇය එම බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම කණ්ඩායමට තේරීමට සමත්වූ එක ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වූවාය.

ඇයට අමතරව මෙම කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට සමත්ව සිටින අනෙක් ක්‍රීඩිකාව වන පියුමි වත්සලාද නිමාවට පත්වුණු දේශීය අන්තර් සමාජ තරග පිටියේදී පිතිකාරිණියක් ලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් ක්‍රීඩිකාවකි. ඇය එම තරගාවලියේදී පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ගාලු ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සමත්වූයේ තරගාවලියේ පළමු ශතක ලාභිණිය බවට පත්වෙමිනි. එතැනින් නොනැවතුණු ඇය නැවතත් සාර්ථක වෙමින් බී.ආර්.සී ක්‍රීඩා සමාජයට එරෙහිවද ශතකයක් වාර්තා කරමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්වූවාය.

ඊට අමතරව ඉකුත්දා නවසීලන්ත තරග සංචාරයට ඇතුළත් නොවුණු ඉදිරි පෙළ පිතිකාරිණී හසිනි පෙරේරා, හංසිමා කරුණාරත්න සහ ඉනෝකා රණවීර යන ක්‍රීඩිකාවන්ට යළිත් කණ්ඩායමේ ස්ථාන හිමිවීම කැපී පෙනෙයි. සුපුරුදු  පරිදි චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්ව සිටිති.

මේ අතර නවසීලන්ත තරග සංචාරයට ඇතුළත්ව සිටි චේතනා විමුක්ති, ඉමේෂා දුලානි, උදේශිකා ප්‍ර බෝධනී, සචිනි නිසංසලා සහ කෞෂානි නුත්‍යාංගනා යන ක්‍රීඩිකාවන්ට මෙවර තරගාවලියේ සිය ස්ථානය අහිමිව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, පියුමි වත්සලා, මනුදි නානායක්කාර, දෙව්මි විහංගා, ඉනෝකා රණවීර, ඉනූෂි ප්‍රනාන්දු, හංසිමා කරුණාරත්න, රශ්මිකා සෙව්වන්දි, මල්කි මදාරා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee