slc
logo
Home   |    News
December 19, 2019
SLC declared opened Two Astro Turf Wickets in Ambalangoda

Sri Lanka Cricket

Media Release

19th December, 2019

Sri Lanka Cricket, recently declared opened Two Astro Turf Wickets ( Practice Wickets) which was built on the Urban Council Ground, Ambalangoda.

The two practice wickets, built under the ‘Cricket Gamata’ program of the SLC, were declared opened by the Vice President of Sri Lanka Cricket Mr. Ravin Wickramaratne.

The new wickets were built with the funding support Sri Lanka Cricket granted to the Rio Sports Club of Ambalangoda, amounting to a sum of Rs. 2 million.

Apart from the new Astro Turf Wickets, SLC also installed a new ‘Bowling Machine’ at the venue. Several Clubs and Schools in the area are expected to benefit from the new cricketing facilities.

Mr. Jayantha Jayaweera, President of the Rio Sports Club said the new facility will help build future stars from the Ambalangoda area, which has already produced several international cricketers, including two national captains.

In the meantime, Sri Lanka Cricket has approved a sum of Rs 16 million to renovate the Ambalangoda Urban Council Ground into a fully fledged Cricket Ground and the work towards it, is already ongoing.

මාධ්‍ය නිවේදනය

අම්බලන්ගොඩ ක්‍රිකට් දියුණුවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “ක්‍රිකට් ගමට” වැඩසටහන යටතේ නවීකරණය කරණ ලද කෘතිම තණතීරු (Astro Turf) සහිත පුහුණු පැති විකට් දෙකක් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ නගර සභා පිටියේ දී පසුගියදා විවෘත කෙරුණා.

මෙම පැති විකට් දෙක ඉදිකෙරුණේ අම්බලන්ගොඩ රියෝ ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදුන් රුපියල් මිලියන දෙකක ප්‍රතිපාදන මතයි.

වර්තමානයේ පිතිකරණ පුහුණුව සඳහා අත්‍යවශ්‍යම අංගයක් වන පන්දු යැවීමේ යන්ත්‍රයක්ද  (Bowling Machine) ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම ස්ථානයේ සථාපිත කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේ මෙම ප්‍රදේශයේ ක්‍රිකට් සංවර්ධනය සඳහා තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරණ  බවයි.

නව තණතීරු සහ පහසුකම් රැසක් සහිතව අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය අංඟ සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් බවට පත්කිරීමේ  සංවර්ධන මෙහෙයුම සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් රුපියල් මිලියන 16 කට අධික මුදලක්  වෙන්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකයින් පවා බිහිකළ අම්බලන්ගොඩ පුරවරයට මෙම පහසුකම් නිසා තව තවත් අතිවිශිෂ්ට ක්‍රීඩකයන් රැසක් බිහිකිරීමට හැකිවනු ඇතිබව අම්බලන්ගොඩ රියෝ ක්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත ජයවීර මහතා ප්‍රකාශ කළා.

අම්බලන්ගොඩ ප්‍රධාන ක්‍රීඩා සමාජ වලට අමතරව අවට පාසැල් රැසක ක්‍රිකට් කණඩායම් වලට මෙමගින් පහසුකම් සැලසෙනවා.

මෙම අවස්ථාවට අම්බලන්ගොඩ නගර සභාවෙි සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වුණා.

මාධ්‍ය ඒකකය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

19/12/2019

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest