slc
logo
Home   |    News
ජූනි 19, 2025
ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක

sinhala editor

ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී ලංකා පිතිකරුවන් ද අපේක්ෂා දල්වා සිටින්නේ ගාලු පිටියේ ‍පෙරැළිකාරී ලෙස ලකුණු අතරට පිවිසීමට බව මිලාන් රත්නායක විහ්වාසය පළ කළේය. ඔහු මේ බව පැවැසූවේ අද (18) ශ්‍රී ලංකා – බංග්ලාදේශ ‍‍ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ නිමාවත් සමඟ පැවැති මාධ්‍ය හමුවේදීය.

ප්‍රශ්නය: අද ටෙස්ට් තරගයේ දෙවැනි දවස ඔබ හිතන විදිහට කොහොමද?

පිළිතුර: අද දවසේ අපි හොදට පන්දු යැව්වා කියන්න පුලුවන්. ඇත්තටම මේක හොද විකට් එකක්. මොකද ඊයේ අපෙන් වුණ අතපසුවීම් බලලා. අසිතයි‍ මමයි වේග පන්දු පුහුණුකරු සමඟ කතා කරලා මේ විකට් එකේ වේග පන්දු යවන්නන්ට දෙන්න පුළුවන් උපරිම දේ කරන්නේ කොහොමද කියලා කතා කළා. අපෙන් වුණ අඩුපාඩු මොනවාද? තව පොඩ්ඩක් අපි ඉදිරියට ඇවිත් කළ යුත්තේ මොකක්ද? කියලා අපි කතා කලා. අද දවස ගැන සතුටුයි. දඟ පන්දුව වගේම වේග පන්දුව දෙඅංශයම හැම දෙයක්ම හොදින් වුණා.

ප්‍රශ්නය: රිවස් ස්වින්ග් එක භාවිතා කළාද?

පිළිතුර: නෑ. ඒක රිවස් සිවින්ග් නොවෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත මත නව පන්දුවෙන් යැවීමක් විතරයි.

 ප්‍රශ්නය: කියන්න පුළුවන්ද? දැන් ඉදිරියට ශ්‍රී ලංකා පිතිකරුවන්ට පහර දෙන්න සිඳු වෙනවා. හෙට දවසේ මේ තණතිල්ල පිතිකරුවන්ට වාසි වෙයිද? එහෙම නැත්නම් පන්දු යවන්නන්ට වාසියක් ලැබෙයිද?

පිළිතුර: ඇත්තටම මේ විකට් එක පිතිකරුවන්ට යෝග්‍ය එකක්. දෙවැනි දවස කියලා නෑ. අදත් පිතිකරුවන්ට හොඳ තත්ත්වයේ තිබුණා. ඒක වෙනස් වුණේ නෑ. ඊයේ වගේම අදත් හොද තත්ත්වයේ තිබුණා. හෙටත් ඒක බලාපොරොත්තු ‍වෙන්න පුළුවන්.

ප්‍රශ්නය: බංග්ලාදේශ පිලේ අවසන් කඩුලු කිහිපයක් ඉක්මණින් බිඳ වැටුනා. මොකක්ද බංග්ලාදේශ පිලේ දුර්වලතාව.

පිළිතුර: ඔවුන්ගේ දුර්වලතාවක් කියන්න බෑ. ඔවුන් හොදට පන්දුවට පහර දුන්නා. අපි හොඳින් පන්දු යැව්වා. අපේ පන්දු යවන්නන්ට අවශ්‍ය වුණේ ඕවරයකට ලකුණු 3කට අඩුවෙන් තබා ගන්නයි. කොහොම වුණත් පිතිකරුවන්ට මේ තණතිල්ල හොදයි.

ප්‍රශ්නය: ඔබ පන්දු යවන්න පටන් ගත්ත වේලාවේ ඕවර් 5ක් යැව්වාම නැවත්තුවා. ඇයි එහෙම වුණේ?

පිළිතුර: වේග පන්දු යවන්නන් ‍ලෙස ඊයේ දිනයේත් අපි පන්දු යවලා තිබුණා. වේග පන්දු යවන්නන් වුණත් අපි බලන්නේ හැම වේලාවෙම අපේ සැලස්ම වෙන්නේ කවුරුත් මහන්සි නොවී විවේකයත් සමඟ කණ්ඩායමට අවශ්‍ය දේ ගන්නයි. ඕවර් 5ක් එක දිගට දානවා කියන්නේ ලේසි නෑ. විශේෂයෙන්ම ගාල්ල වගේ තණතිල්ලක. ලකුණු 3ට අඩුවෙන් තියා ගන්නවා කියන්නේ ‍හොද තත්ත්වයක්.

ප්‍රශ්නය: උඩ පන්දු දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අත්හැරියා. ඒකෙන් කොයි තරම් ලකුණු ගණනට වෙනසක් ‍වෙන්න ඇතිද?

පිළිතුර: උඩ පන්දු අත්හැරීමෙන් බලපෑමක් වෙනවා ඇත්තටම. ඒ වුණත් අපි ඒක රිකවර් කළා පන්දු යවන්නන් හැටියට. දවසේ අන්තිම වෙද්දී අපෙන් වුණ පාඩුව මඟ හරවා ගත්තා. ඔවුන් චාන්සස් ගොඩක් අඩුවෙන් දුන්නේ. නමුත් උඩ පන්දු දෙක අල්ලා ගත්තා නම් ටිකක් වෙනස් වෙනවා. දවස අවසන් වෙද්දී අපි තරගයේ වාසිය ගත්තා.

ප්‍රශ්නය: මේ තණතිල්ලේ ඉදිරියේදී ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙන්නේ. බංග්ලාදේශ පිතිකරුවන් වගේම අපිටත් ලකුණු අතරට එන්න පුළුවන් වේවිද?

පිළිතුර: ඔව් තණතිල්ල හොද එකක්. අ‍පේ පිතිකරුවන් බලා ඉන්‍නේ හොදින් ලකුණු ගන්නයි. ඒක ඇත්තටම පිතිකරුවන් සියලු දෙනාට හොඳ තණතිල්ලක් වෙයි.

ප්‍රශ්නය: වේග පන්දු යවන්න් ලෙස ඔබයි අසිතයි කඩුල්ලට පන්දු යැව්වා. නමුත් අපේ දඟ පන්දු යවන්නන් දෙදෙනා පා ඉන්න පැත්තෙන් පන්දු යවලා තර්ජනය කළා. නමුත් ඔවුන් ලකුණු ගත්තා. ඒ වේලාවේ කණ්ඩායමේ උපක්‍රමය වුණේ මොකක්ද?

පිළිතුර: ඇත්තටම දඟ පන්දු යවන්නන්ට අදයි පළමු දිනයේයි තණතිල්ලේ ලොකු සහයෝගයක් තිබුණේ නෑ. පන්දුව හොදින් දඟ කැවුණේ නෑ. ඒ නිසා පිතිකරුවන්ට ටිකක් පහසු වුණා. ලකුණු වේගය අඩු කර ගන්නයි අපි සැලසුම් කළේ. වේග පන්දු යවන්න් හොදින් පන්දු යවනකොට දඟ පන්දු යවන්නන් ලකුණු අඩුවෙන් තියාගෙන පන්දු යැවීම වැදගත්. කොහොම වුණත් අද පිතිකරුවන් හා පන්දු යවන්නන් දෙ අංශයම සාර්ථක වුණා කියන්න පුළුවන්. 

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee