slc
logo
Home   |    News
ජූනි 5, 2025
‘හෝම් ලෑන්ඩ්‘ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රධානය 09 වැනිදා

sinhala editor

ගෙවී ගිය 2024 ඇතුළත දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙහි කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන‘හෝම් ලෑන්ඩ්ස්“ ශ්‍රී ලංකා ක්‍රිකට් ත්‍යාග ප්‍රධානෝත්සවය මෙම ජුනි මස 09 වැනිදා රාත්‍රියේදීි කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ අංංක එකේ සහ වඩාත්ම විශ්වාසදායක දේපළ වෙළෙදාම් සැපයුම්කරුවකු වන ‘හෝම් ලෑන්ඩ්“ සමාගම් සමූහය මෙම උත්කර්ෂවත් ත්‍යාග ප්‍රධානෝත්සවයේ අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරනු ඇත.

“මෙම වසරේ පැවැත්වෙන සම්මාන ප්‍රධානෝත්සවයේ නිල අනුග්‍රාහකයා ලෙසින් හෝම් ලෑන්ඩ්ස් සමාගම් සමූහය අපි සාදරයෙන් පිළිගනු ලබනවා. ඔවුන්ගේ මෙම දායකත්වය අපේ මේ සුවිශේෂී ත්‍යාග ප්‍රදානෝත්සවය ශක්තිමත් කරනවා විතරක් නොවෙයි, ක්‍රීඩාවේ විශිෂ්ඨත්මය සැමරීමට සහ ආගත පරම්පරාව දිරිමත් කිරීමටද දායකත්වයක් දක්වනවා“ යැයි මේ පිළිබඳව අද (05 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රදාන ලේකම් බන්දුල දිසානායක මහතා සඳහන් කර සිටියේය.

ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් ඉදිරිපත්ව සිටින හෝම් ලෑන්ඩ්ස් සමාගම් සමූහය සැබැවින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වනඅතර එය ඔස්ට්‍රේලියේ මෙන්ම ඩුබායි ස්ථාපිත ශාඛාවන් සමඟින් ගෝල්ය වශයෙන් ප්‍රසිද්ධියක් ලබාසිටියි. හෝම් ලෑන්ඩ්ස් සමූහය විශ්වාසය, නවෝත්පාදනය සහ විිශිෂ්ටත්වය මත ගොඩ නැගී තිබෙන අතර, දේශීය මෙන්ම විදේශීයව ජීවත් වෙන සියලූම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩා හොඳ හෙට දවසක් හැඩගැස්වීම වෙනුවෙන් කැපවුණු ආයතකයක් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ මෙම හවුල්කාරීත්වය සමඟ හෝම් ලෑන්ඩ්ස් සමාගම් සමූහයේ සභාපති නලීන් හේරත් මහතා සදහන් කර සිටියේ, “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් කටයුතු කිරීමට ලැබීම රටේ සියලුම ක්‍රිඩා සදහා සහාය වීමට අප ආයතනය කැපවීම පෙන්නුම් කරනවා. ක්‍රීඩාව ජාතීන් එකතු කරවන්නක්. ක්‍රීඩාව සමාජයන් ඒකාබද්ධ කිරීමට, ජාතික ආභිමානය වර්ධනය කිරීමට සහ තරුණ පරපුර ශක්තිමත් කිරීමට ඇති විශේෂ බලයකින් යුක්තයකි. ශ්‍රී ලාංකිකයින්ගේ සිත් තුළ විශේෂ ස්ථානයක් ගත් ක්‍රිකට් ක්‍රීඩාව, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේදී නිරන්තරයෙන්ම ඉහළ කාර්ය භාරයක් ඉටු කරන්නක්. ජාත්‍යන්තර සන්නිවේදනයක් සහිත, ශ්‍රී ලාංකීය ව්‍යාපාරයක් ලෙස, මෙයට දායක වීමටත්, විශිෂ්ටත්වය, නොපසුබට උත්සාහය සහ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයේ වටිනාකම ප්‍රවර්ධනය කිරීමට ලැබීම අපට ගෞරවයක් ලෙසින් සලකනවා“ යනුවෙනි.

බහුතරයක් දෙනා දැඩි අපේක්ෂා කරනු ලබන ‘හෝම් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය 2024‘හි ද ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තෙඅංශයෙන්ම වසරේ නැගීඑන පිතිකරුවා, දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන පිරිනැමෙනු ඇත.

ඊට අමතරව වඩාත්ම ආකර්ෂණීය සම්මාන ද්විත්යක් වන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවන යන සම්මානද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රමුඛතම සම්මානයන් අතරට ඇතුළත්ව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධිනය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියන් වන පළමු පෙළ තරගාවලිය, කාන්තා ක්‍රිකට් තරගාවලිය, ප්‍රධානතම ක්‍රීඩා සමාජ තුන්දින තරගාවලිය, ප්‍රධානතම ක්‍රීඩා සමාජ එක්දින තරගාවලිය, ප්‍රධානතම ක්‍රීඩා සමාජ විස්සයි-20 තරගාවලිය, මෙන්ම ප්‍රධානතම කාන්තා ක්‍රීඩා සමාජ එක්දින තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීමට ලක් කෙරෙනු ඇත.

මෙම සෑම තරගාවලියකම දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා යන කේවල සම්මානවලට අමතරව එම තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනාගත් කන්ඩායම් වෙතද සම්මාන පිරිනැමෙනු ඇත.

මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන්  දායකත්වය දැක්වූ පුද්ගලයින්ට ද දිවියට එක් වරක් පිදෙන සම්මානයක්ද මෙවර සම්මාන ප්‍රදානෝත්සවයට ඇතුළත්ව තිබේ.

මෙම මාධ්‍ය හමුවට ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් බන්දුල දිසානායක, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, හෝම් ලෑන්ඩ් සමාගම් සමූහයේ සභාපති සහ කලමනාකාර අධ්‍යක්ෂ නලීන් හේරත්, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා, එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක මෙන්ම කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සහ හෝම් ලෑන්ඩ් සමාගම් සමූහයේ නියෝජ්‍ය වෙළෙඳ අධ්‍යක්ෂ මන්සූර් රිෂාඩ් යන මහත්ම මහත්මීන් සහභාගිවූහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee