slc
logo
Home   |    News
පෙබරවාරි 8, 2020
මිනෝද් භානුක දිල්ෂාන් මුනවීර පැතුම් නිශ්ශංක ප්‍රථම දිනයේ ශතක ලබති

Sri Lanka Cricket

        ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවක ප්‍රිමියර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගාවලියේදී මිනෝද් භානුක (සී.සී.සී)  දිල්ෂාන් මුනවීර (මීගමුව ක්‍රිකට් සමාජය) පැතුම් නිශ්ශංක (එන්.සී.සී.) ශතක වාර්තා කළහ.

    ‘බී’ කොටසේ තරගාවලියේ දී ශ්‍රී ලංකා පොලීසිය, කලුතර නගර කණ්ඩායම කඩුලු තුනකින් පරාජය කළේය. මේ තරයේ මුල් ඉනිමේදී නාවික හමුදා කණ්ඩායමේ සවිදු පීරිස් ලකුණු 7ට කඩුලු පහක් බිදදැමීය.

‘ඒ’ කොටසේ තරගාවලිය

  • සී.සී.සී – බී.ආර්.සී.

කොළඹ ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී අතර තරගයේදී මුලින් පන්දුවට පහරදුන් කොළඹ ක්‍රීඩා සමාජය (සී.සී.සී.) මුල් ඉනිම සදහා ලකුණු 416ක් ලබාගත් අතර එහි දෙවන කඩුල්ලට මිනෝද් භානුක සහ රොන් චන්ද්‍රගුප්ත ලකුණු 193ක සබදතාවයක් තබාගත්හ.

  • සී.සී.සී. පළමු ඉනිම පන්දු වාර 77.1කදී සියලුම දෙනා දැවී 416යි

මිනෝද් භානුක 108, රොන් චන්ද්‍රගුප්ත 95, ලසිත් අබේරත්න 84, වනිදු හසරංග 63, දුවිඳු තිලකරත්න 102ට 6යි, තරිදු කෞෂාල් 125ට 4

  • බී.ආර්.සී.පළමු ඉනිම පන්දු වාර 8කදී කිසිවකු නොදැවී 24යි.
  • ශ්‍රී ලංකා යුද හමුදාව – කෝල්ට්ස් ක්‍රීඩා සමාජය

කෝල්ට්ස් කණ්ඩායමේ දිල්රුවන් පෙරේරා ලකුණු 58කට කඩුලු පහක්ද නිසල තාරක ගමගේ ලකුණු 47කට කඩුලු හතරක්ද දවාලීම මත යුද හමුදාව මුල් ඉනිමේදී ලබාගත්තේ ලකුණු 270කි. යුද හමුදා නායක අසේල ගුණරත්න ලකුණු 87ක්ද හිමාෂ ලියනගේ 73ක්ද රැසකළහ.

  • ශ්‍රී ලංකා යුද හමුදාව පළමු ඉනිම පන්දු වාර 89.3කදී සියලුදෙනා දැවී 270

අසේල ගුණරත්න 87, හිමාෂ ලියනගේ 73, දිනේෂ් චන්දිමාල් 44, දිල්රුවන් පෙරේරා ලකුණු 58ට කඩුලු 5යි, තාරක ගමගේ 47ට 4

  • එස්.එස්.සී. – මීගමුව ක්‍රිකට් සමාජය 
  • මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දු වාර 90දී කඩුලු 5ට 338යි.

මීගමුව ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා දිල්ෂාන් මුනවිර (120) සහ අෂේන් සිල්වා (66) මුල් විකට්ටුවට ඕවර 51කදී ලකුනු 189ක් රැස්කළහ.

  • මීගමුව ක්‍රිකට් සමාජය මුල් ඉනිම පන්දුවාර 90කදී කඩුලු 5ට 338 

දිල්ෂාන් මුනවීර 120, අෂේන් සිල්වා 66, මාධව වර්ණපුර නොදැවී 66, පසිදු ලක්සක 40, චරිත් අසලංක 19ට 1යි,  සදුන් වීරක්කොඩි 9ට 1යි.

  • එන්.සී.සී. – ලන්කන් ක්‍රිකට් සමාජය

එන්.සී.සී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක (129) සහ උපුල් තරංග (69) තෙවන කඩුල්ල ලකුණු 145ක් එක්කරමින් දස්කම් පෙන්වූහ.

  • එන්.සී.සී.මුල් ඉනිම ඕවර 89.5දී කඩුලු 6ට 403යි.

පැතුම් නිශ්ශංක 129යි, උපුල් තරංග 69, ඇන්ජලෝ පෙරේරා 51, සමන් කංකානම්ගේ 10ට 1, චානක රුවන්සිරි 47ට 1,

  • ටැමිල් යූනියන් – හලාවත මේරියන්ස්

ටැමිල් යූනියන් පළමු ඉනිම ඕවර 63.2 දී 162යි.

තරංග පරණවිතාන 45, මධුක ලියනපතිරණගේ 34, අසිත ප්‍රනාන්දු 50ට 5යි, තීක්ෂිල ද සිල්වා 42ට 4යි

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 21කදී කඩුලු 2ට 92යි.

ලසිත් කෲස්පුල්ලේ 53, ඕෂද ප්‍රනාන්දු නොදැවී 31

“බී” කොටසේ තරගාවලිය

  • ශ්‍රී ලංකා පොලීසිය කඩුලු තුනකින් කලුතර නගර කණ්ඩායම පරාජය කරයි.
  • කලුතර නගර කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 65.1කදී සියලුදෙනා දැවී 160යි

හසිත නිමල් 45,  අසේල සීගේරා 30ට 4, මොහෙමඩ් ෆහීම් 43ට 3

  • දෙවන ඉනිම පන්දුවාර 68.3 කදී සියලුම දෙනාදැවී 160යි

එරංග රත්නායක 34 ඉෂාන් අබේසේකර 40, මංජුල ජයවර්ධන 31ට 4, ආර්.සිල්වා 44ට 3

  • ශ්‍රී ලංකා පොලීසිය පළමු ඉනිම පන්දු වාර 61.2කදී සියලුම දෙනා දැවී 184යි.

මධුරංග සොයිසා 49, ගිම්නාෂ් කේරා 65,ලක්ෂාන් රුද්‍රිගෝ 25 ඉෂාන් අබේසේකර 48ට 5 

  • දෙවැනි ඉනිම කඩුලු 7ට 137යි.

ගිම්නාෂ් කේරා නොදැවී 43,සුපුන් මධුශංඛ 31, ඉෂාන් අබේසේකර 76ට 4

  • මහනුවර ආගමන විගමන කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය
  • මහනුවර ආගමන විගමන කණ්ඩායම පළමු ඉනිම සියලුදෙනා දැවී පන්දුවාර 27දී ලකුණු 46යි.

අකිල් ඉන්හම් 13, සවිදු පීරිස් 7ට 5, ඩී.අයුවාඩ් 21ට 4

  • ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පලමු ඉනිම පන්දුවාර 63දී කඩුලු 6ට 219යි.

සුපුන් ලීලාරත්න 62, තනුෂාන් ඉද්දමල්ගොඩ 65, සචිත්‍ර පෙරේරා 69ට 4

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – ගාල්ල ක්‍රිකට් සමාජය
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව පළමු ඉනිම පන්දු වාර 34.5 දී සියලුදෙනා දැවී 96යි.

උදය පරාක්‍රම 22, නිලුෂ නෝනිස් 23, එච්.දිල්ෂාන් 29ට 3

  • ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර 53දී කඩුලු හයට 165යි.

ජේකබ් සහන් 35,මිනුර දුල්සර නොදැවී 60, ඒ.ප්‍රේමරත්න 25ට 3

  • කුරුණෑගල තරුණ ක්‍රිකට් කණ්ඩායම හා වරාය අධිකාරිය
  • කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පන්දුවාර 74.4කදී සියලු දෙනා දැවී 235යි.

කේෂාන් වන්නිආරච්චි 97, රන්දීර රණසිංහ 82, එන්.කොමසාරු 72ට 5යි.

  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය කඩුලු 1ට 28යි පන්දුවාර 12.3යි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar