slc
logo
Home   |    News
මැයි 26, 2025
ටියර් බී කොටසේ යුනයිටඩ් සදර්න් සහ මොරටුව ජය ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ටියර් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා පැවැති තරග 6 න් 4 ක්ම වර්ෂාවට ගහගෙන යද්දී යුනයිටඩ් සදර්න් සහ මොරටුව  ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. මෙම තරග 2 ම කටුනාගයක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

සෙසු තරග සියල්ලම වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ප්‍රතිඵල රහිත වූ අතර ඉන් සෙබස්තියනයිට්ස් තරගය පමණක් පන්දුවාර 9 කට සීමා විම. එම පන්දුවාර සංඛ්‍යාව ක්‍රීඩා කළ සෙබස්තියනයිට්ස් කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 33 ක් ලබා සිටියේය.

සෙසු තරග වූ නිගම්බු – නාවික හමුදාව,  එස්.එස්.සී. – මැලේ සහ ලියෝ සහ යුද හමුදාව යන තරග එකම  පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය.

යුනයිටඩ් සදර්න්ට කඩුලු 4 ක ජයක්

රාගම  පන්දුවාර 18.5 කදී සියලු දෙනා දැවී කුණු 67 යි –

(දිනෙත් සිතුමින 18, දුලාජ් බණ්ඩාර 10, ධනෝෂ් ද සිල්වා 04/2, සහස් හංසල 08/2, රවිෂ්ක විජේසිරි 13/2, මාලින්ද පෙරේරා 14/2)

යුනයිටඩ් සදර්න් පන්දුවාර 18 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 68 යි –

(දෙනුවන් රාජකරුනා 22, පෙසඳු සංජන් 15, සසංක නිර්මාල් 11*, සහන් හංසල 1, උපුල් ඉන්ද්‍රසිරි 09/4)

මොරටුව ක්‍රීඩා සමාජයට කඩුලු 8 ක ජයක්

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 13 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 57 යි –

සුදීර වීරරත්න 31, ළහිරු අත්තනායක 13, උෂාන් සත්සර 08/2) 

මොරටුව පන්දුවාර 8.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 54 යි –

 පූර්ණ ප්‍රභාත් 21, අමිත දාබරේ 16, අනුෂ්ක පෙරේරා 13*, 

සෙබස්තියනයිට්ස් – ගෝල්

සෙබස්තියනයිට්ස් පන්දුවාර 9 කදී කඩුලු 4 ට ලකුණු 33 යි –

උමයංග සුවාරිස් 18*, අමිත කෞෂල්‍ය 05/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee