slc
logo
Home   |    News
ජූලි 29, 2020
ක්‍රිකට් උප සභාපති තනතුරට ආචාර්ය ජයන්ත ධර්මදාස

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරන ලද කේ. මතිවානන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඒ පිළිබඳව ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා වෙත අද (29 වැනිදා) භාර දී තිබේ.

මෙම තත්ත්වය මත අද පස්වරුවේදී හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවමින් මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගෙන තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවේ විධිවිධානවලට ප්‍රාකාරව පුරප්පාඩු වූ තනතුර සඳහා උප සභාපතිවරයකු පත්කිරීමට පියවර ගනු ලැබීය. 

ඒ අනුව හිටපු ක්‍රිකට් සභාපතිවරයකු වන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපති ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ඒකමතිකවම තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එම ඉල්ලා අස්වීම සිදුවන්නේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඒකමතිකව ගනු ලැබූ තීරණයෙන් පසුව බවයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee