slc
logo
Home   |    News
මැයි 6, 2024
ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

sinhala editor

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට බංග්ලාදේශයේදී දිග හැරෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී සත්කාරක එක්සත් අරාබි එමීර් පිල අවසන් පූර්ව තරගයේදී ලකුණු 15 කින් පරාජයට පත් කරමින් මෙම වටිනා අවස්ථාව උදාකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 149 ක් රැස් කරන ලදුව ඊට පිළීතිරු ලෙස එක්සත් අරාබි එමීර් පිලට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. ඒ අනුව මෙම තරගාවලියේදී ලෝක කුසලාන වරම දිනාගත් දෙවැනි කණ්ඩායම බවට ශ්‍රී ලංකාව සමත්වද්දී මෙම තරගාවලියේ ඔවුන්ගේ අවසන් මහ තරග ප්‍රතිවාදීන් බවට පත්ව සිටින ස්කොට්ලන්ත කණ්ඩායම, එහි පළමු හිමිකරුවන් බවට පත්වූවේය.

දෙපිළ අතර පැවැත්වෙන අවසන් මහ තරගය මැයි මස 07 වැනිදා මෙම තරගය පැවැතිම අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වනු ලැබෙන නමුත් එම තරගයේ ප්‍රතිඵලය, ඉදිරි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා කිසිදු බලපෑමක් සිදුනොකරනු ඇත.

ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එම මස 20 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙනු ඇත.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 7.2 ක් ඇතුළත ශක්තිමත් ආරම්භයක් එක් කළ අතර එහිදී  ආරම්භක පිතිකාරිණියන් වන විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු ලකුණු 52ක සබඳතාවයක් එක් කළහ. අතපත්තු (21) පිට පිට හයේ පහර දෙකක් ඇතුළුව දැවැන්ත පහරවල් කිහිපයක් සමඟින් තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉවතට ගෙන යන බවට තර්ජනය කළ නමුත් පා දඟ පන්දු යවන ක්‍රීඩිකාව වන වෛෂ්ණවේ මහේෂ් (2/33) විසින් ශ්‍රී ලංකා නායිකාවගේ කඩුල්ල දවා ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සැනසුම් සුසුමක් හෙළීමට ඉඩ සැලසීය.

ඉලක්කය හඹා යෑමේදී චමරි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් රාත්‍රියේ හොඳම පන්දු යවන්නා වූයේ ඕවර 4කදී ලකුණු 28කට කඩුලු 2ක් දවා ගනිමිනි. සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ උදේශිකා ප්‍රබෝධනී කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 6 ට ලකුණු 149 යි (විශ්මි ගුණරත්න 45, හර්ෂිතා මාධවී 24, චමරි අතපත්තු 21, ඊෂා ඕසා 27/2, වෛෂ්ණවේ මහේෂ් 33/2)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඕවර 20 කදී කඩුලු 7 ට ලකුණු 134 යි (ඊෂා ඕසා 66, කුෂි ෂර්මා 22; චමරි අතපත්තු 2-28)

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee